IMG-LOGO

දඹුල්ලේ ඉඩම් කොල්ලයක්

(කාංචනකුමාර ආරියදාස)

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි වාණිජ වටිනාකම්ක් ඇති සංවර්ධනය සඳහා රජයට පවරා ගත් ඉඩම් ඉතා සූක්ෂම ලෙස පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබාදී එම ඉඩම්වල ඇති වටිනා ගස්කොළන් දේපල සියල්ල යන්ත්‍ර සූත්‍ර දමා විනාශ කරන බව  ප්‍රදේශවාසිහු පිරිසක් දඹුල්ල පොලිසියට පැමිණිලි කළහ.

ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන් යටතේ 1980 දශකයේ මෙම පෞද්ගලික හිමිකම් කියූ ඉඩකඩම් රජයට පවරා ගෙන තිබෙන බවත් බොහෝ ඉඩකඩම් සඳහා මෙතෙක් වන්දි මුදලක් හෝ ලබා නොදී එම ඉඩම් භුක්ති විදිමින් සිටින හිමිකරුවන්ට නොදන්වා නාගරික සංවර්ධන අධිකාරිය විවිධ ප්‍රදේශවල ව්‍යාපාරිකයන්ට මෙම ඉඩම් ලබාදී ඇතැයි ඉඩම් හිමියෝ පෙන්වා දෙති.

කිසිදු දැනුවත් කිරිමකින් තොරව රජයේ නිවාඩු දිනයන්හි පිටස්තර ව්‍යාපාරික ප්‍රජාව මැර කණ්ඩායම් සමග පැමිණ පැරණි ඉඩම් හිමිකරුවන් බියවද්දා එම ඉඩම්වල කම්බි වැටවල් සහ දේපොළ සියල්ල විනාශ කරමින් වටිනා කියන ගස්කොලන් සියල්ල කපා නාශ කරමින් සිටින බවද ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.



අදහස් (0)

දඹුල්ලේ ඉඩම් කොල්ලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 205 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 713 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1123 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site