ප්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් මහතා අද (27) උදෑසන ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඒ මහතා පසුගියදා පිළියන්දලදී සිදුවූ අනතුරකින් බරපතල තුවාල ලබා එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
මිය යන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ් මහතා බෝඩිම, නිවටයා, අහසින් පොළවට වැනි ටෙලි නාට්‍ය මගින් ප්‍රේක්ෂක අාකර්ශනය දිනා ගත්තේය.
රිය අනතුරට ලක්වීමෙන් පසු අල්විස් මහතාගේ මොළයෙන් අධික ලෙස ලේ වහනය වී ඇතැයි වෛද්‍යවරු කියති.
1944 වසරේ උපන් දයා අල්විස් මහතා කළුතර විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ අතර ගුරුවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹීය. මහාචාර්ය එදිරීවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ ‘පේමතෝ ජායතී සෝකෝ‘ වේදිකා නාට්‍යයෙන් සිය රංගන ජීවිතය ඇරඹූ ඔහු හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍යයේද, ධවල භීෂණ, මකරාක්ෂයා, සෙනෙහෙබර ඩොලී, මෝදර මෝල වැනි වේදිකා නාට්‍යවලද රඟපෑවේය.
අනතුරුව සිනමා ක්ෂේත්‍රයටද පිවිසි දයා අල්විස් මහතා විරාගය, වෝටර්, මදර් තෙරේසා, මහගෙදර, නිකිණි වැස්ස වැනි චිත්‍රපට තුළින් සිය රංගන කෞෂල්‍යය විදහා පෑවේය.
ටෙලි නාට්‍ය තිර රචනා ක්ෂේත්‍රයේද ජනප්‍රිය නාමයක් හිමිකරගත් දයා අල්විස් මහතා අතින් ජනප්‍රිය ටෙලි නාට්‍ය රැසක් ලියැවිණි. ඔහුගේ මුල්ම ටෙලි නාට්‍ය තිර පිටපතවූ ‘ළා හිරු දහසක්‘ ටෙලි නාට්‍ය ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්විය.
ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන්සුව ලැබේවා! (බ)
ඔබ අමතක නොවෙන කල කරුවෙකි... ඔබට නිවන් සුව පතමි. (ස)
සහුද්‍රයනි රැඩිකල් අදහස් පල කිරීමෙන් ( වැරදීමක්) ලිවීමෙන් වලකින්න. වැල යන පැත්තටම මැස්ස ගසන්න. ඔබට ජය. කලාකරුවාට නිවන් සුව.(නදී)
බෝඩිමේ තනිකර බෝඩිමේ. තවමත් මට මතකයි පොඩිකාලේ බලපු නාට්‍ය. ඔබ තුමාට නිවන් සැප ලැබේවා ! (නදී)
මතු ආත්මයෙත් කලාකරුවෙක් වෙලා අප අතරම ඉපදේවා කියා ප්‍රර්ථනා කරනවා (ම)
ඉතාම කණගාටුදායක පුවතක්. හිතාදර දයා. ඔබතුමන් හට මතු මතුත් අප රටේම ඉපදී අපගේ කළා කෙත තව තවත් පෝෂණය කිරීමට කටයුතු කිරීමට ලැබේවා යැයි පතමි. (ම)
ඔබට නිවන්සුව පතමි (බ)
උතුම් මිනිසෙකුගේ නික්ම යාමකි (ම)
පන නම් තණ අග පිනිබිඳු වැනිය. (බ)
මා ගොඩක් අගයන කලාකරුවෙක්. ඔබට දෙවි පිහිටයි ! (බ)
අගනා කලා කරුවාණනි, නිවන් සුව.(නදී)
ඔබට නිවන්සුව පතනවා (නදී)
මඩොල්දුව චිත්‍රපටයේ "බයිසප්පු" අපට අමතක නොවේ . (නි)
සැබවින්ම කම්පා වුනෙමි. සොයුර ඔබට නිවන් සුව! (බ)
ඔබගේ මෙහෙවර සමාප්ත වීමට පෙර ඔබට සමුගැනීමට සිදුවීම අපගේ අවාසනාවකි.කලාකරුවනි ඔබට නිවන් සුව!(දිල්)
කලා ලොවේ ඔබ නොමැකෙන නමකි ඔබට නිවන්සුව ලැබේවා (දිල්)
මෙම තුන්රෝද කරුවන්ගේ අවිනීත රිය පැදවීම නිසා වටිනා කලාකරුවෙක් රටට නැතිඋනා (ස)
ඔබට නිවන්සුව ලැබේවා ! (බ)
එදා එතුමා තාම්පුරාව වාදනය කරමින්,අමරදේව ශුරීන්ගේ...'නිලවරල නිල් චාමර පවන් සලන්නි'....ගීතය හරි අපූරුවට ගායනය කළේ අප සංගීත පාඩම වෙනුවෙනි.අදත් එම මනරම් ගීතය ඇසෙනවිට දී නිතැතින්ම මා සිහියට එන්නේ දයා අල්විස් සංගීත ගුරුතුමාවය.පසුකලකදී ඔබ සංගීතවේදියෙකු නොවී නළුවෙකු වී ඇත. ආදරණිය දයා අල්විස් සර් ට නිවන් සුව පතමි. (බ)
නිවන්සුව ලැබේවා!! (බ)
ඉතාමත් කනගාටුදායක පුවතක්. සැබවින්ම ඔබ කලා ලොවේ තරුවක්මය. ඔබට නිවන් සුව ලැබේවා !! (නදී)
හොඳ නළුවෙක් දයා අල්විස් මහත්මයා. ඔහුගේ රඟපෑම් හරිම තාත්විකයි. ඔහුට නිවන් සුව අත්වේවා කියා පතනවා. (නදී)
නිහතමානී කලාකරුවාණෙනි, ඔබට නිවන්සුව! (නදී)
උතුමාණෙනි අපි ඔබට නිවන්සුව පතන්නෙමු (බ)
ඔබ සැබවින්ම අව්‍යාජ කළා කරුවෙකි. දයා අල්විස් මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා. (බ)
ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකුගේ නික්ම යෑම ලාංකීය ජනතාවටම වූ පිරිමැසිය නොහැකි පාඩුවකි. ඔබට සුදුසු දේශයක මතු උපදින්න ලැබේවා! වන්දිභට්ටයකු නොවී ජනතා කලාකරුවෙකුව එම රටේ ජනතාවට ප්‍රබුද්ධ නිර්මාණ තිළිණ කිරීමට හැකි වේවා! (බ)
ඔබට නිවන්සුව ලැබේවා !(නදී)