රංගිරි දඹුලු උයන්වත්ත රජමහා විහාරස්ථානයේ ස්වර්ණාලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉවත් කළ යුතු බවට ප්‍රංශයේ පිහිටි යුනෙස්කෝ සංවිධානයට රජයේ ඇමැතිවරයකු ලිඛිතව දැනුම් දී තිබෙන බවත්, තමන් වහන්සේ එම ලියුම් සහිත ගොනුව දුටු බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මාහිමියෝ රංගිරි දඹුළු පූජා භූමි සංවර්ධන වැඩසටහනේ පළමු අදියර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසූහ.
‘දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන බැවින් උයන්වත්ත රජමහා විහාරයේ නව සංවර්ධන කටයුතු නවතා දමන ලෙස යුනෙස්කෝ සංවිධානයට අපේ රටේ ඇමැතිවරයකු ලියුමක් දාලා තියෙනවා. මම ප්‍රංශයට ගියපු වෙලාවේ යුනෙස්කෝවේ නිළධාරියෙක් ඒ ලිපි ගොනුව මට පෙන්නුවා. මම ඇමතිවරයාගේ නම කියන්නේ නෑ. යුනෙස්කෝවේ ලංකාවේ නිළධාරිනියකුගේ ලියුමකුත් එතැන තිබුණා. අපේ බුදු පිළිම කඩන්න පිටරට සහය ගන්න අවශ්‍ය නෑ. කඩන්න ඕනෑ නම් රජයෙන් ප්‍රකාශයක් කරන්න. දඹුළු විහාරයේ හෝ කිසිදු බුදු පිළිමයකට හානි කරන්න අපි ඉඩ තියන්නේ නැහැ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර බුදු පිළිම වහන්සේ වැඩ සිටියේ පන්සලේ බුදු ගෙයි ඇතුලේ තීරයකිනුත් ආවරණය කරලා බොහොම ගෞරවයෙන්. දැන් පන්සල්වල තාප්ප උඩත් බුදු පිළිම. (නදී)
මේවා අහන දකිනකොට ඇඟේ ලේ රත්වෙනවා (නි)
මේ කවුද කියලා ඡායාරූපයකුත් සමඟම ප්‍රසිද්ධ කරනවා නම් තමයි වඩා හොඳ (නි)
කවුද කියලා දැනගන්නා තුරු ඉවසුමක් නැහැ මට (නි)
හේමන්ත, අපේ රට විදේශික ආදිපත්‍යට යටත්ව තිබු අවධියේ සිට කතෝලික බලය වැඩි දියුණු උනා. එකී ලබ්දිකයන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමා පල්ලියට අමතරව ශ්‍රී ලාංකික අනෙකුත් ආගමිකයනට හුරු පුරුදු වන්නටත් අලුත් ආගම පුරුදු කරන්නටත් මේ ප්‍රතිමා පාරවල් අසබඩ ස්ථාන ගත කලේ. ඉන් පසුව ඇතිවූ බෞද්ධ පුනරුදය නිසා අපේ අයත් ඔවුන් අනුගමනය කලා.(නදී)
මට නම් හිතෙන විදිහට අපි හොඳට දන්නා කියන කෙනෙක් වෙන්න ඕනෑ (නි)
මේ යන ක්‍රමයට ඉදිරියේදී තව මොනවා වේවිද දන්නෙ නැහැ (නි)
හේමන්ත? මගේ මතය නම් නුසුදුසු තැන්වල තිබීමෙන් ගෞරවය නැතිවෙන්න පුලුවන්. මොකද පන්සලක්, බුදු පිළිමයක් තිබිය යුත්තේ එයට උචිත වන තැනක බුද්ධාලම්බන ප්‍රීතියක් හදවතට ගොඩ නැගිය හැකි තැනකයි. අපේ පැරැන්නන් එය නිසිලෙස කළා. ඔයා බුදුපිලම තියන තැන් ගිහින් බලන්න ඕනෙනම් මෙන්න: වත්තල ටවුම,ගාල්ල බස්නැවතුම්පල ඉදිරිපිට. කැලනිය පන්සලට ඇතුළුවන තැන පෑලියගොඩ සිට, පන්නිපිටිය හයිලෙවල් පාර අයිනේ, මේ මට මතක තැන්.(නදී)
නායක හාමුදුරුවනේ ඔබ වහන්සේලා දේශපාලුවන් එක්ක සාකච්ඡා පවත් වන කොට, ඇයි හොඳයි කම් පවත්වන කොට මේ වගේ වැඩ වලට පසුබිම සකස් වුනා. දැන්වත් තේරුම් ගන්න ශාසනය රකින්න නම් බෞද්ධ ජනතාව රැකිය යුතු බව. පන්සල් වලින් දේශපාලනය සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න. හාමුදුරුවරුන්ට දේශපාලන පක්ෂ තහනම් කරන්න. මන්ත්‍රී කම් තහනම් කරන්න. ඡන්ද වලට වැඩ කිරීම තහනම් කරන්න.(නදී)
රූපසිංහගේ අදහසට මම 100%ක් එකඟයි. හිසට වහළක් නැතුව මේ රටේ කොච්චර පවුල් ඉන්නවද? (නි)
ඔය නව සංවර්ධන කටයුතු බොහොමයකින් සිදුවන්නේ අපේ සංස්කෘතිය විනාශ වෙන එක බව මගේ හැඟීමයි (නි)
කිසිම දිනක මා අදහස් දැක්වීමේදී පරුෂ වචන යොදාගෙන නැහැ. නමුත් මට අද අහන්න තියෙන දේ නම් සුභාෂිත වචන වලින් පවසන්න බැහැ (නි)
අපේ නායක හාමුදුරුවනේ, මොහුගේ නම කියන්න. ඡන්දදායකයන්ට ඔහු ගැන නියම තීරණයක් ගන්න ලැබෙන අවස්ථාවට ඔබ වහන්සේගේ දායක වෙන්න. නැත්නම් මොහු නැවත වරක් ඇමතියෙක් වෙලා මීට වඩා දරුණු වැඩ කරාවි. (නි)
රට යන අත නම් බොහොම භයානකයි වගේ (නි)
ඡන්දදායකයන් වන අපේ අතේ තමයි තීරණය ඇත්තේ (නි)
මට පේන විධියට නායක හාමුදුරුවන්ට රැවුලයි කැඳයි දෙකම බේර ගන්න ඕන වෙලා(දී)
නිමල් කරුණාරත්න මහතාගේ ප්‍රතිචාරයෙන් හිතා ගන්න පුළුවන් මේ කවුද කියලා. (නදී)
මේ ගැන සාධාරන තීරණයක් ගත යුතුයි (නි)
පෙර රජවරුන් නිර්මාණය කල යමක් වෙනස් කිරීමට කාටවත් කිසිදු අයිතියක් නොමැත. ඒ නිසාම එකී විහාරය ලෝක උරුමයක් විය. නායක හාමුදුරුවන්ගේ ඕනෑ එපාකම් මත එම ස්ථානයට අලුතින් බුදු රුවක් ඉදිකරන ලදී. ඒ නිසාම දැන් එකී විහාරය ලෝක උරුමයෙන් ඉවත් කිරීමට සුදානම් වේ. අමාත්‍යවරයාගේ උත්සාහය නිවැරදි විය හැකියි. බුදු පිළියම තිබුනද ඉවත් කලද සැබෑ බුදු දහම සැබෑ බෞධදයන් වෙතින් සුරැකෙනු ඇත. සිවුරු පොරවාගත් සමහර මුදලාලිලා වෙතින් එය අභාවයට යනු ඇත. (දී)
මේක තමා අ ආශ්චර්යය පුතේ ආශ්චර්යය ???? (දී)
මේ ඇමති නම් සිංහල බෞද්ධයෙක් වෙන්න බහ (දී)
හැබැයි ඔය විවිධ වර්ණ සරුවපිත්තල බුදු පිළිම වහන්සේ දඹුල්ල වගේ පෞරාණික තැනකට ඔබින්නේ නැහැ (දී)
අපේ පින්වත් හාමුදුරුවනේ කියන්න ඇමතිගේ නම අපි දැනගෙන ඉන්න ඕන කලින්ම මේවට අත තියන්න කලින් , (දී)
දෙයියිඅනේ බුදු පිළිම වලට වදින්න කියල දුන්නේ බුදුහාමුදුරුවෝ ද බුදු දහම විනාශ කරනවා (දී)
මොන අදහසකින් මේවගේ කතාවක් කිව්වද? (දී)
මේ නොහොබිනා ඇමතියගෙ නම හෙලිකරන්න(දී)
"දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන බැවින්" මෙම පුවතට අනුව හොද චේතනාවෙන් ඒත් වැරදි තැනට දඩුවම් දෙන්න ගිහිල්ල තියෙන්නෙ. ඇමතිට බලතල දීල තියෙන්නෙ අපේ රටේ ප්‍රශ්නවලට රට අතුලෙන්ම විසදුම් හොයන්න මිස ඒව එලියට ගෙනියන්නෙ නෙවේ. ලෝක උරුමය අපි රැකගමු.මින් ඉදිරියටවත් ඓතිහාසිකත්වයට හානි වෙන ඉදි කිරීම් නවත්තන්න කටයුතුකරොත් මේවගේ දේවල් සිද්ධ නොවේවි.(දිල්)
රූපසිංහ මහත්මයා කියන කතාවට මට නම් එකඟ වෙන්න බැහැ (නි)
අර තවත් මොකක්ද ගොඩනැගිල්ලක් තියෙනවලු නේද පූජා භුමියේ එක ගැන මොකුත් නෙද්ද? (දී)
අපි දන්නවා ඔය මන්ත්‍රී ගැන. එයාගේ මස්තිෂ්කය තියෙන්නේ තිබිය යුතු තැන නොවයි...ඊට ගොඩාක් පහතින්... (දී)
ඓයතිහාසික තැන් සංවර්ධනය නොකළ යුතුයි , සංරක්ෂණය කල යුතුයි (දී).
රුපසිංහ, ඔයා නොදන්නා දේ ගැන කතා කරන්න එපා. ඉතිහාසයේ අවුකන පිළිමේ හැදුවේ ආවරන ඇතිවද? ලෝක ප්‍රකට සමාධි පිළිමයේ ඉතිහාසය නම් එය බෝධියක් මුල ප්‍රතිෂ්ඨාපනය කර තිබු බවයි. ඔයා කියන ගස් යට තියෙන, ගල් යට තියෙන පිළිම කොහෙද තියෙන්නේ? (දී)
කව්ද මේ ඈමති කියල හොයන්නෙ නෑතුව මොන අදහසකින්ද එයා ඒ දෙය කරන්න ගියේ කියල බලන එක වෑදගත් වෙන්නෙ කියල මම හිතන්නෙ. "දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන බැවින්" (දී)
කව්ද ඔය ඇමති. එල්ලලා මරන්නෝනි.(දී)
මේ ද්‍රෝහී ඇමතියට පක්ෂව කතාකරන අයටි මේ. මේ පිළිම වහන්සේ එක රැයකින් ඉදිවූ දෙයක් නොවේ. එදා මෙම පිළිම වහන්සේ ගොඩ නගන විට මෙය සිටියේ මර නින්දේද? මෙයාව දෙසාපාලනයෙන් ඉවත් කිරීමට මහා සන්ගරත්නය පෙරෙමුණ ගත යුතුයි ජාතික හෙළ උරුමය සහ ප්‍රදාන පෙලේ බෞද්ද සංගම් මොකක්ද කියන්නේ. (දී)
ඔය කියන එකම එක යුනෙස්කෝ කාරයෙක් වත් ඇවිත් බැලුවද කොහෙද මේ අලුත් පිළිමය තියෙන්නේ කියලා? මේ පිළිමයෙන් කිසිම හානියක් වෙලා නැහැ නේ රන්ගිරි දබුලු ගල්ලෙන් විහාරවලට. ගල්ලෙන් විහාර වෙනයි මෙම පිළිමය සහ එහි ඇති මන්දිරය වෙනයි, අඩුම තරමින් මීටර් 500 ක් වත් දුරින් ගල පාමුලයි තියෙන්නේ. යුනෙස්කෝ ලිස්ට් එකට දබුලු එපා නම් අපට ඕන නැහැ. එයාල එන්න කලින් අපි මේවා ආරක්ෂා කර ගෙන තිබුනේ. (දී)
බෞද්ධ සිද්දස්ථාන අසල අන් යාගමිකයෝ අටවන කඩ,අනවසර ඉදිකිරීම් මේවත් අරන් දන්නා ඕන.(දී)
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට මේ පිලිබදව දැනුම් දෙන්න. අද පොසොන් පෝය නිසා එතුමා සිල් අරගෙන ඇති දඹුලු පන්සලේ. අලුත් විහාරය සහ පිළිම වහන්සේ දැක්කම එතුමා කියනව දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන වා කියා. .(දී)
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මෙයා කව්ද කියල අපිනම් දන්නවා. (දී)
ඇමති කෙනක් හින්ද බයද?නීතිය කාටත් එකයි ..මේවා රජයෙන් මිනිස්සු මුලාවට පත්කරන්ද කරන දේවල්(දී)
කාටද මෙය ඉස්සෙල්ලම මෙය කඩලා බලන්න ඕන .(දී)
පිළිම ටිකත් කඩලා දාල , විනාශ කරලා දාන්න හරියටම හරි (දී)
කව්ද ඒ ඇමතියා ,,කරුණාකර රටට හෙළි කරන්න එය රටට හා ජාතියට කරන සේවයකි (ස)
හාමුදුරුවනේ බලන්න එයා කව්ද කියලා. (ස)
අපේ රටේ තියන කිසිම බෞද්ධ විහාරස්ථානයක් හෝ බුදුරජාණන් වහන්සේගේ පිළිමයක් ඉවත් කරන්න හෝ කඩන්න පිටරට උන්ට තියා අපේ රටේ ඉන්න මොනම බලවතකුටවත් අපි ඉඩ දෙන්නේ නෑ (ස)
අනේ මන්දා! මොනවද මේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? (නි)
අනේ මේ අපේ දේශප්‍රේමී, දේශමාමක, දේශහිතෛශී, ජනහිතකාමී, ජනරංජන ඇමතිවරුන් නේද?නමුත් මේ අයගේ සර්වාංගයෙම දේශප්‍රේමය බේරෙනවානේ... (නි)
අපි මේ වනවිට වසලයන් රජ කරවීමේ විපාක විදිමින් සිටිමු. සිංහලයා සහ බුදු දහම, බුදු සසුන වැනසීමට අපේම අය පෙරටවිත් තිබේ. පන්සල් වල දායක පිරිස ආරක්ෂා කරගනිමින් මිනිසුන් දැනුවත් කරමු (නි)
පින් ඇති මහා නායක හාමුදුරුවනේ, ඔය කියන කෙනා ගැන නම් ගම් ඇතුව කියන්න (නි)
ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය, ගරු. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට මේ පිලිබදව දැනුම් දෙන්න. අද පොසොන් පෝය නිසා එතුමා සිල් අරගෙන ඇති දඹුලු පන්සලේ. අලුත් විහාරය සහ පිළිම වහන්සේ දැක්කම එතුමා කියනව දඹුලු රජමහා විහාරයේ ඓතිහාසිකත්වයට හානියක් වන වා කියා. .(දී)
උපන් රටට, ජාතියට,ආගමට නිඟාකරන මේ පුද්ගලයා කවුදැයි යන්න රටට හෙළිකිරීම වටී (නි)
සිගිරිය ගල් වලට විකුණන් කන්න. සිංහරාජ අඩවිය මොරටුවේ ලි බඩු කර්මන්තයට දෙන්න. ඓතිහාසික වටිනා කම් තිබෙන පැරණි නටබුන් සුද්දන්ට විකුනන්න. බෞද්ධ සිද්දස්ථාන කඩා කැසිනෝ සල් දමන්න බොහෝ මැති ඇමති වරුන් කැමැත්තක් දක්වන බව ඔවුන්ගේ ක්‍රියා පටි පාටි වලින් පේනවා. නම් සඳහන් නොකලත් දන්නෝ දනිති (නදී)
කවුද දන්නෙ නැහැ මේ? (නි)
අනේ හාමුදුරුවනේ, ඒ ඇමතිගේ නම කියන්නකෝ. අපිට ඊළග මැතිවරණයේදී ඔහු නැවතත් පාර්ලිමේන්තු යවනවාද නැද්ද කියලා දැන්ම තීරණය කරන්න. (නි)
අදාල යුනෙස්කෝවේ නිලධාරියා කවුද කියා පවසන මෙන් කාරුණිකව ඉල්ලමි (නි)
ඔය ඇමති කවුද දන්නෙ නැහැ. (නි)
වෙන කව්ද ඉතින් (නදී)
ඉඳලා හිටලා දෙව්දත් අයත් ඉපදෙනවා.සිංහ හම පොරවාගෙන සමාජයේ ගැවසෙමින් රටට, ජාතියට,ආගමට ,වින කරන්න බලාගෙන ඉන්න කැනහිලුන් දුටු විට ඔවුන් ගැන හෙළිකිරීම ජාතික වගකීමක් බව මම සිතමි (නි)
බලනකොට මේවා රකින්න ඉන්න අයමනේ මේවා වනසන්නේ (නි)
ගස් යට, ගල් යට, හන්දියක් හන්දියක් පාසා ප්‍රථිමා ඉදිකර තිබෙනවා, කිසිදු සෙවණක් හෝ ආවරණයක් නොමැතිව. කාක්කන් විසින් අපවිත්‍ර කරනවා පමණක් නොවේ,ඒවා ඉදිරියේ නොයෙකුත් මාදිලියේ වෛවාරණ නිරූපන දැක්වෙනවා. දකිනවිට අප හද තුළ ඇතිවන්නේ හදකම්පා වන සුලු හැඟීමක්. එහි ඇති භයානක පැත්ත නම්, අපගේ ඉදිරි පරම්පරාව තුළ පිරිහෙමින් පවතින ගෞරවයයි. (නි)
ඇමතිගේ නමත් එක්කම කියන්න හාමුදුරුවනේ (නි)
කරුණාකර ඔහුගේ නම හෙළිකරන්න (නි)
මේ රටේ බුදු පිළිම තිබෙන එක නරක දෙයක්ද? (නි)
ලේ කකියවන පුවතක් මේක. අපි ඉතිහාසයේ ඉඳලම ජීවිත පූජා කළේ, ලේ වැගිරෙන සටන් කළේ බුදුහාමුදුරුවන්ට තිබෙන ගෞරවය නිසා. බුදුපිළිම, විහාර,පන්සල් ආදී මේ හැමදෙයක්ම ඉදිකළ ඒ ඉතිහාසය අකාමකා දමන්නට තරම් සාහසික සිතක් ඇති ඇමතියා සූදානම් වන්නේ තවත් මහා ලේ වැගිරීමකටද? (නි)
කෝ අපේ සේනාවන්? මේවාට යම් ක්‍රියාමාර්ගයක් ගනී යැයි අපි සිතනවා. (නි)
මම ගිය පාර ඡන්දෙ දුන්නෙ හොඳ සිහියෙන්ද කියලා දැන් හිතෙනවා. ඒකනේ දැන් මෙහෙම දේවල් අහගන්න ලැබෙන්නේ. අපේ රටට ගිය කලක් ! (නි)
හාමුදුරුවනේ, ඒ කවුද කියලා කියන්න. ඉතුරු හරිය අපි බලාගන්නම් (නි)
දැන් මේකටත් සමහරු කියයිද දන්නෙ නැහැ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් කියලා. (නි)
මෙහෙම වැඩක් කරන්න පුළුවන් බලවතා කවුද (දී)
ඇමති කවුද කියලා බලන්න පෙර සොයන්න ඕනෑ, ඔය ඇමතිට ඡන්දෙ දුන් අපේ කට්ටිය කවුද කියලා (නි)
මේවා ඉහළ තැන්වල අනෙක් උදවිය තාම දන්නේ නැද්ද? (නි)
බලන්න අපි නොදන්නා කොපමණ දේ සිදුවෙනවාද? පළමුව මේවා ගැන සොයා බැලුවා නම් තමා වඩාත් සුදුසු. (නි)
මේ කවුද කියලා මහජනතාව දැනගත යුතුයි අපේ හාමුදුරුවනේ! උදේ පාන්දරම ලේ කෝප වුණා. අපි දුක් මහන්සියෙන් හම්බ කරන දේ භක්තියෙන් ශාසනයට පුජා කරනවා. මේ තුමාලා ඒවා නැති කරන්න හදනවා. (නි)
එතන ඉතිරි නටඹුන් ටික අපි වගකිවයුතු සංවිධානයකට භාර දෙමු, ලෝක උරුමයක් කියා ආරක්ෂා කරගන්න (නි)
බුදු දහම නැති කරනවා කියමින් සමහරු සාමාන්‍ය මිනිසුන්ට චෝදනා කරනවා. දැන් මේ බලවතාට ලයිසන් දීලාද එතකොට එහෙම කරන්න? (නි)
බලමුකෝ මොකද වෙන්නෙ කියලා. අපිට අද හෙටම ඔහු කවුද කියලා දැනගන්න පුලුවන් වෙයි (නි)
කවුද මේ ඇමතිතුමා? අපේ හාමුදුරුවනේ, මේ අපාගත වන වැඩේ නවත්වන එකම ඔබ වහන්සේට නිවන් දකින පිනක්. මේක රටට හෙළි කරන්න. (නි)
මේක වගකිවයුත්තන් තාම දන්නේ නැද්ද? රට වටේම සිද්ධස්ථාන දියුණු කළත් වැඩක් නැහැ, ඒවා නැති කරන්න වේයන් මීයන් බෝ වෙනකොට. (නි)
මේ බලවතාගේ රාජකාරි කරන තැන ඉදිරියෙන් බෝඩ් එකක් ගහන්න ඕනෑ, "හක්කේ බුදු රැස්, බොක්කේ දඩ මස්. " කියලා (නි)
පිළිමය රටටම අපලයක් කියලා කියන්නේ මේක කඩන්න හදන පාර්ශ්වය වෙන්න ඕනෑ. (ස)
හාමුදුරුවෝ ඇමතිවරයා ගෙන්නලා ප්‍රශ්නකලේ නැත්තේ මොකද.? (ස)