2014 ජූනියේදී අලුත්ගම, දර්ගා නගරයේ ඇති වූ ගැටුම්කාරි තත්ත්වය වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු නොකිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ ජනවාරි 27 වැනි දින විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා,ප්‍රියන්ත ජයවර්ධන ,උපාලි අබේරත්න යන ත්‍රි පුද්ගල විනිසුරු මඩුලක් විසින් මෙය තීන්දු කලේය.
දර්ගා නගරයේ හටගත් ගැටුම්කාරි තත්ත්වය වැළැක්වීම සඳහා පොලිසිය කටයුතු නොකිරීම හේතුවෙන් විශාල ජිවිත හා දේපළ හානියක් සිදු වූ බව පෙත්සම්කාර මොහොමඩ් ෆයිසාල් ඇතුළු මුස්ලිම් ජාතිකයින් පස් දෙනෙකු ගොනු කළ අදාළ පෙත්සම් පහෙහි පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ඇතුළු පස් දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෙළපාලි යන්න කාගෙන්වත් අවසර ගන්න ඕන නෑ. හැමෝටම. (ස)
කවුරු කළත් අපරාධකරුවන්ට නිසි දඬුවම් දියයුතුයි. (නි)
ගැටුම පටන් ගත්ත අයටත් දඬුවම් කරනවද? (ම)
බොදු බල සේනාව මගින් අන්තර්ජාලයට එක්ක කල වීඩියෝ එක බැලුවනම් වගකිව යුත්තෝ කවුද කියල පෙනේවි..සාමකාමී පෙළපාලියකට සංවිධානාත්මකව ගල් මුල් එක් රැස් කරන් උස් ගොඩනැගිලිවල ගොඩ ගහගෙන පහර දුන්නේ සිංහල බෞද්ධයින් නම් නෙමෙයි..ඔය කියන අසාධාරණයට පත් වුනු අයම තමයි..(ස)