වසර 7 කට පසු එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආ පාර්ලිමේන්තු මන්ත්‍රී පී.දයාරත්න මහතාට අම්පාරේ එජාප රැලියකදී ඔහු කථා කරද්දී දෙවරක්ම හූ හඬ මතුවිය. එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතාගේ ඇරයුමින් ඔහු වේදිකාවට ආවේය. ඔහු වේදිකාවට ගොඩවෙද්දී පිරිසක් හූ කීහ.
එයින් නොසැලී දිගටම කථා කරගෙන ගිය දයාරත්න මහතා දිගාමඩුල්ලේ සංවර්ධනයට ඔහුගෙන් සිදුවූ සේවය විස්තර කළේය.
‘මෙතැන සිටින එවුන්ගෙන් දෙතුන් දෙනකු මා කළ වැඩ දන්නෙ නැතුව ඇති. ඒ අය විරුද්ධ වුණාට මං බය නෑ, මෝඩයන් වගේ කථා කරන්න එපා‘ යනුවෙන් ඔහු පවසද්දී යළිත් හූ හඬ ආවේය.
දයා ගමගේ මහතා ඒ අවස්ථාවේ නොසන්සුන්කාරී වූ පිරිස අමතමින් දයාරත්න මහතා අතින් යම්කිසි සිත් රිදීමේ වචනයක් කියවුණේ නම් තමා සමාව ඉල්ලා සිටින බවත් තමාගේ ඉල්ලීම වෙනුවෙන් දයාරත්න මහතා එහි පැමිණි බවත් කීවේය. අනතුරුව දයාරත්න මහතා යළි කථා කළේය.
පළාත් සභා මන්ත්‍රී මංජුල ප්‍රනාන්දු මහතා මුලින්ම කථා කරමින් තමන්ගේ හෘදය සාක්ෂිය අනුව ප්‍රකාශ කළ හැකි නම් පමණක් තම පිළිගැනීමේ කථාවට ඇතුළු කළ බව ඔහු කීවේය.
මේ සියල්ල සිදුවෙද්දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිසිත් නොකියා කිසිත් නොදන්නාක් මෙන් සිටියේය. වික්‍රමසිංහ මහතා සිය කථාවේදී සඳහන් කළේ ‘මට මන්ත්‍රීතුමාගේ නමත් කියන්න බයයි‘ යනුවෙනි.
දයාරත්න මහතා එජාපයෙන් ඉවත්වී මහින්ද රාජපක්ෂ රජයට එක්විය.
හඬ පටය - නවරත්න සමරතුංග
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දයාරත්නට අම්පාරේදී හූ කියයි