ලන්ඩන් නුවර පළ කැරෙන ‘ලංකා විත්ති‘ පුවත්පතේ සංස්කාරක දයා ආනන්ද රණසිංහ විසින් රචනා කැරුණු රුප කාව්‍ය පද්‍ය ග්‍රන්ථය පසුගියදා සාහිත්‍යය හා කාව්‍ය ළැදි විශාල රසික පිරිසකගේ සහභාගීත්වයෙන් ලන්ඩන් නුවරදී එළි දැක්විණි.
ලංකාවිත්ති පුවත්පතෙහි සිංහල හා ඉංග්‍රීසි කාව්‍යයන්ද ඒවාට අදාළව ඇතුලත් කර තිබු ඡායාරුප අතරින් තෝරාගත් කවි රැසක් එක්තැන්කොට රුප කාව්‍ය සංග්‍රහය රචනාකොට තිබුණි.
ලන්ඩනයේ හිටපු ශ්‍රී ලංකා සහකාර මහ කොමසාරිස් නෙවිල් ද සිල්වා, මාධ්‍යෙවිදීන් මහ කොමසාරිස් කාර්යාලයේ වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්න ඇතුළු විශාල රසික පිරිසක් සහභාගී වුහ.
සුජීව නිවුන්හැල්ල උත්සවය මෙහෙයැවීය. නෙවිල් ද සිල්වා, වෛද්‍ය උපාලි අබේසිරි, අනුර හෑගොඩ සහ දයා ආනන්ද රණසිංහ කතා පැවැත්වුහ.
රූප කාව්‍ය සංග්‍රහයේ කවි 14 ක් සුවිනීතා පෙරේරා ගායනා කළාය.
ලංකා විත්ති පුවත්පත් වසර 16 ක් තිස්සේ නොකඩවා පළකරමින් ලොව වටා සිංහල පාඨකයින් වෙත නොමිලයේ බෙදා හැරෙයි.
2025 දෙසැම්බර් මස 16
67
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
863
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
දයා ආනන්දගේ කවි දයාබර : ගැයුණි ලන්ඩනය මිහිරි කර
රංජිත් කළුආරච්චි Tuesday, 25 November 2014 01:48 AM
මැතිඳුන් ආනන්ද ළඟ කවි රස බේරේ.... එනිසා කාහටත් දිවි අරුතද තේරේ..... ලංකා විත්ති තුළ ඇති තව තව සාරේ.... ලන්ඩන් නුවර වෙත දෙමි මගෙ උපහාරේ.... (නි)
නෝනිස් Tuesday, 25 November 2014 08:13 AM
වෛද්‍ය කෝකිලා වෛද්‍යරත්නගේ සාරිය ලස්සනයි. (ර)
සැමුවෙල් Monday, 24 November 2014 06:04 PM
ඉතා සංවේදී උත්සව අවස්ථාවක්. මමත් මීට සහභාගි වුණා (නි)
ලසන්ත පෙරේරා Monday, 24 November 2014 11:45 AM
දයා ආනන්ද මහාතාගේ රූප කාව්‍ය කවි පොත දොරට වැඩිය දා එහි රැස් වු අප සියළු දෙනාටම ඉතාමත් රස බර පැය කිහීපයක් ගත කිරීමට අවස්ථාවක් ලැබුනු බව අප කාගේත් පිලිගැනිමයි. අප හිතවත් දයා අයියාට තව තවත් නිර්මාණ බිහි කිරීමට අවශ්‍ය නිදුක් නිරෝගි කම මෙන්ම ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා කියා ප්‍රර්ථනා කරමි. (හේ)
උපුල් Monday, 24 November 2014 09:29 PM
ඇතුල්වීමට පවුම් 10 ක් ගත්තනම් මෙයින් භාගයක් එන්නේ නැහැ. නොමිලේ නිසා මිනිස්සු එන්නේ පැනගෙන. උත්සවය අවසානයේ සංවිධායකයෝම අතින් වියදම් කරලා සංග්‍රහයකුත් දෙනවනේ. දැන් ලන්ඩන් වල ඇත්තොත් නොමිලේ දෙන දෙමල පත්තරයක් උනත් බලන පහත තත්වෙට වැටිලා. (නදී)
නිහාල් Tuesday, 25 November 2014 12:12 AM
ඔබ යන ගමනට අපෙන් සුබ පැතුම්! (නි)