හැටන් ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුලෙන් ඉහළ ශබ්ද විකාශන කටයුතු අද සිට නතර කිරීමට උපදෙස් දුන් බව නුවරඑළිය දිසාපති ඞී.පී.පී. කුමාරසිරි මහතා පැවැසීය.
ඉහළ කඳුකරයේ වෙසෙන වන සතුන්ට මෙම ශබ්ද හිරිහැරයක් වන බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා නුවරඑළිය දිසාපතිවරයාට දැන්වීමෙන් පසු මේ පියවර ගෙන තිබේ.
මෙම ශබ්ද විකාශන යන්ත‍්‍ර මෙහි සවි කළේ නල්ලතන්නිය වනජීවී කාර්යාලයේ එකඟතාවය ඇතිව බවද දිසාපතිවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් සතුන් ගැන තේරුණ එක ලොකු දෙයක්.(නදී)
නියමයි විය යුතු දේ වීමම හොදයි මලුව තුලත් එසේ කරනවනම් හොදයි .(නදී)
දැන්වත් මොලේ පෑදුනා නම් ඇති. සතා සිවිපාවුන් ජීවත් වෙන්නත් එපැයි.(නදී)
අපි නොදන්න වන ජීවී එක.(නදී)
ඔව් ඉතින් ඒකත් ඇත්ත. එතකොට කේබල් කාර්, හෙලිකොප්ටර් අංගන වලින් සතුන්ට හානියක් වෙන්නේ නැද්ද? (නි)
වැදගත් තීරණයක්.... සදැහි සිතින් යන්න ඕන ගමනක් (දී)
බොහොම හාස් කම් තියෙන පලාතක් (දී)
ඉතා වැදගත් වැඩක් (දී)
මෙය ඉතාම ගෞරවයෙන් හැසිරිය යුතු පූජනීය ප්‍රදේශයක්. (නි)
එතකොට නල්ලතන්නිය වනජීවී කාර්යාලය වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා යටතේ නොවෙයිද තිබුනේ? (නි)
ශබ්ද විකාශනවත් අනුමත නොකරන එකේ කේබල් කාර් වලට අනුමැතිය දෙයිද? (නි)
අපේ බුදුන් ස්පර්ශ කරපු මේ වාසනාවන්ත ප්‍රෙද්ශයට කේබල් කාර්, හෙලිකොප්ටර් එන්නේ නැති බව දැන් විශ්වාසයි.(නදී)
පිරිත් දාන්න (දී)
ඉතා වටිනා වැඩක්. (දී)
සිංහල අපට දෙවියෙක් නැත. ශ්‍රීපාද කිව්වට එහි ඉන්නේ ශිව දෙවියන්ගේ පාදයයි .මෙය හැමෝම දන්නා ඇත්තක්. (ස)