(යොහාන් භාසුර)
ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ධනංජය ද සිල්වා නායකකත්ව දරණ දඹුල්ල අවුරා පිල අද (17) සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (17) දිනයේ පළමු තරගය ලෙස පැවැති පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී දඹුල්ල අවුරා කඩුලු 6 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කිරීමට පිල සමත් විය.
මෙම තරගයෙන් පරාජයට පත්වූ ගෝල් ටයිටන්ස් පිලත්, බී - ලව් කැන්ඩි පිල සහ ජැෆ්නා කිංග්ස් පිල අතර අද රාත්‍රී පැවැත්වීමට නියමිත සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයෙන් ජය ලබන කණ්ඩායම අතර අවසන් පූර්ව තරගය අනිද්දා (19) පැවැත්වේ.
දඹුල්ල අවුරා පිල ලකුණු 147 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 19.4 කදී කඩුලු 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
කුසල් ජනිත් පෙරේරා වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 39 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 53 ක් රැස්කරමින් ජයග්‍රහණය පහසු කළේය.
ලසිත් කෘස්පුල්ලේ, ගෝල් පිල වෙනුවෙන් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 61 කදී හතරේ පහර 7 ක් සමගින් ලකුණු 80 ක් රැස්කරමින් නවවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
වමතින් වේග පන්දු යවන හයිඩන් කීර් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 18 කට කඩුලු 3 ක් දවාගත්තේය.
ගෝල් ටයිටන්ස් පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 146
(ලසිත් කෘස්පුල්ලේ 80, ශකීබ් අල් හසන් 19, ළහිරු සමමරකෝන් 15, හයිඩන් කීර් 18/3, නූර් අහ්මඩ් 27/2)
දඹුල්ල අවුරා පිල ඕවර 19.4 කදී කඩුලු 4 ට 147
(අවිෂ්ක ප්‍රනාන්දු 24, කුසල් මෙන්ඩිස් 49, කුසල් පෙරේරා 53)
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දඹුල්ල අවුරා අවසන් මහ තරගයට එයි