හම්බන්තොට වරාය සේවක උද්ඝෝෂණය වාර්තා කිරිමට ගිය මාධ්‍යවේදි රොෂාන් දිලිප් කුමාර ඇතුළු මාධ්‍ය කණ්ඩායමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න පහරදිම හා රාජකාරියට බාධා කිරිම හෙළා දකිමින් දිඹුලාගල ජනමාධ්‍යවේදි සුභ සාධක සංසදය ප්‍රදේශය පුරා විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් අද(13) විරෝධය පළ කළේය.
තමාද කලක් ලේක් හවුස් මාධ්‍යවේදියෙකු වු බැවින් තමාගේ රැහේ එවුන් රැකිමට වගකිමක් ඇතැයි මාධ්‍ය ඉදිරියේ කි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වහා මෙම සිද්ධියට මැදිහත්ව වැරදි කරුවන්ට දඩුවම් දි නිතිය ක්‍රියාත්මක කර රැහේ එවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන බව කි‍්‍රයාවෙන්ම ඔප්පු කළ යුතුව ඇතැයිද එම සංසදය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි
නාවික හමුදාපති මිලේඡ්ච ලෙස මාධ්‍යවේදියාට පහර දිම රටේ සියලූ දෙනා මාධ්‍යවලින් දුටු බවත් ඒ පිළිබදව කිසිදු තර්කයකින් තොරව නාවික හමුදාපතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කිරිමට පැහැදිලි සාක්සි ඇති බවද නිවේදනයේ සඳහන් වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබලාට ඕන දෙයක් කිරීමට අවසර දී නොමැත.(ම)
මොන වැරැද්ද කළත් තව කෙනෙකුට ගහන්න කාටවත් අයිතියක් නැහැ. (හේ)
අවම බලය යෙදීම කියන්නේ කුමක්ද? (නි)
ඕනෑම මෝඩයෙකුට යුද්ධ කරන්න පුළුවන් කියන එක කිසිකෙනෙක් පිළිගන්නේ නැහැ. එසේ වුවත්, ඕනෑම මෝඩයෙකුට, අහිංසක නිරායුධ ජනමාධ්‍යවේදියකුට තඩිබාන්න පුළුවන් කියන එක අපි පිළිගන්නවා. (නි)
මේවා සේවක උද්ඝෝෂණ, තමන්ගේ ඉල්ලීම් ලබාගැනීමට කරන. හමුදාවට කිසිම අයිතියක් නැහැ මෙතනට එන්න. (නි)
උද්ඝෝෂණය කරන්න පෙර වීඩියෝව හොඳට බලන්න. අනිත් මාධ්‍යවේදීන්ට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ නේද? (නි)
අනේ මන්දා මේ ප්‍රශ්න දුරදිග යනවා වැඩියි (නි)
ඒ වෙලාවේ මාධ්‍ය වලට වීඩියෝ කරන එක තහනම් කරලද තිබුනේ? තහනම් නැත්නම් කමක් නැහැ. කොහොම වුණත් උද්ඝෝෂණය කරන වැඩේ වැරදියි. ඒ නමුත් නීතිය යනු ජනපතිටත් එක විදියට බලපෑ යුතුයි. (නි)
නාවික හමුදාපතිතුමා කළේ තමාගේ රාජකාරිය, ජාත්‍යන්තර නැවක් මුදාගැනීමක්. ඒ සදහා අවම බලය පාවිච්චී කිරීමක් වුණේ. නාවික හමුදාපතිතුමාට මගේ ආචාරය! (නි)
පහර දීමක් අනුමත කරන්න බැරි වුනත් නාවික හමුදාපති කරපු වැඩේ හරි. ක්රියාවේ බරපතලකම එතුමාට තේරුණු නිසා තමා ඔහුම වැඩේට බැස්සේ.(බ)
හමුදාපතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි වියයුත්තේ, මෙම සේවකයින් උසිගැන්වු අයට නීතිය ක්‍රියාත්මක කරන එක. මාධ්‍යවේදීන් මරලා හංගනකොට රැහේ අය කොහෙද හිටියේ. (නි)
රටේ නීතියට ගරුකරන්න ඕනෑ. මම නම් කියන්නේ නාවික හමුදාපති හරි (නි)
රොහාන්ගේ අදහස අනුමත කරමි (නි)
නීතිය හා සාමය ආරක්ෂා කරන එක රටේ මහජනයා විදිහට අපි හැමෝගෙම වගකීම නේද (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
රණවිරුවද මාධ්යවේදියද? අපි බලමු (නි)
රැහේ එවුන් නායකයා කියන විදියට හිටපියව්. රැහේ නායකයා දෙවියන් විසින් රැහේට දුන් උත්තමයෙක් බව රැහේ එවුන්ට අමතක වෙලා වගේ. (හේ)
ත්‍රිවිධ හමුධාවන් සමග ගැටෙන්න එපා.(හේ)
මේවා සේවක උද්ඝෝෂණ කිව්වට,පිට රට නැව් සහ විදේශිකයින් බලෙන් රඳවාගැනීම යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් , පාරක් අවහිර කරනව වගේ නොවේ , එවිට හමුදාව කැඳවීම වරදක් ලෙස මා දකින්නේ නෑ. මෙවැනි ගැටුම් අවස්ථා වාර්තා කරන විට මාද්‍යවේදීන් කල්පනාකාරී විය යුතුයි, ඔවුන් අපක්ෂපාති විය යුතුයි. (හේ)
මේවා සේවක උද්ඝෝෂණ කිව්වට,පිට රට නැව් සහ විදේශිකයින් බලෙන් රඳවාගැනීම යම්කිසි ත්‍රස්තවාදී ක්‍රියාවක් , පාරක් අවහිර කරනව වගේ නොවේ , එවිට හමුදාව කැඳවීම වරදක් ලෙස මා දකින්නේ නෑ. මෙවැනි ගැටුම් අවස්ථා වාර්තා කරන විට මාධ්‍යවේදීන් කල්පනාකාරී විය යුතුයි, ඔවුන් අපක්ෂපාති විය යුතුයි. උද්ඝෝෂණය කරන්න පෙර වීඩියෝව හොඳට බලන්න. අනිත් මාධ්‍යවේදීන්ට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ නේද? හමුදාපතිවරයාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන එක නෙමෙයි වියයුත්තේ, මෙම සේවකයින් උසිගැන්වු අයට නීතිය ක්‍රියාත්මක කරන එක. (බ)
දැන් රට පුරාම උද්ඝෝෂණය කරයි.(හේ)
සේවකයෙකුට නාවික හමුදාපති පහරදීම අපි හෙළා දකිමු (බ)
යහපලානේ හින්ද මේ වහල් සේවකයා බේරුණා ඉස්සරනම් මුහුදේ මෝරු බලන්න්න ට්‍රිප් එකක් යන්න තිබ්බා (බ)