මීට සති දෙකකට පෙරදී සිය කුලුඳුල් දරුවා බිහිකරනු ලැබූ බොලිවුඩ් සුපිරි සිනමා නිළි කරීනා කපූර් පසුගිය සති අන්තයේදී සිය දරුවා ලැබීමෙන් පසුව පළමු වතාවට මාධ්‍යය හමුවේ පෙනී සිටියාය. ඒ කරීනාගේ සැමියා වන සිනමා නළු සායිෆ් අලි ඛාන් විසින් කරීනා වෙනුවෙන් සංවිධානය කළ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදීය.
මෙය මුම්බායි නගරයේ ප්‍රසිද්ධ %හිල්ටන්^ හෝටලයේදී පවත්වා තිබූ අතර, කරීනා හා සායිෆ් පමණක් මෙම භෝජන සංග්‍රහයට එක්ව තිබූ බව වාර්තා වේ. කෙසේ වෙතත්, මෙම භෝජන සංග්‍රහයට සායිෆ් හා කරීනාගේ පුත් තයිමුර් පැමිණි නොසිටි බවද සඳහන් වේ. පහත දැක්වෙන්නේ ඔවුන් දෙදෙනා මෙම භෝජන සංග්‍රහයට එක්ව සිටි මොහොතක ගත් ඡායාරූප කිහිපයකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd