මීළඟ දැයට කිරුළ ප්‍රදර්ශනය වැලිගම කොටවිලවත්තේ හා මාතර වැල්ලවඩම මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කළ බව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (09) මාතර දිසා ලේකම් කාර්යාලයයේ රාජ්‍ය නිලධාරීන් සමග පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේය.
කොටවිලවත්තේ අක්කර 47කි. මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ අක්කර 24කි.
දැයට කිරුළ ස්ථාන දෙකක දී පවත්වන පළමු අවස්ථාව මෙයයි.
රුහුණ සරසවිය දැයට කිරුළ සඳහා තෝරා නොගත්තේ ප්‍රධාන මාර්ගය අවහිර වන නිසා යැයි ද ඇමැති කීවේය.
දැයට කිරුළ එහි නොපවත්වන ලෙස සිසුහු විරෝධතා පැවැත්වූහ. ඊට එරෙහිව ප්‍රදේශවාසීන් පැවැත්වූ උද්ඝෝෂණයට නියෝජ්‍ය ඇමැති සනත් ජයසූරිය සහාය දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුහුණ සරසවි සිසුන්ට ජයවේවා (දිල්)
අපිට කමක් නැහැ ඕනෑම තැනක් තියා ගන්න හැබැයි මගේ ඉඩමේ නම් තියන්න එන්න එපා (දී)
අපොයි ඇත්ත තමා බන්දුල. උද්ඝෝෂණයට සහභාගි වුණේ කවුද කියලා හැමෝම දන්නවා. (නි)
ඔය සංදර්ශන තියන මුදල් විනාශ නොකර අහිංසක දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා දුන්නා නම්,නැත්තම් ගම්වල තිබෙන පාසල් දියුණු කරන්න යොදනවා නම් ගොඩාක් වටිනවා (නි)
දැයට කිරුළ කියන්නේ කුමනාකාරයේ එකක්ද කියන එක රටටම දැනෙන වෙලාවක මාතර මිනිසුන්ට නොදැනෙන එක ගැන දුකයි (නි)
දැන් කෑගහපු කට්ටිය මොකද කියන්නේ? (නි)
බන්දුල, ඔබ දැයට කිරුළ ගැන විෂය භාර අයටත් වඩා දන්නවා වගෙයි. (නි)
ඉතා හොඳ තීරණයක්. අපි එයට හිස නමමු. (නි)
මේ දේවල් වලට යොදවන මුදල් රටේ වෙනත් පොදු කටයුත්තකට යොදවනවා නම් හොඳ නැද්ද? (නි)
කිතුල් ගහට නැග්ග මිනිහාටත් කියන්න උත්තරයක් තිබුනා (දිල්)
හරි හරි බිමල් මහත්තයෝ..දැන් කට්ටිය ජය පැන් බිල මාධ්‍ය සාකච්චා එහෙම තියයිනේ.සටන ජයග්‍රාහිව අවසන් කලා කියලනේ කියන්නේ.අපි බලමුකෝ ඔය කැම්පස් එකේ අය්යල කි දෙනෙක් ඔය මාධ්‍ය සකච්චවලට පෙනී ඉදීවිද කියල.ලොකු කතා කියපු අය්යල දැන් හැංගෙන්න තැන් හොයනවා ඇති ජය පන් බිම කොහොම වෙතත්. (දී)
ලොකු දෙයක් බැරිද ඕක තව හත් අට පොලක තියන්න එතකොට හැමගමකම මොනවා මොනවා හරි කෙරෙයි කාටවත් හිරිහැරයක් වෙන එකකුත් නැහැ (දී)
මේක කැලයක තියන්නෙ නැතුව මෙතන තියන එක මාතර මිනිස්සුන්ට නම් ලොකු දෙයක්.නගරයේ සංවර්ධනය එහි ජීවත් වෙන පිරිස සහ පිටින් පැමිනෙන අවට ගම් වාසින්ට සහනයක්. මේ ගමන්ම සරසවියේ ඇතුලත ප්‍රදර්ශන කුටි නැතුව එහි සියළු අළුත්වැඩියාවන් කරලා සංවර්ධනය කරලා දුන්නොත් හොද නැද්ද?කොහොමත් මේවා රජයේ විශ්වවිද්‍යාලනේ. එක පාරක් 2010 විතර යුධ හමුදා සෙබළු යොදාගෙන අළුත්වැඩියා කරලා දෙනවට කුහක පිරිසක් විරුද්ද වීම නිසා සරසවියට සිදුවුන අපරාධය නැවත සකසාගන්න අවස්ථාවක් දෙන්න. (දී)
මේකටත් පාසලක් අල්ලාගෙන, පාසල් තිබෙන්නේ ළමයින්ට ඉගෙනුම ලබන්න , වෙන අයට ජෝගි නටන්න නොවන බව මේ ලොක්කන්ට නො තේරෙන්නේ මන්ද? (දී)
ගොඩනැගිලි හැදුවට කමක් නැහැ, පාරවල් හැදුවට කමක් නැහැ. නමුත් මිනිස්සුන්ගේ ආකල්ප හදන වැඩසටහනක් ඒ කියන්නේ හොද වෙලෙන්දො ටිකක්, හොද ගොවියෝ ටිකක්, හොද රාජ්‍ය නිලධාරීන් ටිකක්, හොද එකිනෙකා සමග සහයෝගයෙන් වැඩකරන මිනිසුන්, හොද අධ්‍යාපයක්, හොද රෝහල් කාර්ය මංඩලයක් අති ප්‍රදේශයක් ගොඩනැගීම තුලින් ඇත්තටම දැයට කිරුලක් ඇති කලහැකියි නේද. අලුත් පාරවල් නෙවෙයි තියෙන පාරවල් ටික හොදට හදල දුන්නොත් ඔයතම් ලොකු විදමක් යන්නෙත් නැහැ. මොකද දන්නවද මම එහෙම කීවේ ගියවර ජංගම සේවා වලින් මාවනැල්ලට නම් ලොකුදෙයක් ඒ කියන්නේ යෙදවූ මුදලෙ හැටියට සෙයක් කිරුල තුලින් ඇත්තටම සිදුවුනේ නැහැ. හොදම උදාහරණය තමයි මාවනැල්ල වැලිගල්ල පාර එකේ සතෙකුටවත් යන්න බැහැ(දී)
පොලිසියේ සමහර ලොකු මහත්වරුන්ටත් ඉතින් හැමදාම කොල්ලෝ උස්සන්නයි, ඔලු පලන්නයි, මරල දන්නයි ගියහම එපා වෙනවනේ. (ස)
ඇත්තටම ගත්ත හොද තීරණයක් (දී)
ඕක කලින් තීරනයකලානම් නිකන් බොරුවට ළමයින්ගේ ඔලු පලන්නේ නෙතුව. (දී)
කරනවානම් ඕනතරම් හොද විකල්ප තියෙනවා. මීට පෙර මෙවැනි විකල්ප තෝරාගෙන දැනුම් දුන්නානම් අද විශ්ව විද්‍යාලය වුවද විවෘතව පවත් වා ගත හැකිව තිබුනා නේද? (දී)
බන්දුල මහතා ට කාගේ හරි මාධ්‍ය ප්‍රකාශක ධුරයක් ලැබිලා වගේ. එතන සිද්ධියට සම්බන්ධය අයටවත් මෙහෙම තප්පුලන්න උවමනාවක් නැහැනේ. උම්මග්ග ජාතකයේ කේවට්ටයාත් පමණට වඩා කියවන්න කට අරින්න ගිහින් පාඩම් ඉගෙනගත්තා. (දී)
උද්ගෝෂණ සහ සුදු හුණු කර්මාන්ත ඇමති තනතුරට මම බන්දුල තුමාව යෝජනා කරනවා. හොඳට ගැලපෙනවා. (දී)
අර කියුව වගේ ලංකාවේ තැන් කිහිපයකම තියන්න එතකොට ලංකාවම දියුණු වෙනවා (දී)
මෙහෙමයි ඕක තියන තැන තීරණය කරන්න නිශ්චිත කෙනෙක් නැද්ද (දී)
චන්ද්‍ර, 80' ගණන් වල මහපොළ ප්‍රදර්ශනය, ගම් උදාව වගේ උත්සව පවත්වන කාලේ අපිත් එක්ක නොකීවට අපේ අම්මලා තාත්තලත් ඔය වගේම කියන්න ඇති. හැබැයි අපිට ඒ තරම් ගානක් තිබුනේ නැහැ. මොකද ඒකාලේ අපි පොඩිඋන් නිසාදෝ ඔය වගේ අරුමෝසම් වැඩවලට කැමැත්ත තිබුන නිසා. (දී)
ඇති යාන්තම්. සංවිධායක මණ්ඩලයට අපේ ප්‍රණාමය! (නි)
දැයට කිරුල ප්‍රදර්ශනය මෙවර නවතා ඒ මුදල් සම්භාරය ගංවතුරෙන් පිඩාවට පත් ජනතාවගේ හිසට කිරුල පළදන්න.කාලින අත්‍යඅවස්තව ඉටුකරන්න (දී)
අපි වගේ රටකට මොන සංදර්ශනද? (නි)
මේ රටේ තියෙන ප්‍රශ්න මදිවාටද මේ? (දී)
දැන් අර මැරකම් වලට ප්‍රසිද්ධ දකුණේ පුරවරයේ චන්ඩියෙකුයි , අපේ කඩේ යන භවතායි අතර කිසිම වෙනසක් නැහැනේ. මෙතන ස්වාධින අදහස් ලියන අයට ගෙම්බර් පාට් එක දාගත්ත ගමන් මයි. හැමෝම එකම විදියට හිතනවා නම් මේක ප්‍රජාතාන්ත්‍රික රටක් නෙවෙයි. (ස)
බොහොම හොඳ තීරණයක් (නි)
මේක නම් හොඳ තීරණයක් (නි)
හොඳ තීරණයක් ගැනීමට දිරිදුන් සිසුන්ට උපහාරය! (නි)
මෙම සිදුවීම සමඟ ජනතාවගෙ පැත්තෙන් ඇතිවුණේ විශාල කළකිරීමක් (නි)
කන්න නැති, සෙල්ලම් පිටියක්වත් නැති දුෂ්කර ගම්මානයක දැයට කිරුළ පවත්වන්නට කටයුතු කරනවා නම් හොඳයි නේද? (නි)
දැයට කිරුල විශ්ව විද්‍යාලයේ තියන්නේ නැති තීරණය අද ඊයේ ගත්ත එකක් නෙමෙයි.පාලනධිකාරයෙන් මේක විශ්ව විද්‍යාලයට ගන්න උපරිම උත්සහ ගත්තත් තක්ෂණික ගැටළු නිසා මේක වෙනත් ස්ථානයක පවත්වන්න තීරණය උනා..ඒක අන්තරේට බයේ ගත්ත තීරණයක් නෙමෙයි..නමුත් ගමේ මිනිස්සුයි අන්තරෙයි දෙගොල්ලොම එහෙම හිතන් ඉන්න තරමට හොදයි..මොකද ඔය සද්දේ දාන අය්යාලට මිට පස්සේ කැම්පස් එකට යන්න වෙන්නේ වෙස් මුණු දාගෙන තමයි. නැත්නම් වෙන කැම්පස් එකක් හොයාගන්න වේවි.ඔය පැත්තේ මිනිස්සු අවුස්සා ගත්ත කියන්නේ ඉතින් වහ කෑවා වගේ තමයි.. (දී)
මිනිස්සුන්ගේ සල්ල නැතිවෙන තවත් වැඩක්. මේකෙන් සල්ලි හම්බ වෙනවාද? (දී)
ඉතින් හරිනේ? අන්තරේ මුලදීම කිව්වේ ඕක රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රයේ තියන්න දෙන්නේ නැහැ කියලයි. ඉතින් කව්ද හරි?... කව්ද වැරදි?.... මේ කව්ද?...... මොනවද කරන්නේ?........... පිස්සු මටද? .....අනේ මන්දා (දී)
සනත් ඔබේ අදහස් මම පත්තරවල දැක්කා. ඒවා නිදහසට කරනා නොවේ, ඔබ ක්‍රිකට් ජීවිතයේදී ලබපු කිර්තිය සදාචාරයක් නැති දෙසපාලනයක් නිසා එවැනි මඩගොරුවල රිංගන්න ගිහින් ඔබ ලබා ඇති කිර්තිය අනිවාර්යයෙන්ම නැතිවෙනවා. ඒකාන්තයි? (දී)