IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දයාසිරිගේ වාරණය දීර්ඝ කරයි

(රෝෂන් තුෂාර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශන නිකුත් කිරීම වළක්වමින් එම පක්ෂයේ  හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය 08 දින නිකුත් කළ වාරණය නියෝගය ලබන 29 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු  සඳුන්විතාන මහතා අද නියෝග  කළේය.

හිටපු ජනපති හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ වැඩ බලන ලේකම් සාරථි දුෂ්මන්ත යන මහත්වරුන් දයාසිරි ජයසේකර මහතාට එරෙහිව ගොනු කළ පැමිණිල්ල සලකා බැලීමෙන් පසුව  මෙම නියෝගය නිකුත් කළේය .

2023 සැප්තැම්බර් 05 වැනි දින සිට පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ප්‍රධාන ලේකම් ධූරයෙන් ඉවත් කර ඇති විත්තිකරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් ධූරය පිළිබඳ සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් වැඩ බලන ලේකම්වරයාගෙ කටයුතුවලට බාධා වන   ප්‍රකාශ නිකුත් කරමින් සිටින  බවට පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කර කර කරුණු සලකා බැලීමෙන්  පසුව මෙම වාරණය නිකුත් කර තිබිණි  .

විත්තිකාර  ජයසේකර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ඉක්රාම් මොහොමඩ් මහතා ඊයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

 

 

 



අදහස් (0)

දයාසිරිගේ වාරණය දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 187 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site