(අජන්ත කුමාර අගලකඩ)
මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ කී‍්‍රඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරුන් අතර ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීම දැඩි උණුසුම්කාරී වූ බව වාර්තාවේ.
මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වා කොටස ඉදිකිරීම සම්බන්ධයෙන් ඇමැතිවරුන් දෙදෙනා වාදයක පැටලීමත් සමග කැබිනට් රැස්වීම උණුසුම්කාරි වූ බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.වැඩි පොලියට අති විශාල මුදලක් ණයට ගෙන මෙම කොටස ඉදිකිරීමට වඩා ප්‍රමුඛතා හඳුනාගෙන කටයුතු කරන්නැයි දයාසිරි ජයසේකර ඇමැතිවරයා පෙන්වා දී ඇත.
තමා අධිවේගී මාර්ග ඉදිකිරීමට විරුද්ධ නැති බවත් අධිවේගි මාර්ගයෙ කොළඹ සිට කුරුණෑගල දක්වා ඉදි කිරීම් කටයුතු සිදු කෙරෙන බැවින්, කුරුණෑගල සිට මහනුවර දක්වා දැනට ඇතිමාර්ගය පුළුල් කළ හැකි බවත්, දයාසිරි ජයසේකර ඇමැතිවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.
ඊට පිළිතුරු දී ඇති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹ මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම අත්‍යවශ්‍ය බවත් කවුරුන් විරුද්ධ වුවද එය සිදු කරන බවත් පවසා තිබේ.පසුගිය මහා මැතිවරණයේදි ශ්රීලනිපය පරාජය වූ බව පවසා ඇති කිරිඇල්ල මහතා එසේ තිබියදී ආණ්ඩුවට එක්වී ආණ්ඩුවේ කටයුතුවලට බාධා කරන බවට චෝදනා කර ඇත.
කිරිඇල්ල ඇමැතිවරයාගේ එම චෝදනාවට මහින්ද අමරවීර ඇමැතිවරයා පිළිතුරු දී ඇති අතර ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දිය නොහැකි නම් ආණ්ඩුවේ සිටීමෙන් පලක් නැතැයි ඔහු පවසා තිබේ.
එසේ නම් ආණ්ඩුවෙන් ඉවත්ව යාම සුදුසු බවද අමරවීර ඇමැතිවරයා පවසා ඇතැයි වාර්තාවේ. දයාසිරි ජයසේකර ඇමැතිවරයාට සහාය පළ කරමින් මහින්ද අමරවීර, සුසිල් පේ‍්‍රමජයන්ත සහ පාඨලී චම්පික රණවක යන අමාත්‍යවරුන්ද අදහස් දක්වා ඇති අතර කිරිඇල්ල ඇමැතිවරයාගේ සහායට කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම යනඅමාත්යවරුන් අදහස් දක්වා ඇති බව වාර්තාවේ.
දෙපිරිස අතර වාදය උත්සන්න වෙද්දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැදිහත්වී එය සමථයකට පත්කර ඇති බවද වාර්තාවේ. මධ්‍යම අධිවේගි මාර්ගයේ පොතුහැර සිට මහනුවර දක්වාකොටසේ ඉදිකිරිම් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූව පිළිබඳව අගමැතිවරයාද පැමිණි පසුව සාකච්ඡා කර විසඳුමකට එන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි දැන ගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරිඇල්ල ගැන කතා කරලා වැඩක් නැත ,,,,එයාගේ භාෂාව ,,,,කව්රු විරුද්ද වුනත් ,,,ඕනේ ගොනෙකුට ...ඔය මිනිහ ජනතාව පන්න දමන දවස වැඩි ඇතක නොවේ ,,,,
මෙතන තියෙන්නේ ප්‍රමුකත ප්‍රස්නයක් නෙවෙයි, ප්‍රදේශයේ ඇමතිවරයාට මේ පාර හදන එකෙන් කොමිස් කුට්ටිය දීපු නැති එක. නැත්නම් මේ කවුරුවත් රටට ආදරේට තීන්දු තීරණ ගන්න අයද. කුට්ටිය ලැබුන ගමන් එතුමාගේත් ප්‍රමුකත්වය මේකට තම.
මහනුවරට අධිවේගේ හදන එක අනිවාර්යෙන් සිදුවිය යුත්තක්. දැනට කොළඹ සිට මහනුවරට යන්න පැය 4 ට වැඩිය ගතවෙනවා. කුරුණෑගලට හදල එතනින් පස්සේ පරණ පාරේ යන්න කියල දයාසිරි ඇමතිතුමා කියනවනම් ඒක මහා කුහකකමක්.
මෙම හැල හැප්පිලි ඔක්කොම රගමඩලේ පමිණි.බෙදාගැනීම පිළිබද ගැටළුවක් මිස රටේ දියුණුව පිළිබද සිතීම නොවන බව සහතිකය.
පොර අල්ල අල්ල ඉන්නවා මිසක් , මේ කපේට නුවරට පාරක් නම් හැදෙනවා බොරු.
සීසර්ගේ දේ සීසර්ටත් දෙවියන්ගේ දේ දෙවියන්ටත් දෙන්න කිව්වලු.
කොළබ සිට නුවරට මාර්ගයක් සෑදීමක් මෙහිදී සිදුවන්නේ නැත. කඩවත සිට කුරුණෑගල හරහා දබුල්ලට හදන අධිවේගී මාර්ගයේ පොතුහරෙන් බෙදෙන ශාඛාවක් නුවරට යොමු කිරීමෙන් කරන්න හදන්නේ විශාල මහජන මුදල් නාස්තියකි. කුරුණෑගල නුවර මාර්ගය පුළුල් කලොත් අධිවේගී මාර්ගයේම කිලෝමීටර නමයක් ඉදිරියට ගොස් කුරුණෑගලින්ම හරවා ලෙහෙසියෙන්ම නුවරට ලගා විය හැක.
දයාසිරි ජයසේකරට අධිවේගි මාර්ගය කොළඹ සිට කුරුණෑගල (තමන්ගේ ගමට) යන කන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි, එතන ඉඳලා වෙන තැනකට අධිවේගි මාර්ග අවශ්‍ය නැහැ!
පසුගිය මහ වැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාදයි නම් ඇයි කිරි ඇල්ල මහතාට තනියෙන් ආණ්ඩු පිහිටුවන්න බැරි?
මේ යෝජනාව ඉතාම කුහක යෝජනාවකි. අධිවේගී මාර්ගයක අවශ්‍යතාවය තිබෙන්නේ කොළඹ සිට කුරුණෑගලට නොව කොළඹ සිට මහනුවරටය. දයාසිරි මහතාට අවශ්‍ය නම් කොළඹ සිට මහනුවට පැමිණ තිබෙන මාර්ගය භාවිතා කරමින් මහනුවර සිට කුරුණෑගලට යා හැක. හැබයි කිසිම ආකාරයකින් කිරිඇල්ල මහතාට මෙම මාර්ගය ඉදිකිරීම තුළින් සොරකම් කිරීමට ඉඩ නොදිය යුතුය.
කරුණාකර රණ්ඩු නොවී, බොරුවට ලකුණු දාගන්න කටුතු නොකර කොමිසුත් අඩුවෙන් අරගෙන මහනුවරට සහ යාපනයට පාර හදා දෙන්න. මහින්දගේ කාලේ කොමිස් ගැහුවා. ඉක්මණින් පාර හදලා ඉවර කරන්න. නුවරට පොතුහැරිනුත්, කදඩුගන්නාවෙනුත් දෙපැත්තෙන්ම අධිවේගී මාර්ග හැදිය යුතුයි.
මහා මාර්ග ඇමතිට පාර හරස් කරන ශිෂ්‍යන් පාලනය කොරන්න බැහැ . ක්‍රිඩා ඇමතිට ක්‍රීඩා කොරන අය පාලනය කොරන්ධ බැහැ. මොකක්ද මේ අරුමේ
කුරුණෑගල සිට මාවතගම හරහා තිබෙන මාර්ගය පුළුල් කිරීමට උවමනා තරම් දෙපස ඉඩ තිබෙනවා. ගලගෙදර දක්වා කඳු බිම් නැහැ. වැඩි වියදම් දරන්නේ කොමිස් වැඩි කර ගන්න බව පසුගිය රජය කල වැඩ වලින් පෙනුන. කිරිඇල්ල කොහොමත් ජරාවට බර කතා තමයි කියන්නේ. ඊළඟ සැරේ එයාට ගෙදර ඉන්න වේවි. එයාගේ හැසිරීම පාර්ලිමේන්තුවේ විවාද වලදී කරන කතා කිසි සංවරයක් නැහැ. වැදගත් කමක් නැහැ. අහන්නත් හිරිකිතයි. එය හිතාගෙන ඉන්නේ ආණ්ඩුව එයාගේ අප්පච්චිගේ බුදලයක් කියලයි.
ඇත්තටම අපට ඕනි මහනුවරට අධීවේගී මාර්ගයක් මිසක් කුරුණෑගලට අධීවේගී මාර්ගයක් නොවේ කුරුණෑගලට නුවරින් යන්න පුළුවන්නේ .
දැන් කොළඹ - නුවර අධිවේගේ කොළඹ - කුරුණෑගල වෙන්නද යන්නේ? නුවර -කොළඹ අධිවේගය කුරුණෑගලත් එක්ක යනවිදියට වෙනස් කරගෙන කුරුණෑගලට වෙනකල් හදාගෙන නුවරට කොකා පෙන්වන්න යන්නේ... නුවර - කොළඹ මාර්ගයේ ඇති වාහන තදබදය හේතුවෙන් විනාශ වන ඉන්ධන, වෙලාව, පරිසර දූෂණයත් එක්ක ගත්තහම නුවරට තමයි අනිවාර්යයෙන් පාරක් හැදෙන්න ඕනේ. බලමුකෝ
මහනුවරට අධිවේගී මාර්ගය ඉක්මණටම හදන්න. බොහොම වැදගත් මිනිස්සු ඉන්න තැනක්. මහනුවරට වැඩක් කරලා නැහැ. ගම්මාන වල මිනිස්සු දුක් විඳිනවා. මහනුවරට ඉතාමත් ආදරය කරන මම වගේ කෙනෙක් පත් වුනොත්, මම ඉතාම ආදරයෙන් අවංකව වැඩ කරනවා. සංචාරක කර්මාන්තය දියුණු කරන්න තිබෙනවා. කේබල් කාර් සවි කරන්න තියෙනවා. ගමනා ගමනයට පහසු වෙන්න. මම ඉතාම ආදරෙයි මහනුවරට. දැන්නම් වෙලා තියෙන වැඩ ඉතාම මදි.
මෙතන කුරුණෑගලට වෙනකන් හදා ගත්තම ඇති කියන එක නෙමේ ප්‍රශ්නේ, දෙයක් කෙනෙක් කියද්දී පිළිගන්න අකමැති උඩඟුකමයි. පාර හදන්න ණය ගත්තම වැඩි පොලියට ගෙවන්නේ කිරිඇල්ල නෙමේ අපිම තමයි කලින් එව්වට වගේම....
වන්දි ගෙවීම් අන්තිම වංචනිකයි. පාරවල් කීයක් හැදුවත් කමක් නැහැ. වන්දි ගෙවලා මම මීට අවුරුදු 8 කට කලින් පර්චස් එක 135000 කට ගත් ඉඩමට ගෙවන්නේ 94000 යි. මුන්ට හෙන හතම වැදේවා !!!