2012 දැයට කිරුළ පැවැති අනුරාධපුර ඔයාමඩුව අද වන විට හරක් ලගින හරක් මඩුවක් බවත්, එහි කෝටි ගණනක් මුදල් වැය කොට කාපට් ඇතිරූ මාර්ග ව්‍යාපාරිකයන් විසින් බඩ ඉරිඟු වේලීමට යොදා ගන්නා බවත් සමාජ සේවා, සුබ සාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා කියයි.
‘‘අද ඔයාමඩුව හරක් මඩුවක්. ලක්ෂ කෝටි ගණන් මහජන මුදල් නාස්ති කළා. මේ මුදල රජරට ගොවියා වෙනුවෙන් වියදම් කළා නම් හොඳ නැද්ද? කිලෝමීටර් ගණනාවක් කාපට් දාලා මේ මහ කැළේට. අද ඒවායේ බඩඉරිඟු වේලනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අතුරු මාර්ග, ප්‍රධාන මාර්ගවලට කාපට් දාන්න තිබුණ සල්ලි මේ. රට ම ණය කරවලා දැයට කිරුළ පැළැන්දුවා. මේක දැයට කිරුළ නෙවෙයි, ණයට කිරුළ කියලා අපි එදා පෙන්නලා දුන්නා. රටේ ජනතාවට විගඩම් පෙන්වන්න නෙවෙයි තිබුණේ, අධ්‍යාපනයට, සෞඛ්‍යයට මේ මුදල් යොදවන්න තිබුණා. පාළු අලි ගහණ කැළෑ මැද මේ වගේ ප්‍රදර්ශන ගන්නේ මොකට ද කියලා රට ම දන්නවා. රටට දැයට කිරුළ, ධන නිධානයක් කිව්වට නිධානය පහළ වුණේ ලොකු පුටුවලට කියලා පොඩි එකාගේ පටන් දන්නවා. මහජන මුදල් පුහු ආටෝපයට යට කරන්න යහපාලනයෙන් ඉඩක් නෑ. රටේ සංවර්ධනය නවත්තන්නෙත් නෑ.රටේ සංවර්ධනය වගේ ම සමාජීය සංවර්ධනය ද උදාකරන්න අපි කැප වෙනවා.” යැයි ඔහු එහි සංචාරයක යෙදෙමින් කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි ලස්සනට ෆොටෝ ශූට් එක කරල තියෙනවා. එයාලගේ කට්ටියත් එක්කම.(නදී)
හොඳට රඟපානවා නේද (නදී)
මංජු ඔබ හරි, ඔය පාර ඇලයපත්තුවේ ඉඳල එන ප්‍රධාන පාර. ඔය පාරේ කොහොමත් වී , බඩ ඉරිගු වගේ දේවල් වේලනවා. අනිත් එක තමා ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ඔයාමඩුව සත්ව ගොවිපොළ භූමියේ තමා දැයට කිරුල පැවැත්වුවේ.(නදී)
ඇත්තටම පාරවල් ටික නම් හොඳම තත්වයෙන් තියනවා . අර ගම උදාවල බොරළු වලට උඩින් තාර ගාල හදපු ඒවා වගේ නොවෙයි . (හේ)
ඕකට තමයි කියන්නේ රජ කෙරුවාව කියලා (නදී)
පාරවල් කන්නද කියල අහයි තව ටික කාලෙකින් නේ..9අ)
මීටපස්සේ ගම් වලට කාපට් පාරවල් නැතිවෙයි (නි)
කලාවට නම් කියලා පෙන්න නෑ. කුහක කම කියන්නේ ඕකට තමයි.(හේ)
බුත්තල පැත්තේ ගිහිල්ලා බලන්න එහෙත් පාරවල් වල ඉරිගු වී වේලනවා. ඒ කියන්නේ ඒ පාරවලුත් වැඩක් නැති ඒවනේ.(හේ)
පාරේ වී වේලාන එක හැම තැනම වෙනවා දකුණේ අම්පාරේ ගිහින් බලන්න දැයට කිරුල පාරම අවශ්‍ය නැහැ මේවා නැවැත් විය යුතුය.(හේ)
සියඹලා වේලන්න බලන්න.(හේ)
මමත් ගිය ඕක බලන්න සල්ලි නාස්ති කරලා....(ම)
මේ පාරවල් වලින් වැඩක් නැහැ ලොකු අයට මේකේ වටිනාකම තියෙන්නේ පොඩි මිනිසුන්ටනේ.(හේ)
බද්දේගම පැත්තේ පාරක යන්න බැහැ එ්කට මොකද. (නදී)
මෙතන හොඳයි අගමැති වෙන්න බලපොරෝතුවෙන් ඉන්න මහින්දට දන්සල් දමන්න මිනිසුන්ගෙන් අරගෙන දැන් මිනිසුන්ටම ඒවායින් කන්න දෙනවා බත් කන්න පෝලිමේ වැඩි හරියක් ඉන්නේ පිරිමි (අ)
මට පෙන විදියට මේක හොදට ප්ලැන් කරලා ගත්ත ෆොටෝ ටිකක්. ඔතන ඉරිගු වේලන ගොවියෝ බලාගෙන ඉන්නවද හරක් ඔව්ව කනකන් .මෙයාල මිනිහෙක් වතුරේ ගිලුනත් බලාගෙන ඉදිවී 'මේක ගිය ආණ්ඩුවේ වැඩක් කියල ' මහත්තයෝ නිකන් ඔතන ඉන්න කකුල් හතරේ දෙන්න වගේ නැතුව ෆොටෝ ගහ ගහ ඉන්නේ නැතුව ඔයාගේ සහෝදරයෝ දෙන්නව ඔතනින් පැන්නුව නම් ඔය ගොවියට ඉරිගු කිලෝ එකක් දෙකක් එතුරු වෙනවා නේද ඕනවට වැඩිය රගපාන්න ගියාම ඔයාලගේ ඇත්ත තත්වේ පේනවා (අ)
ඕවට තමයි කියන්නේ නන්දන වින්දන කියලා. (අ)