පොසොන් පොහෝදා ධර්ම දේශනාවක් සඳහා වැඩම කරමින් සිටි හිමි නමකට හා එම හිමි නම කැඳවාගෙන ගිය රථයේ රියදුරුට පහර දුන් බව කියන සැකකරුවන් තිදෙනා ජුනී මස 25 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් එදින හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කළුතර අතිරේක මහේස්ත්‍රාත් අයේෂා අබ්දීන් මහත්මිය නියෝග කළාය.
දර්ගා නගරයේ කන්දවත්තේ පදිංචිකරුවන් වු මොහොමඩ් අමීන් මොහොමඩ් අස්තාර්,මොහොමඩ් අමීන් මොහොමඩ් අර්ෂාන් හා මොහොමඩ් අමීන් මොහොමඩ් අපහාර් ඔවුහුය.
පහර කෑමට ලක් වු බව කියන දර්ගා නගරය කුරුදුවත්තේ ශ්‍රී විජයාරාම විහාරාධිපති අයගම සමිත හිමියන් හා රියදුරු එස් විශ්වා රෝහල් ගත කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් එනවා උදව්වට. හාමුදුරුවන්ට සහ රියදුරු මහතාට ඉක්මන් සුව ප්‍රර්ථනා කරනවා (නදී)
දැන් ටික දවසක ඉඳලා රටේ සිද්ධ වෙන දේවල් නම් ඉදිරි පැවැත්මට එච්චර සුභ නැහැ (නි)
වෙච්ච වැරැද්ද පිළිබද කණගාටුව ප්‍රකාශකළ මුස්ලිම් ආගමික සහෝදරන් හා සියලුම ශ්‍රී ලංකික සිංහල සහෝදර සහෝදරියන්ගේ ඉවසීමේ ගුණය හා කණගාටුව ප්‍රකාශයන් ගැන අවංකව ම සතුටට කාරණාවක්,අපි හැමෝම ඉපදෙන්නේ මැරෙන්න මිසක් සදාකාලිකව අමරණීයව ජීවත් වෙන්න නොවෙයි,මොන ආගමේ උනත් මෙවැනි නොහික්මුණ පුද්ගලයන් ඉන්නවා,අපි මේ සිද්ධියේ දී ආගම ගාවගන්නේ නැතිව කටයුතු කරමු, නීතිය මගින් ඔවුන්ට නිසි දඩුවම් ලබාදීලා මානසික ගුණවගාව ,සමගිය,සහයෝගයේ වටිනාකම උගන්වමු ,(ස)
නැඟී සිටිය හැක එක්සත් වී... බෙදීගියොත් රට යයි සුන්වී... (නි)
අපේ පලකයෝන්ගේ වැරදි. එතුමන්ලම තමා නියපොත්තෙන් කපන්න පුළුවන් දේවල් පොරෝවලින් කපන්න සලස්වන්නේ. (අ)
මේ 3න් දෙනා කරලා තියෙන්නේ ලොකු වැරැද්දක්. එයාල වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. පස්ලුර් ගෆූර් කටාර්, සෞදි රිස්වාන් , ඔබ හරි. බෞද්ධ සහෝදරයන්ගේ 'මෛත්‍රිය' මා අගය කරමි (නදී)
මම නම් කියන්නේ මේ අවනවශ්‍ය ප්‍රශ්න අවශ්‍යම නැහැ කියලයි (නි)
වැඩි දෙනාගේ අදහස් ඉතා හොඳයි. කාලෙකට පස්සේ මේ වගේ පුවතකට දැකපු හොඳම අදහස්. හුඟක් වෙලාවට දකින්නේ ජාතිවාදී අදහස්. අලුත්ගම පැත්තේ ජාතික සමගියට පියවර ගත්තොත් හොඳයි. පසුගිය කාලෙත් සිද්දියක් වුනා නේද? (නදී)
මොහොමඩ් රිස්වාන් මේ තුන්දෙනාට ස්ව්දියේ මෙවැනි වරදක් කල අපේ අයට දෙන දඬුවම මෙහෙ දෙමු නේද? (දී)
"හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්නේ දැන් අත්අඩංගුවේ ඉන්න අය හඳුනගන නොවේද," මේගොල්ල සැකකරුවන්, බොහෝදුරට වරද කළවුන් (දී)
අපේ රටේ ඉන්න සුළු ජාතින් අපටම පහර ගහන හැටි (දී)
අනේ මන්දා මේ වෙන දේවල් කොහොම විසඳාගන්නද කියලා (නි)
සහජීවනයේ තරම තමා (අ)
මොකද මේ හාමුදුරුවරුන්ට පහර දෙන්නේ? මොකක්ද ඔවුන් මේ තිදෙනාට කළ වැරැද්ද? (නි)
අනේ මන්දා, මේ යන විදිය නම් එච්චර සුභ නැහැ. අපි හැමෝටම ඇයි සමගියෙන් ඉන්න බැරි? (නි)
අනේ මන්දා, ඉදිරියට මේ රටට මොනවා වෙන්න යනවද මන්දා? (නි)
මොනවා වුණත් සිදුවුණ දේ නම් වැරදියි. කලකෝලාහල කරගන්නේ නැතුව සාමයෙන් සමගියෙන් ඉන්න පුලුවන් රටක් මේක (නි)
මේ අවස්ථාවේ ඉවසීමෙන් ක්‍රියා කරමු. හැම ජන කොටසකම අන්තවාදී පිරිසක් ඉන්නවා. ඔවුන් නිසා මධ්‍යස්ත අපි ප්‍රශ්න ඇති කරගන්නේ මොකටද ? නීතිය අතට නොගෙන ඉන්න තරමට මේ ප්‍රශ්නය හොඳින් විසදේවි. (නි)
අපි තව ටික දවසක් බලමු මොකද වෙන්නේ කියා (දී)
මේ වගේ වැඩ නොකළ යුතුයි. සියලු සත්ත්වයාට අපි මෛත්‍රී කළ යුතුයි (නි)
අපි කවදක් වත් මුස්ලිම් පල්ලි වලට වත ඒවගේ ඉන්න අයටවත් කරදර කරලා නැහැ (දී)
බලනකොට දැන් ඉන්න කට්ටිය හරිම චණ්ඩි වෙලානේ... (නි)
ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය ලැබේවා! (නි)
මේ වගේ වැඩ වලින් තමන්ටමයි ගහගන්නේ (නි)
මෙය සුළුවෙන් තැකිය නොහැකි කාරණයක් යැයි හැඟේ (නි)
මෙය වෙනත් යමෙකුගේ අවශ්‍යතාවයකට සිදුකරන ලද්දක්දැයි කියා මට සැකයි (නි)
නිවට දේශපාලකයින්ගේ නොසැලකිල්ල නිසා වෙන දේවල් නෙවේද මේ...... (දී)
හැම ආගමක්ම එකයි කියමින් අපේ සර්වාගමික වාදියො අතුරු මිතුරු කරනවා. (දී)
අන්තිමට මේවායින් නරක නාමයක් එන්නේ අපේ රටටමයි
මේ අසමඟිකම්, කලකෝලාහල අපේ පුංචි රටට ගැළපෙන්නෙ නැහැ (නි)
අපි ඉවසීමෙන් කටයුතු කරන තරමට මේ ප්‍රශ්න දුරදිග යන්නේ නැතුව විසඳෙනවා. කණගාටුව ප්‍රකාශ කල උදවියගේ මනුස්සකම අගය කරන්න ඕනෑ (නි)
මට නම් මේ ගැන කිසිම දෙයක් හිතාගන්න බැහැ (නි)
ඔය හදන්නේ නයාට ගහල පොල්ල වරද්ද ගන්න තමයි (දී)
අපිට කතාකරලා ඕනෑම ප්‍රශ්නයක් විසඳාගන්න පුලුවන් නේද? (නි)
ලෝකයේ 99%.ක්ම ත්‍රස්තවාදය මේ අන්තවාදය මුල් කරගෙන පැවතෙන්නක්. මෙවායින් ප්‍රයෝජනය ගන්නේ දේශපාලකයින් (නදී)
මේ වගේ ප්‍රශ්න වලින් නරක නාමය එන්නේ අන්තිමට අපේ ශ්‍රී ලංකාවටම තමයි (නි)
ඇයි මිනිසුනේ මේ කලබල? මොකද සමගියෙන් ඉන්න බැරි? (නි)
මේක අපි හැමෝටම එකට ජීවත්වෙන්න පුලුවන් රටක් නේද? (නි)
ජාති වාදී ප්‍රශ්නයක් නොවෙයි මම කියන්නේ කවුරු හරි තවත් කාට හෝ කෙනෙහිරිකමක් කලොත් ඒ ගැන පොලිසියෙන් සොයා බලන්න ඕනේ (දී)
ස්තුතියි (දී)
එම හාමුදුරුවන්ට මේ තිදෙනා පහර දී ඇත්නම් මුස්ලිම් ජාතිකයෙක් හැටියට මා සමාව අයදිමි. සෑම ජාතීන් අතරම මේ වගේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරගන්න පුද්ගලයන් ඉන්නවා. අපි සැම සහයෝගයෙන් ජීවත්වීමට උත්සාහ කරමු. (නි)
ඉවසීම මදි පුංචිකමක් නෙමෙයි. එය ශක්තිමත්භාවයේ සංකේතයයි. මේ වෙලාවේ රටේ හොඳ නම සහ පුරවැසියන් අතර සමගිය තරම් වැදගත් කිසිම දෙයක් නැහැ. (නි)
අපේ සමහර පුද්ගලයින්ගේ හැසිරීම බොහොම ලැජ්ජාසහගතයි. කිසිම හික්මීමක් නැතුව ඔහේ කටයුතු කරනවා. මෙවැනි හැසිරීම් තිබෙන අය තමයි අනවශ්‍ය ප්‍රශ්න අවුළුවන්නේ. (නි)
මොනවා වුණත් රටක දියුණුවට ආගමික සහජීවනය වැදගත් වෙනවා (නි)
සිහිබුද්ධියෙන් බැලුවොත් ඕනෑම ප්‍රශ්නයක්, ප්‍රශ්නයක් නොවී නිරාකරණය කරගන්න පුලුවන් (නි)
සියලු දෙනාම සමගියෙන් ජීවත්වෙන්න හොද අදහස් දාල තියනවා ස්තුතියි (දී)
මිනිසුන් අතර ගැටීම් ඇතිවීම සාමාන්‍ය දෙයක්. ඒකට වෙන වෙන හේතු ගාවාගන්න එපා
බලමු මොකද වෙන්නෙ කියලා (නි)
සාධාරණ පරීක්ෂණයකින් පසු වරදකරුවන් හට උසාවියෙන් පමුණුවන ඕනෑම දඩුවමකට දෙපාර්ශවයෙන් ඕනෑම කෙනෙක් යටත්විය යුතුයි. (නි)
මම නම් කිසිම දිනක මේ වගේ කලකෝලාහල අනුමත කරන්නෙ නැහැ (නි)
දැන්නම් පාරේ යන්නත් බයයි මට නම් (නි)
සෞදියේ දඩුවන් දෙන්න ඕනේ (දී)
හරිම සන්තෝසයි බලන්න කිසිම සිංහල මිනිහෙක් වචනයකින් වත් බැනල හෝ සාමය කඩවන වචනයක් පාවිච්චි කරලා නැ හිතන්න අපේ ඉවසීමේ තරම රටේ මිනිස්සු දැන් හරිම බුද්දිමත් මේවා අවුස්සන ජාතිවාදීන්ට ස්භාවධර්ර්මයෙන් දඩුවම් දෙයි . බුද්දීමත්ව බලා ඉන්න . (අ)
කවුරු උනත් කරපු 1 හොද නැහැ නේද? (අ)
මේ රටේ බහුතර ජනතාවට ආගමට ජාතියට හිමි වරුන්ට තඩි බෑවත් පුදුම ඉවසීමක්නේ තියෙන්නේ. සහජීවනේ කියන්නේ සමගියෙන් ගුටි කාළා සිටීම. නිවටකමත් සහජීවනය රැක ගන්න හොදම මාවතයි. නරක එක වචනයක්වත් කීවෝත් සමාව ගත යුතු කාරණාවක්. ගුටිකාලා නිහඬව සිටීම නිවට කමක් කියලා හිතන්න එපා. වීරයෝ වගේ සහජීවනයෙන් සිටිය යුතුයි. (දී)
කෝ එතකොට අනිත් එක්කෙනා (නදී)
සමන්ත නියම සිංහලයෙක්. සිංහල කම ගැන කතා කලොත් ජාතිවාදිකමද? (නදී)
''මොහොමඩ් රිස්වාන්'' ඔබ වැනි මනුෂ්‍ය ගති ඇති පුද්ගලයෝ අද සමාජයේ බොහොම විරලයි. හැම කෙනෙකුටම ඔබ වාගේ හිතන්න පුලුවන් නම් අපේ රට කොච්චර සුන්දර වෙයිද? මිනිසුන් ජාති ආගම් පාට වලින් අන්දවෙලා ඉන්නේ. සියලුම දෙනා එකාවගේ සමගියෙන් ඉන්නවා නම් කොච්චර වටිනවද ? ඔබගේ අදහස සිංහල බෞද්ධයෙක් හැටියට මම ගොඩාක් අගයකරනවා. (නදී)
මුලින්ම මා මේ සිදුවීම ගැන මාගේ කනගාටුව පලකරන අතර මේ අය ගැන ස්වාධීන හා සාධාරණ පරීක්ෂණයක් කර දැඩි දඬුවම් දිය යුතුය. ඉතාමත් ඉවසීමෙන් හා බුද්ධිමත්ව අදහස් දාපු සියලු දෙනාට මාගේ ස්තුතිය. මේ 3 දෙනකු සම්බන්ධ උනු සිදුවීමක් පමණක් නිසා කිසිම ආගමක් මේ ප්‍රශ්නයට සම්බන්ධ නොකර සිටීම වඩා වැදගත් ලෙස සලකමි. අලුත්ගම සිංහල මුස්ලිම් ජනතාව සාමදානයෙන් සහයෝගයෙන් රට ගැන සිතා එකමුතුව ජීවත් විය යුතුය යනු මාගේ හැගීමයි (නදී)
මේ අපේ ඒරියා එකයි ඒගොල්ල එහෙම කීවාලු නේ. එහෙම තියෙනවද? (දී)
එතකොට පොලිසියට අවම බලය මතක් වෙලා නැද්ද ? (නදී)
හදුනා ගැනීමේ පෙරට්ටුවක් තියන්නේ දැන් අත්අඩංගුවේ ඉන්න අය හඳුනගන නොවේද, ? අත්අඩංගුවට පත්ව ඉන්නේ. අවම වසයෙන් දින 14 කට අත්අඩංගුවට පත්වන්නේ වැරදී කරුවෝද ? නිවැරදි කරුවෝද? (නදී)
මම පළමුව සමාව අයදිමි මා නොහික්මුණු සිද්දිය පිළබඳ දෙවනුව මා ප්‍රථම වතාවට සතුටු වෙනවා අපේ සහෝදරයින්ගේ අදහස් දැකලා මෙම සහෝදරත්වයයි අපිට අවශ්‍ය වෙන්නේ (දී)
මේක ජාතිවාද ගැටුමක ආරම්භයක් විය හැක. කල්පනාකාරීව කටයුතු කරමු. (දී)