දඹුල්ලේ රුපියල් දහයටවත් අළෙවි කර ගත නොහැකි එළවළු කොළඹ මැණින් වෙළඳපොලේ එමෙන් දෙතුන් ගුණයකටත් වඩා විකිණේ.
වම්බටු, කැකිරි, පිපිඤ්ඤා, නෝකෝල්, රාබු, මෑ කරල්, බටු, පැණි කොමඩු, බණ්ඩක්කා වම් බටු කිලෝවේ තොග මිල කොළඹ රුපියල් 20ක් 25ක් ද, සිල්ලර මිල රුපියල් 60ක් ද විය.
බණ්ඩක්කා තොග මිල 30ක් 35ක් වූ අතර සිල්ලර මිල රුපියල් සියයකි.
| කොළඹ තොග මිල (කිලෝව) | සිල්ලර මිල (කිලෝව) | |
| වම්බටු | 20-25 | 60 |
| කැකිරි | 10 | 80 |
| පිපිඤ්ඤා | 20 | 50 |
| නෝකෝල් | 50 | 80 |
| රාබු | 20 | 40 |
| මෑකරල් | 20-25 | 40 |
| පැණි කොමඩු | 30 | 60 |
| බණ්ඩක්කා | 30-35 | 100 |
| බෝංචි | 60-50 | 80 |
| ගෝවා | 40-50 | 80 |
| වැටකොලු | 30-40 | 40 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම එළවළු විනාෂ කරන්න දෙන්න එපා. ගමිපහ, කොළඹ පැත්තේ පොලවල් වලට ගේන්න. අපි සාධාරණ මිළට ගන්නම්.(නදී)
එළවළු කන අය ලංකාවේ නැහැ. ඉන්නේ කොන්ත්‍රීටි ගිලින අය විතරයි.(නදී)
ඝෝඨාභය මහත්තයෝ ඔබ ලග පමනයි මේවට විසදුම් තියෙන්නේ.(නදී)
අපිට තවමත් ගොවීන්ගෙන් කෙළින්ම නිෂ්පාදන මිළයට අරන් පාරිභෝගිකයින්ට විකුණන්න සුදුසු සැළැස්මක් නැහැ. (නි)
කොළඹ එළවලු මිල අඩු කරන්න තිබුනා (දී)
වරායවල් හදන්න සල්ලි යටකරපු වෙලේ මේවා දියුණු කරන්න මොනවාහරි කළා නම් කොච්චර වටිනවද? (නි)
වම්බටු ඇමතිලා, ගෝවා ඇමතිලා, කැකිරි ඇමතිලා හිටියනම් ඔය ටික වෙන්නේ නැහැ.(නදී)
මේවට වගකියන්න ඕනේ අතරමැදියෝ තමයි.(නදී)
කොහෙද අප්පා මේවා මේ ගනන්වලට තියෙන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නමි කියන්නකෝ.(නදී)
ඔහොම යමු. ඔහොම යමු. (නි)
මේ ප්‍රශ්නයට මොකාක් හරි ඉක්මන් විසදුමක් දෙන්න (දී)
වෙලඳ අමාත්‍යන්ශයේ නිවේදනයයි "දඹුල්ලේ හෝ මැනින්මාර්කට් එකේ නාඬිකාරයෝ හෝ මාෆියාවක් නොමැත"?? (නදී)
අපිටම ගහගන්න හොඳ බූවල්ලක් විකුනන තැනක් එහෙම නැතිද? (නදී)
දඹුල්ලට කෝචිචියක් දැමිම නම් මේවා ලාබෙට කොළඹට එයි.(නදී)
මේකටද කෝටි ගානක් වියදමිකරලා වෙළද අමාත්‍යංශයක් පවත්වාගෙන යන්නේ. මේ අවනඩු නොබලා දෙවියනි ඔබ කොහෙස සැගවුනේ.(නදී)
මේක කෘෂිකාර්මික රටක්නේ... (නි)
අනේ කුහුඹුවනේ තොපිටත් රජෙක් ඉන්නේ.(නදී)
ඇයි දඹුල්ල ලක් සතොසේ ඒකාධිකාරයට පත්කරන්න බැරි? (නි)
දඹුල්ල, සතොස යටතට ගන්න. ඒක තමයි විසදුම. මේවා එළවළු මිළ වැඩිකරන කුමන්ත්‍රණ. (නි)
දඹුල්ල පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදාගත්තා නම් හරි. (නි)
කෘෂිකර්ම ඇමති මොකක්ද ගන්න පියවර?(නදී)
මේවට තමයි මිනිස්සු දොස් කියන්නේ.(නදී)
මේවට තමයි මිනිස්සු දොස් තියන්නේ. එදා වේල කන්න විදිහක් නැති කී දෙනෙක් ලංකාවේ ඉන්නවද?(නදී)
තව වසර 5 ක් යනකොට මේ කරන ජාතික අපරාද වල රග දැනේවි. (නදී)
අපි වම්බටු කිලෝවක් ගන්නේ රුපියල් 200/-කට...මේක පුදුම රටක්නේ...