කොළඹ ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් වන ආමාත්‍යවරුන් සිව් දෙනකුට හා නියෝජ්‍ය අමාත්‍යවරයකුට උපහාර පිදීමේ උත්සවයක් අද උදෑසන පැවැත්විණි.
කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, අර්ජුන රණතුංග සහ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහත්වරු උපහාර ලැබූහ.
ආනන්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයින්ගේ සංගමය මේ උත්සවය සංවිධානය කළේය.
විදුහල්පති කිත්සිරි ලියනගමගේ මහතා අමාත්‍යවරුන්ට සම්මාන පිරිනැමීය.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සර් හරිම ලස්සනයි. ආනන්ද සිසුවෙකුට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි බුදුපිළිමයක් කියන්නේ. ඒක හරිම හැගුම්බර සිහිවටනයක්. සුබ පැතුම් (නදී)
දින දින කිතුගොස බෝවී.... වැජඹෙනු අනඳප මාතා....... කරු , රන්ජිත් , අර්ජුන ,දොස්තර රාජිත සහ අජිත්,ඔබලාට සුභාසිරි! (නි)
ඒ කියන්නේ රාජිතට දෙපාරක්ම මේ සම්මානය ලැබුනා එහෙනම්. (නදී)
ඔබ අයිති රටටය (නි)
පාර්ලිමේන්තුවේ ඇමතියෙක් වෙන එකත් පාසලට ලොකු නම්බුවක් දෙන වැඩක්ද. අපි හිතුවේ හොඳට ඉගෙන ගෙන උසස් තැනකට යන එක තමයි පාසලට දිය හැකි කීර්තිය කියලා. පාර්ලිමේන්තුවට යන්න කිසිම සුදුසුකමක් අවශ්‍ය නෑනේ. එතනෝල් කාරයෝ, කුඩු කරයෝනේ ඒකෙ ඉන්නේ. (නදී)
අපි ඔබට සුබ පතමු! (නි)
දින දින කිතුගොස බෝවී.... වැජඹෙනු අනඳප මාතා....... (නි)
පාසලින් අපිට නොව, අපි විසින් පාසලට යමක් කළයුතුය (නි)