දෙරණ රූපවාහිනියේ වාද පිටියේ දී අඟහරුවාදා (08) රාත්‍රී වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකර හා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ගුටිබැට හුවමාරු කර ගත්හ.
රටේ දේශපාලන තත්ත්වය ගැන චතුර අල්විස්ගේ මෙහෙයවීමෙන් මේ සාකච්ඡාව ඇරැඹිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහත්වරු ද මීට එක්වූහ.
දයාසිරි හා හරීන් ‘මෝඩයා, නපුංසකයා‘ වැනි වචන ද හුවමාරු කර ගත්හ. වචන හුවමාරුව ගැටුමක් දක්වා වර්ධනය වෙමින් තිබිණි. විවාදය මෙහෙය වූ චතුර අල්විස් විරාමයක් ප්‍රකාශයට පත් කළේ ඒ අවස්ථාවේ දී ය. ඉන් පසු විවාදය නතර විය. දෙදෙනා ගුටිබැට හුවමාරු කර ගත්හ. ඔවුන් අමාරුවෙන් දෙපසට කර මැදිරියෙන් කැඳවාගෙන යෑමට ද සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරාටෙත් දන්නවාද දන්නෙ නැහැ (නි)
දෙන්නටම ඉවසන්න පුරුදු වෙන්න වෙයි. (නි)
ඇමතිතුමනි, ලැජ්ජයි.... (නි)
දෙන්නටම දෙන දඩුවම මොකක්ද (නදී)
ඕකනේ මම ඉන්ටර්නෙට් එකෙන් විතරක් වාද කරන්නේ. කනට ඇහෙන්නේ නැහැ. ඇහැට පේන්නේ නැහැ. එහෙම නොවුනා නම් ඉතින් මේකේ ඉන්න වසවර්තියෝ විශේෂයෙන් බවලතියෝ මාව කොනිත්තල මරනවා. කවද හරි ඉන්ටර්නෙට් එකෙන් අතදාල කන හරහට ගහන්න පුළුවන් තාක්ෂණයක් හොයාගත්ත දවසකට මේ කොමෙන්ට්ස් දැමිල්ල නවත්තල දානවා. එතකම් ඉතින් අරින්නෙ නැහැ කී බෝඩ් එකේ අකුරු ගෙවිල මැකිලා කෑලි හැලුනත්. (නදී)
සමහරු අද ජීවතුන් අතර සිටියා නම් මේවා දැකලා පපුව පැලිලා මැරෙයි (නි)
ඇත්ත එළියට ආ විට වෙන දේවල් දැන්වත් තේරුම්ගන්න (නි)
දයාසිරි ඇමතිතුමනි, ඔබතුමා විරුද්ධ පක්ෂයේ සිටිද්දී අපිට ආණ්ඩුවේ දුෂණ හැම එකක්ම පෙන්නුවා. අපි ඔබතුමාගේ කතා පිළිගත්තා. අද කියනවා ආණ්ඩුව හොඳලු. ඔබව පිළිගතයුත්තේ මොන ආකාරයටද? කරුණාකර තරහා නොගෙන උත්තරයක් දෙන්න (නි)
ලංකා තිලක් ට බවලතුන් නැතිව මෙතන කිසිම අදහසක් සංකල්පනාවක් පහල වෙන්නේ නැති බව අපිට තේරිලා තියෙන්නේ තිලක්. (අ)
ඇයි අපිට මෙහෙම කරන්නේ? (නි)
හරින් මන්ත්‍රීතුමාව ඉදිරියට විවිධ ක්‍රම වලින් සමහරු අපහසුතාවයට පත්කරන්න හදාවි. ජනතාව මධ්‍යස්ථව බලාගෙන ඉඳලා හොඳ තීන්දුවක් ගනීවි. කොච්චර මැර බලයක් කාට තිබුණත් , ජන බලයට සියල්ල යටයි (නි)
මරු සීන් එක කොයිතරම් සන්වේදි ජනකද කොතරම් බොක්කෙන්ද මෙම ජන සේවය කරන්නේ මෙතුමාලා. මගෙන් ඔයාලට රෝස මල් මිටක් (අ)
අර නපුංසක කතාවේ ඇත්තක් තියෙනවද හැබෑට ? (අ)
ලංකා තිලක් බැරි වෙලාවත් ඔබත් ඡන්දෙ ඉල්ලන්න ගිහින් අලකලංචියක් සිද්ධ වුන කෙනෙක් නෙවෙයි නේ . මෙතන පල කල අදහස් නිසා මම ඇහුවේ. (අ)
දේශපාලනයට පිවිසි කෙනෙකුට තමන්ට කියලා ඉස්සෙල්ලම නැති වෙන්නේ මෙපණ කලක් තිබුන ලැජ්ජාවයි. මේක හැමෝටම පොදුයි. (අ)
කොහොමත් දැන් ඉදලම "මුහුණ අර්වරයන කරපු හෙල්මට්" අකක් සුදානම් කරගෙන ඉන්න.මේ යන ක්‍රමයට ඔහෙලා වගේ අයට ඉදිරිය එතරම් සුබ දායක නැහැ. (අ)
ඕක අද ඊයේ සන්ඩුවක් නොවේ.නායකයාව බෙදාගන්න, දකුණු අත වෙන්න, හුගක් ඉස්සර ඉදන් තිබුණු කෝන්තරයක්. (අ)
මේ එකම කණ්ඩායම ජනතාව ගොනාට අන්දන්න දෙකට බෙදිලා රටේ සම්පත් කොල්ල කන්න කරන නාඩගම් මොකද මුන්ට චන්දෙ දෙන අය පාරට එන්නේ පුන්නක්කු නැතිඋමම පමණි (අ)
මේඅය රටටම කියාපාන්නේ කුමක්දයි ඉතා පහදිලිය් මෙවනි ක්‍රියාකාරකම් නිර්ලජ්ජලෙස එලිපිට රගදක්වනව නම්.උගත්මිනිසුන් රටටබලාපොරොත්තුවන සුබසිද්දිය කොයිබටද?(අ)
කොයි දෙයකට වුනත් විනයක් අවශ්‍යයි. හික්මීමක් අවශ්‍යයයි. එහෙම නොඋනම මෙහෙම වෙනවා (නදී)
තිලක් ඩුබායි ඔය තාක්ෂණය හොයාගන්න කොට ඔයා සැතපිච්ච හතර රියනේ රූස්ස ගසුත් පැල වෙලා තියේවි. මම නම් මුණ ආවරණය කරපු හෙල්මට් එකක් දානවා. මම නිතරම බයිසිකලේ යන මනුස්සයනේ. ඩුබායි තිලක්ට වගේ යාන වාහන මට කොයින්ද? අනෙක ඉතින් බල්ලෝ බිරුවට හෙල්මට් දාන සිරිතක් නැහැනේ. හපන්න ආවොත් දෙන්න හොද දෙකේ දෙකේ පොල්ලක් ලෑස්ති කර ගන්නවා මිසක. (නදී)
රටේ ඇත්ත දේශපාලන තත්ත්වය මනාවට පෙන්නුවාට දෙන්නාටම ස්තුතියි. (නි)
ඔය ඔක්කොමලා ගහ මරාගන්නේ අපිට සේවය කරන්නනේ. පව් අහිංසකයෝ. (නදී)
වීඩියෝ නැද්ද? (නදී)
මේකත් මරු (නදී)
සංසාර පුරුදු අත්හළ නොහැකිය. පෙර ආත්මයක පොර කුකුළන්ද දන්නෙ නැහැ (නි)
දෙරණට බැරිද ඔය වීඩියෝ ක්ලිප් එක යු ටියුබ් එකට ඇතුල් කරන්න අපිටත් බලා ගන්න. (නදී)
දෙගොල්ලොම එකයි රටට ආදරේට ගහ ගෙනද? තමන්ගේ බඩට ආදරේට ගහගෙනද කියල තීරණය කිරීම මහජනයාට බාරයි. බලයේ හිටියොත් බඩට විතරක් නෙමෙයි බොක්කටත් එක්ක. බලය නැත්තම් බඩ තියා බොක්කත් නැහැ. (නදී)
දයාසිරිගේ දෑත් ශක්තිමත් කරලා වගෙයි. දයාසිරිට යන එන මන් නැති වෙන දවස බොහොම ළඟ. (නදී)
දෙන්නාම දෙන්නගේ වැලගිය මුලගිය සේරම දන්නවා ඇතිනේ. ඒ ගොල්ලෝ කියාගත්තු වචනවල තේරුම එකිනෙකාට ගැලපෙනවා ඇති. අපි මේවට මොකට කන් දෙනවද.? මේ වගේ වාද නො තියා ඉන්න එක තමා හොඳ. (නදී)
ලංකා තිලක්, හැබෑටම ඔයා හිතන්නේ ඔළුවෙන්ද එහෙම නැත්නම් .........ද (නධී)
දේශපාලනයේදී සදාකාලික මිතුරොත්, හතුරොත් නෑ කියල කියනවනේ එක නිසා කලබල වියයුතු නෑ. (ස)
මෙහෙම උණ කාරයෝ මැදිරි වලට ගෙන ඒමට වඩා වෙන වෙනම ස්තානවල තබා ප්‍රශ්නය අසා පිළිතුර ලබා ගැනීමේ ක්‍රම වේදයක් සකස් කරන්නේ නම් මැනවි (නදී)
ඒ ගොල්ලන්ටත් ලැජ්ජා නැහැ. ඕව අහන බලන අපිටත් ලජ්ජා නැහැ (නදී)
ප්‍රතිපත්තියක් නැති දේශපාලුවන්ව එලවල දාන්න ලංකාවේ ජනතාවට මොළය පැදෙවා! (නදී)
රුපවාහිනී සංවාදශීලී වැඩ සටහන් අතර, බුද්ධියට සහ හදවතට සංවේදී මෙන්ම තාර්කික ද වන්නාවූ සහ මනසට විරේකයක් ද ලැබිය හැකි වැඩසටහන් උසස් ගණයේ ලා සැලකිය හැකි ය. අනෙකුත් විකාර විරූපී සංවාදාත්මක වැඩ සටහන් තුළින් ලැබෙන එකම ප්‍රතිලාභය හිමි වන්නේ වෙළෙඳ දැන්වීම් තුළින් මඩිය තර කා ගන්නා රුපවාහිනි නාලිකා වලට පමණි. (දී)
දයාසිරි මහත්තයා හරි, එතුමා යුඑන්පි චන්ද අරන් ආණ්ඩුවට ගියා නොවෙයි (දී)
ඔන්න අපේ රටේ දේශපාලන යතාර්ථය.තිරය පිටුපස වෙන දේවල් ඊයේ සජීවීව රටම දැක්කා.හොඳ යාලුවෝ දෙන්නෙක්. ඉවසීම නැතිකම් සහ හීනමානය නිසා රටම හිනැස්සුවා.දයාසිරි සහා හරීන් ඇමති මන්ත්‍රීතුමනි, ටිකක් භාවනා කරන්න. (දී)
මම ඒ සංවාදය බැලුවා දයාසිරි මහත්තයා කට නිසා තමයි අමාරුවේ වැටුනේ, අර බොන කතාවක් කියන්න ගිහිල්ලා හරින් මහත්තයා නියම ප්‍රශ්නය නියම වෙලාවට ඇහුවා දයාසිරි මහත්තාට කේන්ති ගියා (දී)
අපේ රටේ ජනතාවගෙන් ගොඩාක් දෙනා බුද්දිමත් සහ ආචාරශීලී නැත. දෙසපාලකයින් විසින් "ජනතාව බුද්ධිමත්" කියන්නේ ඔවුන් තවදුරටත් රැවටීම සඳහා පමණි. එවැනි මිනිසුන් සිටින රටක "පාලු ගෙයි වලන් බිඳින්නාක්" මෙන් මෙලෙස දෙපැත්තක සිටගෙන, ගති ගුණ අතින් එකම පැත්තක සිටිය යුතු දෙදෙනෙක් මෙසේ ගුටී ගසා ගැනීම පුදුමයක් නොවේ. වැඩ සටහන මෙහෙයවපු චතුරට දොස් පැවරීම කිසි සේත් අනුමත කල නොහැක. ඔහු ඔහුගේ රාජකාරිය නිවැරදිව ඉටු කළේය. (දී)
මීට පසු වාද විවාද වැඩ සටහනට සහභාගී වෙන අයවලුන් ආරක්‍ෂිත වැටවලින් වෙනකොට වැඩ සටහන අරබන්න. චතුරත් පරෙස්සෙමට විදුරු කුටියක සිට වැඩ සටහන මෙහෙයවීම නුවනට හුරුයි. (දී)
බොලේ අද තමයි දන්නේ අංගං පොර කලාවේ සපා කෑමත් තියෙනවා කියල. (දී)
ඔය පරණ කෝන්තරයක් , අහුවුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත්තා, වැඩසටහන බලන අපටත් සොමියක් තියෙන්න එපායේ,නැත්නම් හරිම බොරින් ,දෙන්නටම ස්තුති. (දී)
මමත් ගහගෙන දිනන්න බැරි උනාම කරන්නේ අන්කල් වගේම අනිත් කෙනාව හපා කන එකයි. අන්කල් මාවද අනුගමනය කලේ? (ස)
මම හිතනවා නිවේදකයා එයාගේ ඩියුටිය හරියට කරලා නැහැ කියල. මෙය සජීවී විකාශනයක් නම් ඔහුට එහි ඇත්ත තත්වය රට වැසියන්ට දැනගන්න ඉඩ හරින්න තිබුණා.(නදී)
මාධ්‍ය ඉදිරියට පැමිණ නිර්වස්ත්‍ර වෙනවා කියන්නේ මේකටයි. මොවුන් කථා කරන්න ගියේ දේශපාලනය ගැන. නමුත් කියවුනේ, එළිදරව් වුනේ ඔවුන්ගේ නොදැනීම, මුහුකුරා නොගිය බව හා නුසුදුසු කමයි. ගමේ කසිප්පු පොළක කෝපි කඩේක ගජරාමෙට වාද විවාද කරන්නවුන්ගේ මෙයිට වඩා විනයක් තියනවා. අහෝ වයඹට යන කලක්...එලිවෙන ජාමෙට තව බලතෑකි සෙල්ලම්. (ස)
දේශපාලුවන්ට ගහන්ඩ අපිට බැරි නිසා මේක තමා හොදම ක්‍රමේ. (නදී)
අපේ රටේ ජනතාවගෙන් ගොඩාක් දෙනා බුද්ධිමත් සහ ආචාරශීලී නැත. දේශපාලකයින් විසින් "ජනතාව බුද්ධිමත්" කියන්නේ ඔවුන් තවදුරටත් රැවටීම සඳහා පමණි. එවැනි මිනිසුන් සිටින රටක "පාලු ගෙයි වලන් බිඳින්නාක්" මෙන් මෙලෙස දෙපැත්තක සිටගෙන, ගති ගුණ අතින් එකම පැත්තක සිටිය යුතු දෙදෙනෙක් මෙසේ ගුටී ගසා ගැනීම පුදුමයක් නොවේ. වැඩ සටහන මෙහෙයවපු චතුරට දොස් පැවරීම කිසි සේත් අනුමත කල නොහැක. ඔහු ඔහුගේ රාජකාරිය නිවැරදිව ඉටු කළේය. (ස)
මේක අද ලංකාවෙ දේශපාලණය කොතරම් බාල තත්වයකට වැටිලා තියනවද කියන එක දකින්න පුළුවන් එක තැනක් විතරයි. සංවාදයක තිබිය යුතු ඉවසීම, ඇහුන්කන් දීම, පහදා දීම කියන කාරණා සත පහකට මායිම් නොකල දෙදෙනෙකුගේ මූසළ ගෝරණාඩුවක් විතරයි අප දුටුවේ. අපිට මේක බලන්න හිරිකිත උනාට මේ අයම තවත් දවසක එකම මඟුළකදි, සාදයකදි උනත් මේ අපිටම දකින්න ලැබේවි. ශරීර කූඩුවෙ ලැජ්ජ නහරෙ කපපු අයට ඒක සුළු දෙයක්. (නදී)
දයාසිරිට පසුගිය දිනෙක අම්ම ගැන මතක් වී ඇඩුනා. දයාසිරි එදා සහ අද කතා කරන ඒවා දැක්කම අම්මා පුදුම වෙනවා ඇති (නදී)
මම මේ බලාගෙන ඉන්නේ පක්ෂ නායකයන් දෙපල මේ ගැන මොකද කියන්නේ කියලා. මොකද ඉතින් පාසලේ වගේ පක්ෂ මූලස්තානේ ඉදිරිපිට දෙන්නවම දන ගස්සන්නද ? දෙන්නම වැඩිහිටියෝ. මෙහෙම ගියොත් සියලුම මැති ඇමැතිවරුනට ආචාර ධර්ම මුල ඉඳලාම උගන්නන ෆිනිෂින් ස්කුල් එකක් අරින්න තමයි දැන් සිද්ධ වෙන්නේ. (ස)
මම මේ විවාදය ටිකක් බලාගෙන ඉඳල නැවැත්තුව. මේ අය දන්නේ නැහැ සංවර විදියට විවාදයක් කරන්න. එක්කෙනෙක් කතාකරල ඉවර වෙනකම් අනික් කෙනාට ඉවසගෙන ඉන්න බැහැ. මැදට පනිනවා. කෙනෙක් ප්‍රශ්නයක් අහල ඉවර වෙන්න ඉස්සර වෙලා මොකක් හරි අතර මැදදී කියනවා. මේ අය පාර්ලිමේන්තුවේදී කොහොම හැසිරෙනවද දන්නේ නැහැ. විවාදය මෙහෙයවන පුද්ගලයට කිසිම සැලකිල්ලක් නැහැ. ඉතාම කණගාටු දායකයි. (නදී)
මම මුළු වැඩ සටහනම බැලුවා. ලැජ්ජයි, විරාමයක් දීල ජාතික ගීය වාදනය කළා. (නදී)
අපේ අය නම් හොඳටම දේශපාලන ජවනිකාව කරගෙන යනවා. අනේ අම්මේ, තාත්තේ මේ රට මෝඩයන්ගේ දේශපාලන විකාශයන් අපේ හැදෙන දු දරුවන්ට නම් පෙන්නන්න එපා. වාරණයක් දාන්න. මේ ආදර්ශය,ළමා මනසට හෝ තරුණ ලම්යින්ට කොච්චර හානිකරද කියලා මේ වැඩිහිටියෝ දෙන්නටම නොතෙරනකම නේද? (නදී)
මේ දෙන්නම ඉස්සර ඉදන් රගපාන්න දන්න අය. (නදී)
ලුම්බිණි ඔබ හරි. වැදගත් විද්වත් සාකච්ඡාවක්, විවාදයක් අද ලංකාවේ ඉන්න දේශපාලකයන් වැඩි දෙනාගෙන් බලාපොරුත්තු වෙන්න බැහැ. ඔවුන් අන් මත වලට සවන්දීමට, අනුන්ට ගරු කිරීමට නොකැමැති කිසිදු විනයක් නැති පිරිසක් බව මෙවන් වැඩසටහන් වලින් අපට නැවත පෙන්වා දීම ගැන දෙපාර්ශ්වයටම ස්තුති කළ යුතුය. මහජනතාව දැන් හිතා බැලිය යුත්තේ මෙවැනි අය අප නැවත පත් කර ගන්නවද කියලයි. (නදීී)
මේ වැඩ සටහනට නරකද වාද පිටිය වෙනුවට ගුස්ති පිටිය කියල නම දමා ගත්තොත්. (නදී)
මමත් මෙම විවාදය නැරඹුවා (ඇමෙරිකාවේ සිට) අන්තර් ජාලය හරහා. කිසිම සංවරයක් නැතී විදියට තමයි මේ දෙදෙනාම වාද කලේ. අනෙක් චැනල් වලත් සමහර වාද මේ විදියමයි. අපි ලජ්ජා විය යුතුයි මහජන නියෝජිතයින් මේ විදියට හැසිරෙන ආකාරයට. (නදී)
දෙන්නා එක වාහනේ ගෙදර ගියාද දන්නේ නැහැ (දී)
අවංක දේශපාලකයන් දෙදෙනෙක් දෙදෙනාට හොඳ අනාගතයක් තියනවා. රටේ වැඩි දෙනා ඉල්ලන්නේ ඔහොම කට්ටිය තමා. (නදී)
අනේ මෙහෙම ජනතා නියෝජිතයින් (දී)
අපේ කට්ටිය මේක කොපි කරනවා නොවේ දිගටම කරගෙන යන්නේ එහෙම නෑ. මොකද සුපර් ස්ටාර් තරගවලට තියෙන ඉල්ලුම අඩු වෙනවා (දී)
විපක්ෂයේ ඉදිද්දී කරපු කතා ආණ්ඩුවට ආවම වමාරන්න වෙනවා කියල නොදන්නා අය මේ තීරුවේ ඇති කියල හිතන්න බැහැ.හොදම දේ තමයි පක්ෂ මාරු කරන අය මේ වගේ විවාද වලට නෑවිත් ඉන්න එක...ලංකා තිලකට අනාවැකි කියන්න බැහැ.නමුත් කිව්වොත් වරදින්නෙත් නැහැ..බලන්නකෝ ඌව චන්දෙන් පස්සේ මොකද වෙන්නේ කියල. (දී)
වාද කරන කොට ගහ ගන්න රටක් තියෙනවද (දී)
ඔබතුමන්ලා අපිව පාලනය කරන්න නම් එන්න එපා. (නි)
හරිම නරක ආදර්ශයක් (නදී)
ලැජ්ජානැතිකම ඇමතිකමටත් වැඩිය ලොකුයිලුනේ. (නි)
ඕක පුදුම වෙන්න දෙයක් නෙමෙයි.අපි නම් ආසා නැහැ ඔය පොර බලන්න (නි)
අපි ඉස්සර දැනගෙන හිටපු දයාසිරි මන්ත්‍රීතුමා නම් සංවේදී හදවතක් තිබුන කෙනෙක්.ඒත් එදා වාද පිටියට අව මහ අමතිතුමනම් හදවතේ කිසිම සංවේදී බවක් නොතිබුන වෙනස්ම දයාසිරි කෙනෙක්.දෙදෙනාම මීට වඩා ඉවසීමෙන් වැඩ කල යුතුයි. (අ)
දයාසිරි මහත්තොයෝ ඔබ ආයෙත් මේ වගේ සංවාදයකට එනවද?(දී)
අනේ ඇත්තට මෙහෙමත් විහිලු! (නි)
දෙන්නම තම තමන්ගේ උගත්කම, ඉවසීම, වැදගත්කම, ලස්සනට ප්‍රදර්සනය කළා. කට වහගෙන හිටියා නම් අපි හිතන්නේ දෙන්නම හොඳ මහත්වරු කියලා. දැන් ඉතින් මුළු රටම දැක්ක දෙන්නගෙම තරම. මහා ඇමති තුමාට මගේ පෞද්ගලික අප්‍රසාධය පිරිනමමි. මොකද ඔබ රට පාලනය කරන පාර්සවය නියෝජනය කල නිසා. ඔබට මීටවඩා ඉවසීමෙන් සංයමයෙන් කතා කරන්න හැසිරෙන්න තිබුනා. ගමේ ගොඩේ නූගත් වැසියන් දෙදෙනෙකුගේ කෝපිකඩේ සංවාදයකට වැඩි දෙයක් මම නම් දැක්කේ නැහැ. ඕනෑම පාර්සවයකට විවාදයකදී විවේචන ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබතුමාගේ තර්කය නිවැරදි නැහැ. (දී)
නුසුදුස්සන්ට ලොකු තැන් වලට යන්න දුන්නාම රටට වෙන්නේ මොකක්ද තියලා පෙන්නලා දුන්න මේ ගොල්ලෝ. (නදී)
මෙහිදී මම දකින්නේ අපි තමයි වැරදි කියලා (දී)
මේවට කොමෙන්ට් දාන අපි තම මෝඩයෝ, මේ දෙන්න හෙට කරට අත දා ගෙන ලස්සනට යයි, මේ තමයි ලන්කාදේ දේශපාලනය (දී)
ලංකාවේ රුපවාහිනි නාලිකා දිහා බලනකොට පැහැදිළිවන එකම දෙය නම් ඒකාකාරී බවය. හැම නාලිකාවකම ඒකම වැඩසටහන්ය. ප්‍රශ්නයට අදාල වැඩසටහනද එසේමය. කිසිම විවිධත්වයක් නැහැ. මෙවැනි වැඩසටහනක ආරාධිත දේශපාලකයින් සමග සමව අසුන්ගෙන සිටින වැඩසටහන මෙහෙයවන්නාට වැදගත් වගකීමක් ඇති බව ඔහු හොඳින් වටහා ගෙන වැඩසටහන මෙහෙය විය යුතුය. දේශපාලනමය සජීවී වැඩසටහනක ස්වභාවය, එහිදී සාකච්ඡා කළයුතු කරුණු ආදිය පිළිබඳව වැඩසටහන මෙහෙයවන්නා තුළ මනා අවබෝධයක් තිබිය යුතුය. කල්තියා කොලයක සටහන් කරගන්නා දේ කියවා ප්‍රශ්න කිරීමට එහා ගිය ක්‍රමවේදයක් මෙවැනි වැඩසටහනකදී මෙහෙයවන්නා තුළින් නරබන්නා අපේක්ෂා කරන්නේය. අදාල සිද්ධියේදී දේශපාලකයන්ට පමණක් වරද පැටවීම හැරෙන්නට මා දකින්නේ එයය. (දී)
ඉස්සර මේ දෙන්නම එකම පැත්තේ ඉදලා සාදාරනය වෙනුවෙන් හඬක් නැගුවා. දයාසිරි දැන් කතා කරන විදියට හරීන් මන්ත්‍රී තුමාට කේන්ති යන එක සාදාරනයි (දී)
මේවට වග කියන්න ඕනේ අපිම තමා ? ගහමු කතිරේ (දී)
එජාපයේ ඉන්න කාලේ දෙදෙනාම හොඳ යාලුවොද (දී)
කවුද ගහන්න ඉස්සෙල්ලා නැගිට්ටේ (දී)
කවුද හරි කවුද වැරදි කියලා අපි දන්නවා (දී)
පස්සේ දෙන්නම හොද හෝටලයකට ගිහින් කල බීලා ගෙදර ගිහින්ලු. අපි කනපැලෙන කොමෙන්ට්ස් දානවා මෙතන. (දී)
මේ සංවාදය මාතෘකාව රටේ දේශපාලන තත්වය උනත් මේ ගුටි කෙලිය ඔක්කොම පෙන්නුවනම් (දෙපැත්තට නොකර ගහගන්න දුන්නනම්) රටේ දේශපාලකයන්ගෙ තත්වය නම් ජනතාවට දැකගන්න ඉඩ තිබුනා (දී)
දයාසිරි ආණ්ඩුවට පැන්න දවසේ ඉඳල කියන කතා ඇහුවම එයා කතා කරන්නේ කටින්ද හිතෙනවා. මොනව උනත් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රී එහෙට මෙහෙට රිලවෙක් වගේ පනින්නේ නැතුව කෙලින්ම කතා කරපු එකට ප්‍රශංසා කල යුතුයි. චතුරට අනිත් දවසේ ෆුල් ෆේස් හෙල්මට් එකක් දෙන්න කියල යෝජනා කරනවා. (නදී)
මමත් මේ වැඩ සටහන අන්තර්ජාලයෙන් බැලුව කැනඩාවේ ඉඳන්. අපරාදේ අපිට බලන්න ලැබුනේ කිසිම වැඩකට නැති කොටස විතරයි. කිසිම ගතියක් නැහැ. මේ එක්කෙනෙක් වත් අනෙක් කෙනා කියන දේට ඇහුන්කම් දෙන්න සුදානම් නැහැ. තමන් හරි කියල ඔප්පු කරන්න තමයි උත්සහ කරන්නේ. මේ වැඩසහටනේ විතරක් නෙවෙයි අනෙක් මාධ්‍ය ආයතන වලින් මෙහෙයවන වැඩ සටහන් වලදීත් දෙශපාලකයින්ගේ හැසිරීම නම් අන්තිමයි. මෙයාලට තමන්ව වත් පාලනය කරගන්න බැරිව රටක් පාලනය කරන්නේ කොහොමද? (ස)
මේ දෙන්න ගැන මටනම් පුදුමයක් නැහැ..මට පුදුම මේ අදහස් දාන අය ගැන..මේ තීරුවේ අපි කොච්චර දකිනවද කෙනෙකුගේ මතයක් විද දරා ගන්න බැරුව සමහරෙක් අදහස් වලින් හැසිරෙන හැටි.මේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදය නැහැ, මානව නිදහස නැහැ,කතා කිරීමේ ලිවීමේ නිදහස නැහැ කියල වැඩියෙන්ම මොර දෙන අපේ ගොය්යල තමන්ගේ මතයට පිටින් යන දෙයක් විඳ දරා ගන්න බැරි උනාම ඒනමින් ඩුප්ලිකේට් ගහනවා ඒක නිහඩ කරන්න පුලුවන්ද බලන්න..එහෙම කට්ටිය තමයි මේ මුනට මුණ විවාදයක දී ඇති වුනු රණ්ඩුවක් විවේචනය කරන්නේ.මේ තීරුවේ අයත් මුනට මුණ හමුවෙලා මේ විදියට විවාදයක් ගියොත් ඉතින් ප්‍රතිපල මිට වඩා ගොඩක් අන්ත වෙනවා..මේක මිනිස් ස්වභාවය.කට්ටිය වචනෙන් මොනවා කිව්වත් කාට කාටත් හැම නිදහසක් අයිතියක්ම මතක් වෙන්නේ තමන්ට අවාසි තැනකදී තමන්ගේ වාසියට පමණයි..තමන්ට වාසි තැනදී පුළුවන් තැනදී හැමතිස්සෙම බලන්නේ අනෙක් එකාගේ හතර හන්දි කඩලා කට කපල ගෝනියකට දාල බැඳල හරි මතය නිහඩ කරන්න. (ස)
අර සින්දුවක් කියාගෙන , තනතුරු කිසිත් නැතිව සිටි කාලයේ දයාසිරි මහතා කොච්චර ප්‍රසන්නද ? පක්ෂ විපක්ෂ බේධයකින් තොරව හැමෝම ඒ කලා හැකියාව අගය කළා . ඒකට දැන් ? බලයට ඇති ආසාව නතර වුනේ ගුටි කෙළියකින්. (දී)
මෙයින් පිළිබිඹු වෙන්නේ වත්මන් දේශපාලනයේ අරාජිකත්වයයි. විද්වත් දේශපාලන සංවාදයක් කිරීමට නොහැකි නගරන්කාරයින් දෙදෙනෙකුගේ හැසිරීමයි මා දුටුවේ. දේශපාලන සංවාදයකදී කතා කලයුතු වන්නේ රටට සහ රටේ ජනතාවට අදාල කරුණු මිස එකිනෙකාගේ පෞද්ගලික කරුණු නොවේ. වැඩ සටහන මෙහෙයවන පුද්ගලයාටද සැහෙන වගකීමක් තිබෙනවා, පෞද්ලික අපහාස ඉදිරිපත් වන විට ඒවා වැලක්වීමට පියවර ගැනීමට. (ස)
මම අදාල වැඩසටහන ආරම්බයේ සිට බලපු කෙනෙක් හැටියට කියන්න තියෙන්නේ නරක දිසාවකට ප්‍රෝග්‍රෑම් එක යොමු වුනේ දයාසිරි මන්තිරිතුමා හරින් මන්ත්‍රීතුමාගේ සුහදශීලී අාරම්බක අදහස් දැක්වීමට අගෞරව වෙන විදියට අදහස් දැක්වීම නිසා. දේශපාලනයේ කලක් නිරත වෙලා හිටි පුද්ගලයෙක් ඊට වඩා පරිනත විදියට අවස්ථාව කළමනාකරණය කලානම් මේ විදියේ දෙයක් වෙන්නේ නෑ. (ස)
මේ අයගේ හැසිරීම රටටම පෙන්වන්න තිබුනේ..එක මාධ්‍ය වල යුතුකමක්(දී)
නියමයි, නියමයි (නදී)
දයාසිරි මහත්තයා දැන් කතාකරන විදිහට මිනිසුන්ට ඇත්තටම තරහා යනවා. මෙයා එදා බොරුමනේ කියා තියෙන්නේ. දැන් අගේට ඇත්ත කියන්නේ? (නදී)
අර මේ ලගදී දවසක දාල තිබුනෙ ජාපාන දේශපාලකයෙක් යෙන් 30 ලක්ෂයක් වංචා කලා කියල වරද පිලි අරන් අඬපු ප්‍රවෘත්තියක්. මම ඊයෙ දෙරණෙ ප්‍රවෘත්ති බලනකොට දැකපු මේ ජවනිකාවෙදි එකපාරටම මතක් උනේ ඒ සිද්ධිය. කොහොමද අපේ එවුන්ගෙ නැහැදිච්චකම. චික් විතරක්. මෙහෙමෙ දේශපාලුවො ටිකක් නම් උපදින ආත්මෙකවත් දකින්න ලැබෙන්න එපා. (ස)
උෟව ට ජයවේවා. නියම කොල්ලෙක්. (ස)
මේ අයගේ හැසිරීම රටටම පෙන්වන්න තිබුනේ (නදී)
"විශේෂයෙන් බවලතියෝ මාව කොනිත්තල මරනවා" තිලක් ලංකා කැමතයි වගේ බවලතියන්ගෙන් ගුටි කාල සදහටම සැතපෙන්න."මිස්ට්‍රෙස්ස්" ලාගෙන් ගුටි කාල මලත් මොකෝ. (නදී)
දයාසිරි හරියට හිටපු රතු මල්ලි වගේ. (නදී)
දයාසිරිට දුක දරාගන්න බැරිව වගෙයි (නදී)
මේ අය හොඳටම දන්නවා එයාලා මොනා කරත් ඊලග සැරේ උදලු තලයක් හරි, කෑම පාර්සලයක් හරි දුන්න ගමන් ඡන්දේ දිනනවා කියලා. (නදී)
මෙයාලත් ප්‍රසිද්ධ වෙන්න යනවා වගේ (නි)
දයාසිරි මහත්තයෝ, මොකද කරගත්තේ? අංගම්පොරත් තිබුණද? ලැජ්ජාවේ බැහැ (නි)
පිස්සුද මන්දා මේ කට්ටියට? (නි)
මේ වගේ අයනේ ජනතා නියෝජනය කරන්නේ? දේශපාලනය කරද්දී ඉවසීම, කපටිකම මෙන්ම මොළයත් තිබිය යුතුයි. (නි)
දෙගිඩියාවෙන් ඉන්න අය විපක්ෂයේදී එක්කෝ කට පරිස්සම් කරගන්න ඕනෑ , නැත්නම් රජය වෙනුවෙන් විවාද වලට නෑවිදින් ඉන්න ඕනෑ (නි)
මමත් මේක සම්පුර්ණයෙන් බැලුව. ලැජ්ජයි බලාගෙන ඉන්න. දයාසිරි හෙන පොර වෙලානේ. මොනවා උනත් ජවිපෙ මන්ත්‍රී වරු තමා වැදගත් විදිහට හැසිරෙන්නේ. (ස)
මුලදීම හරීන් දයාසිරිට සුබ පතල සංවාදය පටන් ගත්ත. දයාසිරිට මුල ඉදලම පෝරකය දෑස මානේ...දී පෙනුන මාමව වැහිලා හිටියේ. කටුස්සාගේ කරේ රත්තරන් බැන්දහම ඔහොම තමා...(ස)
දයාසිරි ට පක්ෂ නායකෙයෙක් වෙන්ඩ තිබුණා, අගමැති වෙන්නත් තිබුණ, එ්ත් බල තන්හාව තුළ මහා ඇමති පුටුවට සීමා උනා. හරින්ට ඒතරම් දුර බැරි උනත් උෟවේ නායකයා වෙන්ඩ පුළුවන් වේවි. දෙන්නටම තව කල් තියෙනවා. (ස)
මේක තමයි අද අපේ රටේ යහ පාලනය ,රටක් දේශයක් පාලනය කරන උදවිය මෙහෙම් නම් රටට දෙවියන්ගේ ම පිහිටයි. (ස)
අපේ දයා මහත්තයට අත තිබ්බොත් බලාගෙන. (ස)
ඔන්න රට පාලනය කරන උගත්තු. මෙයාලට චන්දෙ දෙන බත් කන හරක් ඉන්නවනේ මේ රටේ තවම. වැඩිම මනාප දීල තව මහා ඇමැතිත් කරා. (ස)
මේ වගේ මිනිස්සු පාර්ලිමේන්තුවට යැව්වට ගහන්න ඕන අපිට. (ස)
ලංකා තිලක් ඔබට තමා මේ සභාවේ කාගේවත් මත ඉවසන්න බැරි එකම කෙනා . විශේෂයෙන් පිටරට ඉන්න ලාංකිකයන්, කාන්තා පක්ෂය වචනයක් මෙතන ලිව්වොත් ඔබේ ලේ කෝප වෙනවා. අනෙක් කිසිම කෙනෙකුට එහෙම ප්‍රශ්නයක් නැහැ. (ස)
ලජ්ජා නැතිකම මහ ඇමති කමටත් වඩා ලොකුයි ලු. ! (ස)
මේ හැමෝම එකතු වෙනවා රට විකුණන් කන්න. පක්ෂ දේශපාලනය කියන්නේ සාමාන්‍ය මිනිස්සු රවටන්න හදලා තියෙන බොරුවක්. හැමදාමත් දේශපාලුවෝ රට විකුණන් කනවා. අනාගත පරම්පරාව විකුණ ගෙන කනවා. තමුන්ට තම නෑදෑයින්ට හම්බ කර ගන්නවා. අපේ මෝඩ මිනිස්සු එතුමා කියමින් චන්දය දෙනවා. (ස)
එක පැත්තෙ ඉන්නකොට හොඳ යහඵවෝ. දැන් දෙන්නම අපට පේන්න ගහ ගන්නවා. දේශපාලනයේ හැටි ඔහොම තමයි. (නදී)
දයාසිරි ඒ කාලේ සින්දුවක් කියාගෙන වේදිකාවේ ඉන්නකොට හොඳ ප්‍රසන්න මුහුණක් තිබුනේ. මේ වැඩ සටහනට පැමිණි වෙලේ මම දුටුවේ ඉතාම පිඩාවට පත් වුනු කෝප කාරී කෙනෙක්. එයා දැන් පසුතැවෙන බවක් පේනවා. චතුර , ඔබට ස්තුතියි ජනතාවට යථා තත්වය හෙළි කරන්න දරන උත්සාහයට. (නදී)
දයාසිරි මහත්තයා ගැන හරියටම දැනගත්තේ එදා තමයි. (නි)
මමත් වැඩසටහන මුල ඉඳලා බැලුවා. මම දැක්ක විදියට අනවශ්‍ය පුද්ගලික දේවල් කියලා තමයි කතාව වැරදි දිශාවට හැරවුණේ. හොඳටම පෙනුනා පුදුම තරහකින් හිටි බව (නි)