දේශයේ නිදහස වෙනුවෙන් දිවි දුන් 21000 අධික රණවිරුවන් සහ 12000ට අධික ආබාධිත රණවිරුවන් සිහි කරමින් රණවිරු සේවා අධිකාරිය වාර්ෂිකව සංවිධානය කරන ජාතික රණවිරු සැමැරුම බදාදා (20) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසල රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වීමට යයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරු ප්‍රධාන ආරාධිතයෝය.

මෙම සැමරුම් උත්සවය මහජනතාවට ද විවෘත බවත්, උත්සවයට පැමිණ අපේ හෙට දවස වෙනුවෙන් කැපවූ රණවිරුවන් සිහිකර කළගුණ සලකා යුතුකම ඉටුකර මතකය අලුත් කර ගන්නා ලෙසට සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් රණවිරු සේවා අධිකාරියේ සභාපතිනි අනෝමා ෆොන්සේකා මහත්මිය කියන්නීය.