(ප්‍රසාද් මුතුකුඩ)
මීගමුව ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාල වයස්කාර දියණියක් පැහැර ගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලන බව පැවසෙන ක්‍රීඩා උපදේශයකු මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය.
පැහැරගෙන යාම, කප්පන් ඉල්ලීම, ස්ත්‍රි අපචාර සිදු කිරීම යන චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුවේ පදිංචි 25 වියැති මුස්ලිම් ජාතික සැකකරුවෙකු බව පොලීසිය කියයි.
සැකකරු හා දැරිය අතර මුහුණු පොත හරහා ප්‍රේම සම්බන්ධතාවයක්ද තිබූ බව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙල්ල ජාති බේද බලන්නේ නැතුව කොල්ලා එක්ක යාලු වෙලා පැනලා යන්නැති...
පැනල ගියපු නිසා කප්පම් ඉල්ලුවයි කියල වැඩේ දුන්නද දන්නේ නැහැ.
චෝදනා තුනම බරපතලයි. ඒවා ඔප්පු උනොත් අවුරුදු 20 ක් වත් හිරගෙදර ඉන්නවෙයි.
අද කාලේ සමහර දෙමව්පියන් හිතන්නේ ළමයින්ට අවශ්‍ය සැප සම්පත් විතරයි තව වෙන මොනවාද කියලා. තාත්තලාට සල්ලි හම්බ කරන එකත් අම්මලාට රුපලාවන්‍ය සහ සමාජ වැඩකටයුතුත් ඇරෙන්න වෙන දෙයක් නැහැ. මගේ මිතුරියක් ඉන්නවා පිටරට. අගේ දුවට වයස දහ අට පිරෙනතෙක් ෆේස් බුක් ගිණුමක් හදා ගන්න ඉඩ දුන්නේ නැහැ . ඉන්පසු අම්මාත් දුවගේ මුහුණු පොතේ මිතුරු ලැයිස්තුවට එකතු වෙලා එතන මොනවාද වෙන්නේ කියලා හොඳ සෝදිසියෙන් ඉන්නේ. ඔවුන් ඒ රටේ ඉතා කාර්ය බහුල රැකියා කරන්නේ. එහෙම වුනත් දරුවන් සමඟ ඉතා කිට්ටුවෙන් සිටිමින් ඔවුන්ගේ මිතුරුමිතුරියන් යන එන තැන ගැන සැලිකිලිමත් වෙනවා. දරුවන්ට අයාලේ යන්න ඉඩඇරලා ලෝකයාට දොස් කියලා වැඩක් නැහැ .
උපරිම දඩුවම් දිය යුතුයි...... මෙවැනි සිදුවීම් දැන් රටතුළ ඉහළ යමින් පවතී................
අපචාර සිදු කිරීම් කළ අයට සෞදියේ වගේ දඬුවම් දෙන්න ඕනේ... එතකොට තමයි නඩුව විසඳෙන්නේ...