
(ගයාන් සූරියආරච්චි)
වෙන්නප්පුව ප්‍ර දේශයේ භූගතව ඇද තිබූ රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා දුරකතන රැහැන් කපාගෙන ගොස් පරණ යකඩ බඩු කඩවලට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ටෙලිකොම් ආයතනයේ සේවය කළ කාර්මික ශිල්පීන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි වෙන්නප්පුව පොලිසිය පවසයි.
වෙන්නප්පුව තුණුවිල හන්දියේ සිට කිරිමැටියාන හන්දිය අතර ප්‍ර දේශයේ කිලෝමීටර් 4 ක් පමණ දුරට ඇද තිබූ භූගත රැහැන් කපාගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 38, 43, 37, 35, 51, 45, සහ 56 වියේ පසුවන කටුනේරිය, මාරවිල, තොඩුවාව, කොස්වත්ත, ආනමඩුව සහ කොබෙයිගනේ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 7 දෙනකු බව පොලිසිය පවසයි.
ටෙලිකොම් ආයතනය මගින් වෙන්නප්පුව ප්‍රදේශයේ ඇද තිබූ භූගත දුරකතන රැහැන් වෙන්දේසි කිරීම සදහා ඒවා කපා ඉවත් කිරීමට පරීක්ෂා කිරීමේදී කිසියම් පිරිසක් විසින්එම රැහැන් කපා සොයාගෙන ගොස් ඇති බව නිරීක්ෂණයවී ඇති බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ලිපිය දැක්කාම මට මතක් වෙනවා දැනට අවුරුදු දෙක තුනකට පෙර අපේ නිවසට SLT Fiber පහසුකම් ගත්තේ... එසේ නොකළොත් බිදවැටීම් අලුත්වැඩියා නොකරන බවට එම ආයතනයේ සේවකයින් වාචිකව අපිව දැනුවත් කළ නිසා තමයි එයට පෙර අපි පියෝ ටීවී හා අන්තර්ජාල පහසුකම් ලබාගෙන තිබුණා. එහෙම වුණත් ගෙවීමට ආර්ථික ශක්තියක් නැතත් අපි ෆයිබර් පහසුකම් ගත්තා... එහෙම කළාම අපේ ගෙදරට ටෙලිකොම් කේබල් දෙකක් තිබුණා. එහෙම තියෙද්දී ටෙලිකොම් වාහනයකින් පැමිණි දෙතුන් දෙනෙක් අපිට තිබූ එක් කේබල් එකක් ගලවා ගෙනගියා. නමුත් අපේ නිවසට ආසන්න කිසිම නිවසක එහෙම ගෙනගොස් නැහැ. මෙයින් පේනවා ඔහොම එහෙම දේවල් කරනවා කියලා පැහැදිලිව කියන්න පුළුවන්..