පන්විල හාතලේ ශ්‍රී මුණසිංහාරාමයේ හිමිනමකට පහරදුන්නැයි කියන සිද්ධියකට සැකපිට දායකයන් 27 දෙනකු ලබන 03 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස තෙල්දෙනිය මහේස්ත්‍රාත් නියෝග කළේය.

සැකකරුවන් අතර කාන්තාවෝ 14 දෙනෙක් ද වෙති.

 අත්අඩංගුවට ගත් පිරිසේ සිටි අවුරුදු 17 ළමයකු මහේස්ත්‍රාත් නියෝග අනුව ළමා නිවාසයකට භාර කැරිණි.

පහරකෑ හිමියෝ මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබති.