ලන්ඩන් නුවර පළ කැරෙන ‘ලංකා විත්ති‘ පුවත්පතේ සංස්කාරක දයා ආනන්ද රණසිංහ විසින් රචනා කැරුණු රුප කාව්‍ය පද්‍ය ග්‍රන්ථය පසුගියදා සාහිත්‍යය හා කාව්‍ය ළැදි විශාල රසික පිරිසකගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවරදී එළි දැක්විණි.
ලංකාවිත්ති පුවත්පතෙහි සිංහල හා ඉංග්‍රීසි කාව්‍යයන්ද ඒවාට අදාළව ඇතුලත් කර තිබු ඡායාරුප අතරින් තෝරාගත් කවි රැසක් එක්තැන්කොට රුප කාව්‍ය සංග්‍රහය රචනාකොට තිබුණි.
ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා, මාධ්‍යෙවිදීන් මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න ඇතුළු විශාල රසික පිරිසක් සහභාගී වුහ.
සුජීව නිවුන්හැල්ල උත්සවය මෙහෙයැවීය. නෙවිල් ද සිල්වා, වෛද්‍ය උපාලි අබේසිරි, අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ කතා පැවැත්වුහ.
රූප කාව්‍ය සංග්‍රහයේ කවි 14 ක් සුවිනීතා පෙරේරා ගායනා කළාය.
ලංකා විත්ති පුවත්පත් වසර 16 ක් තිස්සේ නොකඩවා පළකරමින් ලොව වටා සිංහල පාඨකයින් වෙත නොමිලයේ බෙදා හැරෙයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැතිඳුන් ආනන්ද ළඟ කවි රස බේරේ.... එනිසා කාහටත් දිවි අරුතද තේරේ..... ලංකා විත්ති තුළ ඇති තව තව සාරේ.... ලන්ඩන් නුවර වෙත දෙමි මගෙ උපහාරේ.... (නි)
වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්නගේ සාරිය ලස්සනයි. (ර)
ඉතා සංවේදී උත්සව අවස්ථාවක්. මමත් මීට සහභාගි වුණා (නි)
දයා ආනන්ද මහාතාගේ රූප කාව්‍ය කවි පොත දොරට වැඩිය දා එහි රැස් වු අප සියළු දෙනාටම ඉතාමත් රස බර පැය කිහීපයක් ගත කිරීමට අවස්ථාවක් ලැබුනු බව අප කාගේත් පිලිගැනිමයි. අප හිතවත් දයා අයියාට තව තවත් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගි කම මෙන්ම ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (හේ)
ඇතුල්වීමට පවුම් 10 ක් ගත්තනම් මෙයින් භාගයක් එන්නේ නැහැ. නොමිලේ නිසා මිනිස්සු එන්නේ පැනගෙන. උත්සවය අවසානයේ සංවිධායකයෝම අතින් වියදම් කරලා සංග්‍රහයකුත් දෙනවනේ. දැන් ලන්ඩන් වල ඇත්තොත් නොමිලේ දෙන දෙමල පත්තරයක් උනත් බලන පහත තත්වෙට වැටිලා. (නදී)
ඔබ යන ගමනට අපෙන් සුබ පැතුම්! (නි)