‘ජනවාරි 08 වැනිදාට පෙර සාමාන්‍යයෙන් අපේ ප්‍රාදේශීය සභා මන්ති්‍රවරුන් එක්ක කතා කළහම කෑ ගහනවා කතා කරන්න එපා දුරකතන ටැප් කරනවා කියා. රාජ්‍ය නිලධාරින් දුරකතනයෙන් නිදහසේ කතා කළේ නැහැ. රටේ සාමාන්‍ය පොදු මහජනතාව නිදහසේ කතා කළේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ පහළ ශ්‍රේණිවල නිලධාරින් දුරකථනයෙන් නිදහසේ කතා කළේ නැහැ. මේ හැම කෙනෙකුටම අඩුම වශයෙන් දුරකථනයෙන් නිදහසේ කථා කරන්න නිදහසක් තිබුණේ නැහැ. මේ මාස 03 තුළ ඒ නිදහස ශක්තිමත් වෙලා තිබෙනවා.‘ යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති ජාතිය අමතමීන් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාවෙන්ම පේනවා රටේ අනාගත ආරක්ෂාව ගැන වෙන්න යන දේ. නිකන් වැඩ නැතුවට නෙමේනේ ඒ කාලේ දුරකථන ටැප් කලානම් එහෙම කලේ. ජාතික ආරක්ෂාව ගැන අවබෝධයෙන් හා සුදානමෙන් ඉන්නේ කොහොමද සිල් අරගෙන. මෙතන යහ පාලනය කියල කරන්නේ එක දෙයක්, ඒත් ඒකෙන් වෙන්නේ තවත් දෙයක්. වීරයින් නිරුවත් කර හෙළුව පෙන්වා පරාජිත බෙදුම්වාදීන් සතුටු කිරීම යහ පාලනේට අනුව මේ රටට කරන බරපතලම අපරාධයයි.(ස)
ආප්ප කාල පැදුරටත් හොරෙන් ගිහින් බලය ලබා ගන්න රට පාවා දෙන පිරිස සමග එකතු වුනු මොහු ගැන අපි දන්නවා.දුරකථන ටැප් කරා නම් කොහොමද රහසිගතව මෙයා දේවල් කළේ අගේ ඉඳන් කණ කන කෙනෙක්.හැබැයි ඔය ඇමෙරිකාව ගැන තලුමරන අයගේ නිවටකම අපි දන්නවා. (බ)
දැන් භය තිබුණු යුගය නොවෙයිනේ. (ස)
ගරු ජනාධිපති තුමනි,වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමට ශ්‍රිලන්කික ජනතාවට වඩා ඇමෙරිකාව කැපවීම් කළා.නමුත් ඇමෙරිකාව තම ජනතාවගේ පමණක් නොවේ මුළු ලෝකෙම ජනතාවගේ දුරකථන විතරක් නොවේ ඔක්කොම ටැප් කරනවා.එහෙනම් ඇමෙරිකාවේ යහපලෙනේ නෙහ නේද?(ස)
විපක්ෂයේ අපේක්ෂකයා හැටියට ඡන්දෙ ඉල්ලයි කියලාවත් දැනගෙන නොහිටියේ කොහොමද දුරකතන වලට සවන් දුන්නා නම්? (නි)
කුමාරන ඇමරිකාව ටෙලිපෝන් ටැප් කරන්නේ විපක්ෂය මර්දනය කරන්න නෙමේ. ලෝකයේ වැඩිම ත්‍රස්ථවාදී තර්ජන වලට ලක්වෙන රට නිසා..අනෙක ඔවුන්ට එහෙම තාක්ෂනයක් තිබ්බත් අධිකරන නියෝගයක් නැතිව ඇමරිකානු රජයට තමුන්ගේ මිනිස්සුන්ගේ දුරකථන ටැප් කරන්න බෑ..ඇමරිකානු නීති ගැන දැනගන්න ඒ ගැන ඉංග්‍රීසියෙන් පලවෙන පොතපත කියවන්න.. ලංකාවෙ පත්තර කෑලි වලින් ඇමරිකාව ගැන දැනගන්න බෑ (බ)
ඔය කතා වසර 5 ක් හෝ 10ක් පාලනය කරලා කියන්න පුලුවන් නම් තමයි පිළිගන්නේ. මොකද ප්‍රේමදාස, චන්ද්‍රිකා මහින්ද යුගවලත් මේවා සිදුවුණා (නි)
කොහොමද මේ උන්නැහේ කියන්නේ දුරකථන ටැප් කළා කියල .එහෙම කලානම් මෙයාගේ පොදු අපේක්ෂක මාෆියාව කලින්ම දැනගන්න තිබුනා. ආප්පත් කාල පැදුරටත් හොරා කරපු දේ බුද්ධිමත් ජනතාව දන්නවා. (ස)
අපේ අදහස් දාන සමහර අය කියන්නේ දුරකථන ටැප් කළාද දන්නෙත් නැහැ, නමුත් කළා නම් හොඳ හිතින් කරන්න ඇති කියලා. හරියට දෙවිවරු වගේ. ඒකටත් "ඔව්" කියයි. (නි)
ඒක ඇත්ත. වහල් මානසිකත්වයේ ඉන්න සමහරුන්ට ඒක තේරෙන්නේ නැහැ. (නි)
මහින්දට යුගයට තාමත් කඩේ යන අය ඉන්නවා කියලා අදහස් වලින් පෙනෙනවා (නි)
අමතක කරලමු පැරණි කතා - එක්වෙමු ජාතික දියුණ පතා (නි)
දුරකතන ටැප් කළේ රටේ ආරක්ෂාවට නොවේ, ඔවුන්ගේ අය ගැන තිබෙන අවිශ්වාසයට. (නි)