IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි


(කාංචන කුමාර ආරියදාස)

කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු  ප්‍රවාහනය කළ  සේවකයෙකු කෝවිඩ්-19 ආසාදිත බවට හදුනා ගැනීම නිසා දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලයේ  සේවා කටයුතු  තාවකාලිකව නවතා දමාතිබේ.

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද(23) වසා දමා තිබුණු අතර එහි සේවයට පැමිණි තැපැල් සේවකයෝ තැපැල් කාර්යාලය ඉදිරිපිට සහ පිටුපස රැඳී සිටින අයුරු දැක ගැනීමට හැකිවිය.

එහි සේවකයන් කියා සිටියේ පසුගිය දා  කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට  තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයෙන් ලිපි මළු රැගෙන ආ සේවක මහතා කොවිඩ් වෛරසය ආසාදනය වූ බව මේ වන විට හදුනාගෙන ඇති නිසා  මෙම පියවර ගෙන ඇති බවයි.

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්‍යාලයේ ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතාගෙන් මේ පිළිබඳව විමසීමේදී කියා සිටියේ විස බීජ හරණ කටයුතුවලින් අනතුරුව තැපැල් කාර්යාලය විවෘත කිරීමට අදහස් කරන බවය.

කෙසේ වෙතත් ඉදිරි කිසිදු තොරතුරක් තමාට ලබා දීමට නොහැකි බව ඒ මහතා සඳහන් කළේය.

දඹුල්ල මහනගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව විමසීමේ දී කියා සිටියේ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයෙකු මෙම කාර්යාලයට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව ය.

ඒ අනුව එහි එක් සේවකයෙකු ඍජුවම එම සේවකයා සමඟ සබඳකම් පවත්වා ඇති බවට දැනට තොරතුරු වාර්තා වී තිබෙන බවය.

කෙසේවෙතත් කඩිනමින් දඹුල්ල තැපැල් කාර්යාලයේ සේවකයන්ගේ පි සි ආර් පරීක්ෂණ කටයුතු සිදුකොට ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දෙන බව සඳහන් කළේය.

 

 



අදහස් (0)

දඹුල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site