කොටි සංවිධානයේ හිටපු ප්‍රකාශක දයා මාස්ටර්ට එරෙහි පරික්ෂණ නිතිපති උපදෙස් අනුව අවසන් කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (5) දැනුම් දුන්නේය.
යුද්ධය අවසන් සමයේ සාමාන්‍ය වැසියන් ප්‍රාණ ඇපකරුවන‍් ලෙස රඳවා ගෙන සිටි බවට දයා මාස්ටර්ට එරෙහිව නිතිපති වවුනියා මහාධිකරණයෙන් නඩුවක් ගොනු කර ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
දයා මාස්ටර් හා කොටි සංවිධානයේ හිටපු භාෂා පරිවර්තක ජෝර්ජ් මාස්ටර් 2009 දී ඕමන්තේ හමුදා මුර පොළට බාර වීමෙන් පසුව රහස් පොලිසිය පරික්ෂණ ඇරඹීය.
නීතිපතිගේ උපදෙස් අනුව ජොර්ජ් මාස්ටර් මීට කලින් නිදහස් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්‍රස්තයින්ට නඩු නැත ත්‍රස්තයින් සමග සටන් කළ අයට නඩු. (හේ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
ආණ්ඩුවට කැක්කුමක් නැහැ රට වෙනුවෙන් යුද්ධ කරපු රණවිරුවෝ ගැන. අපට ඕනෑ වුණේ වෙනසක්නේ. වෙනස සනීපයි. (නි)
හිමාල් කලබල නොවී අසේල කියන්නේ කුමක්ද කියා දෙවරක් සිතා බලන්න. බුද්ධික නිවැරදි පිළිතුරක් දී තිබෙනවා.(හේ)
අසේල, ,මේ රණවිරුවො ගැන ප්‍රශ්නයක් නෙවෙයි හිටපු කොටි ගැන ප්‍රශ්නයක්. ප්‍රවෘත්තිය හරියට කියවන්න (බ)