(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල මාතලේ ප්රධාන මාර්ගයේ පන්නම්පිටියේ දී අද(3) වෑන් රියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් එක් අයකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
තුවාලකරුවන් සියලු දෙනාම දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති. ඔවුන්ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ප්රකාශකයකු පැවසීය.
මහනුවර සිට අනුරාධපුර බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් හා ත්රිකුණාමලය සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ත්රිකුණාමලය තක්ක නගර් පදිංචි ජස්මින් පාහිර් ( 38) කාන්තාවක් බව පොලිසිය කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට තියන ප්රධාන ප්රශ්නේ පාරේ ඉඩ මදිකම අපිට තියන පොඩි පාරවල්වල කොහොමත් මේ වගේ අනතුරු සිද්ද වෙනවා... මේක වළකන්න ඕනෑ නම් අපිට අපේ පාරවල් ලොකු කරන්න වෙනවා... තව ඉදිරියට තව තව වාහන වැඩි වෙනවා... කරන්න පුළුවන් එකම දේ පාරවල් ලොකු කරන එකයි....
පාරවල් වල ඉඩ මදි කමට වඩා අපිට තියෙන ප්රශ්නෙ අපේ මිනිස්සුන්ගෙ විනයක් නැතිකම. අනිත් මිනිස්සු ගැන නොහිතා තමන්ගෙ වැඩේ ගැන පමණක් හිතන අය තමයි ගොඩක් ඉන්නෙ. පාරේ වාහන එලවනකොට හෙමින් යන වාහන අනිත් අයට ඉඩ දීල අයිනෙන් යන්නෙ කලාතුරකින්. මුලු පාරම අවහිර කරගෙන ඔහේ ගාටන අය අනන්තවත් ඉන්නවා. වාහනයක් නවත්වනකොටත් අනිත් අයට අවහිර නොවන විදිහට නවත්වන්නෙ ඉතාම සුලු පිරිසක්. ඉන්දියාව වගේ රටවල් එක්ක බලද්දි අපේ රටේ මේ තත්වය හොද උනත් අපිට තව හදාගන්න දේවල් තියෙනවා. 25000 දඩ වැඩිකරල හරි මිනිස්සුන්ගෙ විනය හදන්න පුලුවන්නම් ඒක අනතුරු අඩු කරගන්න ලොකු උදව්වක් වෙයි.