
( රේඛා තරංගනී ෆොන්සේකා)
බීමතින් සිය දියණිය සහ ඥාති දියණිය අපයෝජන කිරීමට තැත් කළ බව කියන සැකකරුවෙක් (11) අත්අඩංගුවට ගත් බව මොරටුව එගොඩ උයන පොලිසිය පවසයි.
සැකරුගේ බිරිඳගෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව සඳහන් කරන පොලීසිය ඔහු මත්පැන් භාවිතයට අධිකව ඇබ්බැහි වී සිටින අයකු බවද පැවසීය.
ලිංගික අපයෝජනයට ලක් වීමට ගිය බව කියන සැකකරුගේ දියණිය සහ ඥාති දියණිය පානදුර මූලික රෝහලේ වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ බව සඳහන් කරන පොලිසිය සැකකරු අද මොරටු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසීය.
මෙම දියණියන් වයස අවුරුදු 16 පසුවන්නියන් බව සඳහන් කරන පොලීසිය අදාළ සැකකරුගේ බිරිඳ ඇඟලුම් කම්හලක සේවය නියුතු සේවිකාවක බවත් ඇය රැකියාවට ගිය අතරතුරදී සැකකරු මෙසේ නොමනා ලෙස හැසිරී ඇති බවත් පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ මොරටුව එගොඩඋයන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක අනිල් මාසකෝරාල මහතා විසින් සිදුකරනු ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහුට හොඳ දඬුවමක් දිය යුතුය
මෙය ලියන්නේ අද දින පුවත්පතේ දැක්ක ළමා අපයෝජනය සම්බන්ධයෙන්.. මට හිතාගන්න බැරි ඇයි රජය දැඩි ක්‍රියා මාර්ගයක් නොගන්නේ කියලා..? මේ තියෙන නීතිය ලිහිල් වැඩියි. අලුත් නීති දාන්න ඕනේ... අපි සෙල්ලම් කරන්නේ අනාගතේ බාරගන්න ඉන්න දරුවන්ගේ ජීවිත එක්ක... මල් වගේ ඉන්න දරුවෝ මේ... ඔය වගේ දෙයක් වුණාම කවුද එ් ළමයාගේ මනස හදන්නේ? අපරාධකාරයා පොලිසියෙන් ගෙනියනවා. ඊට පස්සේ ඇප මත එළියට එනවා.. එක්කෝ උසාවි දාලා අවුරුදු ගණන් නඩු කියනවා... පස්සෙ වන්දියක් දීලා සමාදාන වෙනවා. එ්ත් අර දරුවා මුලු ජීවිත කාලෙටම ඒක බලපානවා කියලා කවුරුත් හිතන්නේ නැහැ.. එ් ළමයා මානසිකව කොච්චර වදවිඳිනවා ඇද්ද? මේක එන්න එන්න වැඩි වෙනවා මිසක් අඩුවීමක් නැහැ. එක්කෝ දෙමව්පියන්, ළමයින් ගැන මීටවැඩිය සැලකිලිමත් වෙන්න ඕනෑ. දැන්ම මේකට ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත්නම් මේ පුංචි දරුවන් ගේ ජීවිත අපි විසින්ම අඳුරු අගාධයකට ඇද දමන එකයි කරන්නේ...