(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අවසර ලබා දී ඇත්තේ ජංගම දුරකථනය ක්‍රියාත්මක කරමින් සිටීමට නොවන බව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා දැනුම් දුන්නේය. මේ පිළිබඳව මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට දැනුම් දී එසේ නොකරන ලෙස ඔහුට අවවාද කරන ලෙස මහේන්ද්‍රන් මහතා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.
වත්මන් රජය යටතේ භාන්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා පත් කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්කි විභාග කිරිමේ කටයුතු සිදුවන අතරතුර එම කටයුතු මඳකට නවතා දැමු කොමිසමේ සභාපති කේ.ටී. චිත්‍රසිරි මහතා ඒ බව නීතීඥ චානක ද සිල්වා මහතාට දැනුම් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසාවිය තුල හැසිරීමට නොදත් අයෙක්ද අපගේ මහබැංකුව පාලනය කරලතියෙන්නෙ? නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
අගමැතිතුමා මේ මිනිහට නිතිය ඉදිරියේ හැසිරෙන පිළිවෙල කියල දෙන්න
ඔය "මගුල" උසාවිය ඇතුලට ගෙනාවේ කාටවත් කෝල් කරන්න නෙවි. උසාවිය ඇතුලේ කෙරෙන නීති ප්‍රශ්න වගේ දේවල් පිටතට යවන්න හෝ රහසින් රෙකෝඩ් කරලා පසුව ප්‍රයෝජන සඳහා ගන්නයි. ඔය ඇම්බැට්ටය ගැන අපි නොදන්නවයි !!!!!