අලුත උපන් දරුවා බැලීමට කළුබෝවිල රෝහලට ගිය පිය පුතු දෙදෙනෙක් පොලීසියෙන් අත්අඩංගුවට ගෙන සිටිති.
වාට්ටුවට ගිය පුතා බිරිය ළඟ සිටි දරුවා එළියේ සිටි පියාට පෙන්වීමට රැගෙන යාමට උත්සාහ කළ බවත් ඊට එරෙහි වු රෝහල් සේවකයකුට හා ආරක්ෂ සේවිකාවකට ඔවුන් දෙදෙනා එක්ව පහරදී ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අරක්ෂක සේවිකාව රෝහල් ගත කරනු ලැබ සිටී.ඔවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩිහරියක් රෝහල් සේවකයෝ ඔයගනයට වැටෙනවා. එත් හොද අයත් ඉන්නවා. මේ සිද්දියේදී නම් රෝහල් සේවකයන්ට දොස් කියන්න බෑ. ටිකට් කපල අම්ම සහ ළමය යවනකම් ඔවුන් අත තමයි වගකීම. එම නිසා පිටතට ගෙනියන්න අවසර දෙන්න බෑ. (බ)
මෙහි බහුතර අදහස් වලට මමත් එකගයි.නමුත් දෙයක් කියන්න ඕනෙ.කළුබෝවිල රෝහල සිද්දි කිහිපයක් නිසා බැට කාපු රෝහලක්.ඔබට මතක ඇති මෙයට කලින් කළුබෝවිල රෝහලේ ළදරු පැහැර ගැනීම් දෙකක් සිදු උනා.එයින් පසු ඔවුන් මාතෘ ඒකකයට පිටස්තරයින් පැමිණීම සීමා කළා.ගැටළු ඇති වීමට එයත් ප්‍රධාන හේතුවක්. රෝහල් සේවකයින්ගේ ගති ගුණ ගැන කිසිත් නොකියමි. මන්ද මෙම ක්ෂේත්‍රයේම සේවය කල මා ද ඔවුන්ගේ තාඩන වලට ලක්වීමට සිදු වූ අයෙක් වීමයි. (ස)
මගේ දුව ඉපදුනෙත් කළුබෝවිල. බලන්න යන්න දෙන්නේ එකවතාවට එක්කෙනාටයි. නමුත් මම එතන හිටපු ඉහළ නිලධාරියෙක් එක්ක කතාකරලා මගේ අම්මාව ඇතුළට එක්කගෙන ගියා පොඩි වෙලාවකට. ඒ දේ ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්. ඒකට ඕනෑ කෙනෙක්ට ගෞරවාන්විතව කතාකරන හැකියාව විතරයි (නි)
කව්ද දන්නේ ළමයව විකුනන්න හැදුවද කියල ? නැත්නම් සීයාට ලෙඩ්ඩු බලන වෙලාවට ගියානම් මුණුබුරා බලන්න තිබුන . හැම දෙයකම පිළිවලක් තිබෙන්න ඕන (බ)
රෝහල් සේවකයා අල්ලස් කොමිසමට ඉදිරිපත් කලයුතු වේ. යහ පාලනය යටතේ මෙය අනිවාර්ය වේ. (ස)
කවුරු මොනවා කිවුවත් ඉපදුනු ළමයි වාට්ටුවෙන් පිට ගෙනියන්න බැහැ. එහෙම ගෙනිහිහින් අතුරුදන් වුණොත්, මාරුවුණොත් වගකීම තියෙන්නේ වාට්ටුවේ සේවකයන් අත. (නි)
මට වෙච්ච කලින් අත්දැකීම් මත ආය ළමයෙක් ලැබෙනවා නම් මම කවදාවත් රජයේ රෝහලකට නම් යන්නේ නැහැ (නදී)
ලංකාවේ තිබෙන යල්පැනගිය නීති, ඔලුව ඉදිමුන රෝහල් සේවකයින් සහ තමන්ගේ සීමාවන් නොදන්නා මහජනතාව... මේ වගේ දේවලට අඩු වැඩි වශයෙන් වගකිවයුතුයි. (නි)
මේ සිදුවීමට අදාළ නොවුණත් කාසල් රෝහල ගැන යමක් කිවයුතුමයි. එම රෝහලේ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම දෙනාගේ සේවය ඉතාම හොඳයි. මගේ දරුවා ඉපදුනේ මෙයට වසර 12 කට පෙර. එම දින කීපයේදී මම එය හොඳින්ම දුටුවා. (නි)
පහත තැනින් මිස ඉහළ තැනින් වතුර බහිනවා දැකල තියෙනවද? (බ)
අලුත උපන් දරුවෙකුට විෂබීජ වලට ඔරොත්තුදීමේ ප්‍රතිශක්තිය අඩු නිසා රෝගාබාධ වලට ඉතා ඉක්මනින් භාජනය වෙනවා. එම දරුවන් ආරක්ෂා කිරීම රෝහල් සේවකයන්ගේ වගකීමක්. අනික, දැන් ළමයින් මාරුකිරීමත් අපේ රටේ සිදුවෙනවා .මේ සියල්ලටම රෝහලේ කාර්ය මණ්ඩලය වගකිව යුතුයි නේද?බොහෝ දෙනෙක් වලිගය පාගාගෙන රේස් දුවන්න හදනවා (නි)
මෙතන ඔක්කොම වලිගෙ පටලවාගෙන. අලුත උපන් දරුවෙකු ඇයි දොස්තරගෙන් අවසර නැතිව පිටට ගෙනයන්නේ? බැරිවෙලාවත් විසබීජයක් ගිහිල්ල දරුවට මොකුත් උනොත් රෝහල් සේවකයන් තමයි වරදකරුවෝ වෙන්නේ. (ස)
අපේ මිනිස්සුන්ගේ බුද්ධිමත්කම තමයි පෙන්නේ. තමන්ගේ දරුවා ගෙදර ගෙනිච්චම ඕනෙතරම් බලාගන්න පුළුවන්නේ. අලුත උපන් දරුවෝ ප්‍රදර්ශන භාණ්ඩ නොවේ. අලුත උපන් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි රෝහල් වල නීති රීති හැදිලා තියෙන්නේ. පොඩි දරුවන් විසබීජ වලින් රැකගන්න, හොරුන්ගෙන් බේරගන්න. අපේ මිනිස්සු සංවරව සහයෝගය දෙනවා නම් ගැටළු ගොඩක් අඩු කරගන්න පුළුවන්. (බ)
අද ලංකාවේ සිදුවෙනදෙවල් දිහා බැලුවහම දරුවාව මව සමග රෝහලෙන් පිටවෙනතුරු මවගේ සහ දරුවාගේ වගකීම තියෙන්නේ රෝහල සතුවයි. විසබීජයක් දරුවාට ඇතුළු උනොත්,සොරකම් කොලොත් කවුද වගකියන්නේ. (බ)
ලේලියි මාමයි වලියක් වගේ... නැත්නම් ඉතින් රෝහලටම ගිය එකේ එළියේ නැවතුනේ මොකද? (නි)
කෝටි ගණන් හොරකම් කළ ලොක්කෝ අත්අඩංගුවට ගන්න බයයි. පොඩි හාල්මැස්සෝ දෙන්නෙක් අල්ලාගෙන හිරේ දාලා. හිරේ ඉන්න ඕනෑ අය ගෙවන වාට්ටු වල.අනේ මෙහෙමත් නීතියක් සහ පොලිසියක්! (නි)
රෝහලක සලකන්නේ රෝගීන්ගෙ ආරක්ෂාව, බලන්නආපු අය කවුද කියා සොයා බලන්නෙ නෑ. බැරිවෙලාවත් බබාව මෙි විදියට කවුරුහරි අරගෙන ගියොත් කවුද වගකියන්නේ? (ස)
සෑම් මහත්මයා මාත් එකඟය් ඔබ සමඟ "ඔලුව ඉදිමුන රෝහල් සේවකයින් හා සේවිකාවන්" මෙයාල හිතන්නේ මෙයාලගේ දෙමාපියන් විසින් ඉදිකරනලද රෝහල් කියලා. (අ)
පිටබැද්දර ජයා, මට හිතෙන්නේ දරුවාගේ පියාට පමණයි වාට්ටුවට යන්න අවසර තියෙන්නේ (නි)
රෝහල් වල නේවාසිකයන් සම්බන්ධයෙන් නීතිරීති තිබෙනවා. දරුවාව කවුරුහරි මව නොදැනුවත්ව රෝහලෙන් පිටකළා නම් ඒකටත් රෝහලේ පරිපාලනයට තමයි වැරැද්ද පැටවෙන්නේ. දරුවා එළියට ගෙනගිහින් විෂබීජයක් දරුවාගේ ශරීරගත වුණා නම් ඒකටත් අල්ලාගනීවි ප්‍රසුතිය සිදුකළ දොස්තරව.ඊළඟට වන්දි ඉල්ලා නඩු දමාවි. එම නිසා ඔය කූඩුවට දැමු දෙන්නාට තැනකට ගියාම එතන තිබෙන පොදු නීතියට ගරුකරන්න ටොකු ඇනලා හරි උගන්වන්න ඕනෑ. (නි)
අර්ජුන, ඔබ හරි. මොකක්ද මේ ලංකාවේ නීතිය. ලොක්කෝ ඉදිරියේ කකුල් වෙවුලන පොලිසිය අහිංසකයන්ට දාන ගෙම්බර් තමයි මේ. (නි)
රෝහල් සේවකයන් දුරදිග හිතාබලා කටයුතු කරන්න දන්නෙ නැද්ද (නි)
මොනවා උනත් නීතිය අතට ගන්න බෑ.රෝහල් සේවිකාව ගානට වැඩි නම් උසාවි ගෙනියන්න තිබුන පස්සේ.දැන් සේරම අනා ගත්ත (බ)
අර්ජුන, මෙතන තිබෙන ප්‍රශ්නය රාජකාරියේ යෙදී සිටි අයට පිටින් පැමිණි දෙදෙනක් පහරදීමයි. රාජකාරියේ යෙදීසිටි අය තම රාජකාරිය කරලා තිබෙනවා. දරුවා එළියට ගෙනයාමට ඉඩදුන්නා නම් අමාරුවේ වැටෙන්නේ රාජකාරි කළ අය. ඔබ රාජකාරි කළ අයගේ තත්වයට මොහොතකට වැටී බලන්න. (නි)
මීලග ප්‍රශ්නය ඔය එකක්වත් නොවෙයි, දැන් කියයි දරුවාගේ අපලයක් කියලා (නදී)