කිලෝවක් රුපියල් 90කට අද වන විට දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 35ක් ගොවීන්ගෙන් මිලට ගෙන ඇතැයි ලංකා සතොස කියයි.
දඹුල්ල කණ්ඩලම හා පැල්වෙහෙර ගබඩා දෙකම ලුනු වලින් පිරි ඇති නිසා එම ගබඩා දෙකේ ලූණු මිලට ගැනීම තාවකාලිකව අත්හිටුවා එම ලූනු තොග වෙනත් ගබඩා වලට ප්‍රවාහනය කිරීමෙන් පසු නැවත මිලදී ගැනීම ආරම්භ කරන බව සතොස පවසයි.
කැකිරාව, සීගිරිය, ගලේවෙල, ගලෙන්බිදුනුවැව, බකමූණ යන මධ්‍යස්ථාන වල ලොකු ලූනු මිලදී ගන්නා බවද සතොස පවසයි.
ගොවීන් සතුව තවත් දේශිය ලොකු ලූනු කිලෝ ලක්ෂ 15 වඩා වැඩි ප්‍රමාණයක් ඇති බව ගොවි සංවිධාන සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙට ලූනු දන්සැලක්වත් දෙන්නද මන්දා යන්නේ? (නි)
වේවා රටට සමෘද්ධියක්! (නි)
බී ලූනු ගොවියාට මේ දවස් වල ජයයි. හැබැයි ඊටපස්සේ මේවා කුණු වෙනකම් ගබඩාවල තිබිලා පස්සේ විසිකරලා දායිද දන්නෙ නැහැ. මේවා හැමදාම වෙන සාමාන්‍ය දේවල් බවට පත්වෙලා. මෙවැනි දේවල් නවත්වන්න පුළුවන්. නමුත් එහෙම කරන්නෙ නැහැ (නි)
හරි හැටි කලමකරිත්වයක් නැති කමනේ. ගොවීන්ට පාරට බැහැලා උද්ඝෝෂනය කරන්න වෙලා තියෙන්නේ. තමන් නෙලාගත් අස්වැන්න විකුණගන්න ගොවියන් උද්ඝෝෂනය කරේ නැත්නම් බඩු ගන්නේ නැහැ. (ර)
හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා. ලුණු වැව්වත්, අල වැව්වත් නිෂ්පාදකයා, වෙළඳපොල හා පාරිභෝගිකයා ගැන සළකලා නොවෙයි වැඩ කරන්නේ. ඡන්ද ඉලක්ක කරගෙන කරන මේ විකාර වලින් විනාශ වන්නේ රටේ කෘෂි ආර්ථිකය පමණක් ගොවියාගේ හා පාරිභෝගිකයා තුල රට පිලිබඳ ඇති ලැදියාවත් විනාශවී යනවා. කාට කියන්නද?(හේ)
සසංක, ඔයා හිතුවට මේක රටට සමෘද්ධියක් කියල ළුණු ඉක්මනට නරක් වෙනවා. මේ සේරම විසික් කරන්න වෙනවා. ඡන්දෙ නිසා ඔක්කොම ටික සල්ලි දීල ගන්නවා මිසක් ගොවියාට ආදරේට මේවා ගන්නවා නෙමෙයි. ඡන්දෙ ඉවර වෙනකල් ඉන්නකෝ. මේ ආණ්ඩුවම දිනුවොත් ඊට පස්සේ වෙන දේවල් එතකොට බලාගන්න පුළුවන් වෙයි. සිරිසේන මහත්තය අනිත් පැත්තට යනකල් ඉන්න ඕනේ උනා හාල් මිල අඩු කරන්න. ජන්දේ ලං උන නිසා බඩු මිල අඩු කලා. අවුරුදු 10ක් රට පාලනය කරලා දැන් තමයි බඩු මිල අඩු කරන්න මතක් උනේ. ජන්දෙන් පස්සේ ඕව වැඩි වෙන විදිහ හිතා ගන්නවත් බැරි වෙයි. මතක තියා ගන්න රුපියල් 100ක් වැඩි කරලා තමයි ඔය රුපියල් 5ක්, 10ක් විතර අඩු කලේ කියලා. ඔලුවක් තියෙන මිනිස්සුන්ට මේවා තේරෙනවා හොදට. රටකට දෙන්න පුළුවන් දේවල් තියෙනවා. වාසියට දෙන දේයි පුළුවන් නිසා දෙන දේයි අපි නම් හොදට දන්නවා. (නදී)