දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට අධ්‍යාපන අමාත්‍යංශය මගින් අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සඳහා 25 දෙනකු ඒවා තිබෙන බවට පළවූ පුවතේ පරිදි ඔවුන් කම්කරුවන් නොව අනධ්‍යයන සේවකයන් ලෙස නිවැරදි විය යුතු බවත් එම පාසලේ මුලුතැන්ගෙයක් සහ බාලක සහ බාලිකා නේවාසිකාගාර දෙකක් පැවතියත් මේ වනවිට ඒවායේ ළමයින් නතර වී නොමැති බව විදුහල්පතිවරයා අමාත්‍යංශයට දැනුම් දී නොතිබුණු බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන අධ්‍යාපන අමාත්‍යංශය කියනුයේ එම පත්වීම් ලැබූ පිරිසෙන් 23 දෙනකු කුලියාපිටිය පදිංචි බවට වන තොරතුරු අසත්‍ය බවත් එම සමස්ත සේවක පිරිසෙන් වයඹ පළාතෙන් ම සිටින්නේ 6 දෙනෙක් පමණක් බවත් ඉතිරි පිරිස් මාතලේ, දඹුල්ල, සීගිරිය, මඩාටුගම, ගලේවෙල, ඉනාමලුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ය.
පාසල් කම්කරු, රසායනාගාර සේවක, පුස්තකාල සහායක, මුරකරු සහ අරක්කැමි තනතුරුවල මේවනවිට කටයුතු කරන්නේ සේවකයින් 24 දෙනෙකු පමණක් බවත් ඔවුන්ගෙන් 10 දෙනකු පාසලේ පැරණි සේවකයින් බවත් දන්වන අමාත්‍යංශය පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාවට සරිලන පරිදි අනධ්‍යයන සේවකයින්ගේ අවශ්‍යතාව අදාළ පාසල විසින් ම මතුකර තිබූ මොහොතක අධ්‍යාපන අමාත්‍යාංශය අනෙක් සේවකයින් 14 දෙනා පාසලට යැවීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශය කියයි.
මේ අතර 6 වසරේ සිට 13 වසර දක්වා ළමයින් 2100ක් අධ්‍යාපනය ලබන දඹුල්ලේ විශාලත ම ජාතික පාසලක් වන රංගිරි දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලය සීමිත සිසුන් පිරිසක් සිටින පාසලක් ලෙස හැඳින්විය නොහැකි බවද අමාත්‍යංශ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතනදී බැලියුත්තේ සංඛ්‍යාව පමණක්ම නොවේ. මේ ඉන්න කට්ටියගෙන් කීදෙනෙක් හරියට වැඩ කරනවද කියන එක. (නි)
හරි හරි. බඩු ඔක්කොම හාමුදුරුවන්ගේ තමයි. විදුහල්පති ලෑස්තිවෙන්න මාරුවකට (නි)
ඇමතිතුමාට ජයවේවා! යහපාලනයට ජයවේවා! අකිල අපිට අපි අකිලට (නි)
හරි හරි ඔබතුමා අරක්කැමි පත්කරනවා. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා උපදේශකවරුන් පත්කරනවා. (බ)
උනුත් එකයි මුනුත් එකයි .... කියලයි මේ රටේ බුද්ධිමත් ජනතවට හිතෙන්නේ .......... අනෙක් අයට හිතෙන එකයි නුවන් කියන්නේ (බ)
සජිත් ඇමැතිතුමාගෙන් සුදුසුකම් වලට අනුකූලද (බ)