(නිමල කොඩිතුවක්කු)
හිටපු යුද හමුදාපති ජනරාල් දයා රත්නායක මහතා සමගි ජන බලවේගය හා එක්වීම කිසිසේත් අනුමත කළ නොහැකි බව සමගි ජනබලවේගයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කොළඹ දී පැවසීය.
මේ සම්බන්ධයෙන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාට තමන් දැඩි විරෝධය පළ කළ බවත් මන්ත්‍රීවරයා සඳහන් කලේය.
රණවිරුවෙක් යැයි කියා දයා රත්නායක පක්ෂයට එක්වූයේ නම් රණවිරුවෙක් කියා ගෝඨාබය රාජපක්ෂටත් ආර්ථික විශ්ලේෂකයකු යැයි කියමින් අජිත් නිවාඩ් කබ්රාල්ටත් පක්ෂයට එක්වීමට හැකියාව ඇති බවත් එවැනි දෑ සිදුකිරීමට ඉඩදිය නොහැකි බවත් කොලඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා NPP වේදිකාවට එන්න ඔතන ඉන්න හොරු සෙට් එකක්
පක්ෂයේ ඉන්න පුළුවන් මෙයා කැමති අයට විතරද? එතකොට ඔයාට අකමැති අයට පුළුවන් නෙ අපිට එපා ඔයා ඒක නිසා ෆොන්සේකව අයින් කරන්න කියල පන්නලදාන්නත්. මෙයා ජනාධිපති වුනානම් මෙයාට කැමති අයට විතරයි පාර්ලිමේන්තුවට එන්න පුළුවන්.
සජිත් මහත්තයෝ මේ සරත් ෆොන්සේකා සමග කල්පනාකාරීව වැඩ කරන්න මෙයට තනිකරම ජනාධිපති වෙන පිස්සුව තියෙන්නේ මේ මනුස්සයට ජනාධිපතිකම දුන්නොත් එහෙම කිසිම දැනුමක් නැති මේ මනුස්සයා ඔක්කොටම කලියෙන් තරහාකාරයන්ට පන්න පන්නා පලි අරගෙන මේ රට බිමටම වට්ටලා දායි මෙයාව අතහරිනවා නම් බය නැතුව අතහරින්න මෙයාට කිසිම චන්ද පදනමක් නැහැ ඇත්තටම අපි මෙයාට චන්දය දුන්නේ සජිත් මහත්තයා හින්දා මේ සැරේ මෙයාට චන්දය දෙන්නෙම නැහැ,
මේ මිනිහට මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද ?
මෙතුමාගේ කතාව හරි කියන්න පුළුවන් මොකද පක්ෂයේ නම සමගි ජන බලවේගය වුනත් සභාපති නොදැන මෙහෙම වැඩ කලාම එතන සමගියක් කොයි,මෙයට පෙරත් ජනතා අප්‍රසාදය සහිත කියත්මගේ කෙනෙකුත් ගත්තා ඔහොම ගියොත් ඉතින් ජයග්‍රහණය සුම්මා තමයි
අර කියපු අයත් ගන්නව ෆොන්සේකා මහත්තයෝ ඔය සජිත්, ඔබතුමාට සුදුසු තැනක් නෙවෙයි ඔතන. ශාන්විජේලාල් වගේ අයට සහතික දෙන සජිත් කොහොමද පිරිසිදු රටක් හදන්නෙ? මම දැකපු කයිවාරුම දේශපාලඥයා තමයි සජිත්,
සරත් ෆොන්සෙකා මහත්තය යුද්ධයට හමුදා නායකත්වය දුන්න විශිෂ්ඨ සෙනපතියෙක් සහ වීරයෙක්.එත් දෙසපාලනයෙදි එතුමා කුකුල් කේන්තිකාරයෙක් වගේම කලබලයට පත්වෙනව.එයා මීට වඩා සන්වරව වචන පාවිච්චි කලයුතුයි.කන්ඩායමක් ලෙස පක්ශය එක්ක ඉදිරියට යා යුතුයි.එතුමගෙ ප්‍රකාස පක්ශයට හානි නොවිය යුතු බව තෙරුම්ගත යුතුයි.මේ වෙලාවෙ කට්ටිය එකතුකරගෙන හොරු සහ හොරුන් රකිමින් තමන්ගෙ පැවැත්ම කරගෙනයන පිරිස පරාජයට පත්කළ යුතුයි.එකට දයා රත්නායක ගෙ ශක්තිය එක්කරගැනීම හොද දෙයක්
සිංහයොත් බල්ලෝ වෙන කාලයක් එනවා.ඔයාටත් දැන් ඒ දේ තමා වෙලා තියෙන්නේ.රණ් විරු ගෞරවය සහ දේශපාලන ය පටල ගත්තම ඔහොම වෙනවා.දැන් ඔයාව මාකට් කරන්න බෑ.ඔයාට ජනපති වෙන්නත් බෑ.සජි බබා ජනපති වෙන්නේත් නෑ.ඒ නිසා ඕවා ගනන් ගන්න එපා.ඔහොම ඉන්න
SF දැන්. Expired 2009 පස්සේ මෙයා හිතුවේ යුද්දේ කලේ මෙයා තනියම කියල. අනික මෙයට politicians කෙනෙක් වෙන්න නුසුදුසු කම පෙන්නලා තියෙන්නේ. වයසත් 72. දැන් විශ්‍රම යන්න. තවත් බලු වන්න එපා. ඔයාට කවදාවත් මේ රටේ ජනාදිපති අගමැති ආරක්ෂා ඇමති වන්න බැහැ. ඔයා ගුණ මකුවෙක් කුකුල් කේන්ති කාරයෙක්. කරුණාකරලා දැන් යන්න.