වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර, එක්සත් ජාතික පක්ෂයේ හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ යන අයගෙන් රුපියල් කෝටි 200 ක් ඉල්ලා පැවරූ අපහාස නඩුව සමථයකට පත් කර ගැනීමට වගඋත්තරකාර මන්ත්‍රීන් අකමැත්ත පළ කිරීම නිසා විභාගය ජූනි 11 වැනිදාට කල් තැබීමට කොළඹ දිසා විනිසුරු ෆ්‍රෑන්ක් ගුණවර්ධන මහතා නියෝග කළේය.
දයාසිරි එක්සත් ජාතික පක්ෂයෙන් සන්ධානයට ගියේ අල්ලසක් ගැනීමෙන් යැයි ඔවුන් මාධ්‍ය හමුවකදී කළැයි කියන ප්‍රකාශයකට එරෙහිව වයඹ මහ ඇමැති මෙම නඩුව පවරා තිබුණි.
සමථයකට පත් කර ගැනීමට ඔහුද කැමැත්ත පළ කරමින් කලින් දිනයේ කියා සිටියේ ඔවුන් එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගත යුතු බවයි. එහෙත් වගඋත්තරකාර පක්ෂය ඊට එකඟ නොවීම නිසා සමථයක් ඇති නොවේ.
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු වැඩි කාලයක් මේක (නි)
ඊලග ඡන්දෙට සල්ලි නම් හොයා ගනී වගේ (නදී)
දැන් බලමු මොකද වෙන්නේ කියල අපේ වන් ෂොට්ට (බ)