(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම කොළඹ මාර්ගයේ දුර ගමන් සේවා බස් රථවල මගීන් හා බස් රථ රියදුරන් පුත්තලම සිරම්භිඅඩිය ප්‍රදේශයේදි පැය දෙකකට ආසන්න කාලයක් මාර්ගය වසා රථවාහන පොලිස් නිලධාරින්ට විරෝධය පළ කිරිම නිසා ගමනාගමන කටයුතු වලට බාධා එල්ල විය.
පුත්තලම අනුරාධපුර මාර්ගයේ ගමන් කළ යාපනය - කොළඹ , මන්නාරම - කොළඹ , අනුරාධපුර - කොළඹ දුර ගමන් සේවා බස් රථවල වැඩිපුර මගීන් රැගෙන යාම හේතුවෙන් අධිවේගී මාර්ග පොලිසිය දඩ කොළ නිකුත් කිරිමත් සමග මෙම උණුසුම් තත්වය මතුව තිබිණී .
දුර ගමන් සේවා බස් රථවල රියදුරන් පවසා සිටියේ මෙසේ වැඩි පුර රැගෙන ආ මගීන් කලාඔය සිට පුත්තලම දක්වා පමණක් ගමන් කරන මගින් බවත් වෙනත් ප්‍රවාහන සේවයක් නොමැති නිසා දෛනිකව මෙසේ මෙම මගින් රැගෙන එන බවත්ය.
මගින් පවසා සිටියේ තමන්ට මෙම මාර්ගයේ ගමන් කිරිමට වෙනත් පොදු ප්‍රවාහන ක්‍රමයක් නොතිබිම නිසා මෙම බස්රථවල ගමන් කිරිමට සිදුව තිබියදි ඒ කිසිවක් සොයා නොබලා රථවාහන පොලිස් නිලධාරින් දඩ නිකුත් කිරිම අසාධාරණ බවයි .
පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා එහි පැමිණ සියලුම රියදුරන්ට පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයට පැමිණෙන ලෙස දැන්වු අතර ඉන් පසු විරෝධතාවය අවසන් කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ධ සුඛෝපභෝගී බස් රථ වල හිටගෙන යන්න මඟීන් පටවා ගන්න තහනම්. මොකද වැඩිපුර මුදලකුත් ගෙවලා මඟීන් නැග්ගම බස් එක පිරිලා නම් බහින්න, තේ බොන්න ආදියට පමණක් නවත්වලා බස් රථය ධාවනය කරන්න ඕන. නැත්නම් වැඩි මුදලක් ගෙවලා එන මඟියට අසාධාරණයක්. ඔය විදිහට හිටගෙන යන්න මඟීන් පටව ගන්න ගිහිල්ලා තමයි බස් මඟ කොටන්නේ.
ඉතින් කොහොමද රට හැදෙන්නේ. පොලිසිය දඩ ගහන්න ඕන උන්ට ඕන විදියට. ඒ මදිවට මගියෝ. දඩ ගහන්නේ උන්ගේම හොඳට. හැබැයි උනුත් බස්වලට සපෝර්ට් . පුදුම රටක් නේ මේක.
මේ බස් සේරම අර්ධ සුඛෝපබෝගී. නමුත් පොල් පටවනවා වගේ ලෝඩ් කරනවා. ගණනේ අඩුවක් නෑ.
බස් රථ ගනන්කාර්යන්ගේ පමණක් නොව , බස් මගින් රැකීමට සිටින ජාතික ගමන ගමන් කොමිසමේ නිලදාරින්ගේත් කෙරුවාව ගැන පවසා වැඩක් නැත. බස් රථ හිමිකරුවන්ගේ සහ රියදුරු කොන්දොස්තරවරුන්ගේ එකම අවශ්‍යතාවය මගීන් නොමරා මරා මුදල සෙවීමය. ජාතික ගමනා ගමන කොමිෂන් සේවකයන්ගේ එකම බලාපොරොත්තුව කෙසේ හෝ වැටුප රැගෙන ගෙදර යාමය. මාර්ග පරීක්ෂකවරුන් ඇතත් මේ එකෙකු හෝ රියදුරුගේ බස් රථ පැදවිම සහ කොන්දොස්තරගේ කෙරුවාව දැක බලා ගැනීමට සාමාන්‍ය මගියන් සේ බස් රථ වල ගමන් කරන්නේද? එසේ කරන ලෙසට කොමිෂන් සබා කෙරුමන් උපදෙස් දී තිබේද?