අද බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ඉන්දියාවට ගිහින් දඹදිව වැදලා සිවුරු ගලවල සරං ඇදගෙන මහා බෝධියට එන තත්ත්වයකට පත් වී ඇති බව චෙන්නායි නුවර මධ්‍යම දුම්රිය පොළේදී කොටි හිතවාදීන්ගේ පහරදීම් වලට ලක්ව දිවයිනට පැමිණි හික්දවුල උඩගමිපිටිටයේ පුරාණ විහාරාධිපති වතුපොල වංගීස හිමියෝ කටුනායකොදී පැවසූහ.
ඒ හිමියන් සමග දඹදිව වන්දනාමාන කිරීමට ගිය ශ්‍රී ලාංකික නඩයේ 19 දෙනෙක් ද දිවයිනට ආහ.
මේ අතර වැඩිහිටි කාන්තාවන් 14 දෙනෙක් ද, වැඩිහිටි පිරිමි 5 දෙනෙක් ද වෙති.
බොදුබල සේනා සංවිධානයේ ලේකම් ගලබොඩ අත්තේ ඥානසාර හිමි අතුළු භික්ෂූහු වංගීස හිමිගේ සුව දුක් බැලීමට කටුනායක ගුවන්තොටුපොළට වැඩම කර සිටියහ.
වංගීස හිමියන් අතුළු පිරිස දඹදිව වන්දනා චාරිකාවට ගොස් දිල්ලි නගරයේ සිට තමිල්නාඩු එක්ස්ප්‍රස් නැමැති දුම්රියෙන් චෙන්නායි දුම්රිය ස්ථානයට පැමිණි අවස්ථාවේ දුම්රිය මැදිරියේ සිටියදී කොටි හිතවාදී පිරිසක් මෙම භික්ෂූන් වහන්සේට පහර දී තිබූණි.
වැඩිදුරටත් අදහස් දැක්වූ වංගීස හිමියන් මෙසේද පැවසූහ
‘අපි ඉන්දියාවට ගියේ බුදුරජානන් වහන්සේගේ උපන් දේශය බලලා උන්වහන්සේ වැඩසිටි තැන් බලලා වැද පුදාගෙන පින් රැස් කර ගෙන ඒමටයි.
අද උදෙත් මම දැක්කා අපේ ස්වාමීන්වහන්සේලා කිහිපදෙනෙක් දඹදිව වන්දනාමාන කරලා චෙන්නායි මහා බෝධියට ආවේ සරං ඇදගෙන, කමිස ඇදගෙන. මම උන්වහන්සේලා සමග කතා කළා. උන්නහන්සේලා එහෙම ආවේ පන බේරාගන්නයි. අද තත්වය ඒකයි.
මාවත් ඒ තත්වයට පත් වුනා. නමුත් මම තීරණයක් අරගෙන තිබුනේ මග මැරුණත් සිවුර ඉවත් කරන්නේ නැහැ කියලා. ඒ ඇත්තන් මට පහර දෙනකොට උපාසක අම්මලයි, එතන හිටපු නාට්ටාමි කෙනෙකුයි කිව්වා සිවුර ටිකක් වෙනස් කරලා යන්න නැත්නම් ආයේ ගහයි කියලා.
ඉන්පස්සේ මම සීතලට අදින ඇදුමක් උඩට දාගෙන තොප්පියක් දාගෙන තමයි ආවේ. මම අපේ නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ අපේ ස්වාමීන් වහන්සේලාට සික්ෂා පද ආරක්ෂා කරගෙන සිවුරට හානියක් නොවන ලෙසින් දඹදිව වන්දනා මාන කරලා එන්න වාතාවරණය සකස් කර දෙන්න කියලයි.
මම ගුටි කෑවේ සංඝ සාසනය වෙනුවෙන් සහ ශ්‍රී ලංකා වාසීන් වෙනුවෙන් කියලා මම දැන් සතුටට පත් වෙනවා.
එකපාරටම කැමරාවක් ගත්ත කෙනෙකුයි, තව කෙනෙකුයි කෝච්චියට නැග්ගා. එක්කෙනෙක් කැමරාව හදා ගත්තට පස්සේ රෙඩී කියලා කිව්වා. ඉන්පස්සේ අනිත් ඇත්තා ශ්‍රී ලංකා කියලා මට ගහන්න ගත්තා.
මාව ෂීට් එකක් ඇතුලට තල්ලූ කළා. මගේ පාස්පෝට් එහෙම බිම වැටුනා. පස්සේ මම ඒවත් ඇහිද ගෙන ඉක්මනින් කෝච්චි පෙට්ටියෙන් බිමට බැහැලා එහාට මෙහාට දුවලා පාරවල් මෙල්ල කරන්න හැදුවා.
මට තුවාල සිදුවුනේ නැහැ. ඒ ඇත්තෝ ප්‍රහාර එල්ල කලේ වේගයෙන් අත උස්සලා මගේ ඇග පැත්තට එනකොට බොහොම හිමිහිටයි.
ඒ ඇත්තන්ට ඕන වුනේ ඔය නින්දිත වැඩේ කරලා අපේ ලංකාවේ භික්ෂූන් වහන්සේලාට තාඩන පීඩන කරනවා කියලා ලොවට පෙන්නන්නයි කියන හැගීම තමයි මගේ ළග තියෙන්නේ.
මාධ්‍යයෙන් මේවා ප්‍රචාරය කරනවාට වඩා මේ කරන දේවල් සිද්ද නොවන ආකාරයට අපේ ජනාධිපති , මැති ඇමතිවරු , පක්ෂ විපක්ෂ සියළු දෙනා මේක දේශපාලන ප්‍රශ්නයක් කර නොගෙන නැවත මෙවැනි දේවල් සිදු නොවන විදියට කටයුතු කරන්න ඕනෑ.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පින් කරගන්න දඹදිව යන්නම ඕනේ නැහැ. අපේ රටේ සිරීපාදේ, අනුරාධපුර, පොලොන්නරුව වගේ තැන්වල බුදුන්ගේ ආනිසංස බලය කැද්ද? (නදී)
පෙරේරා ඔබ හරි. අද ඔය යන්නේ මේකෙන් විනෝද චාරිකාවක් වගෙයි.(නදී)
ජාති වාදය අවුස්සලා ලංකාව අස්ථාවර කරන්න තමයි මේ හදන්නේ (දී)
රට කරවන ඇත්තො කවුරුත් නැහැ නේද ඇවිත්. මේක සුළු සිද්ධියක් නෙවෙයි ඉතා බරපතල සිදුවීමක්. ඒ අය බලාපොරොත්තුවන්නේ තවත් කළු ජූලියක් රජයෙන් නිහඩ ප්‍රතිපත්ති අනුගමනය කළාම සමහර විට ඔවුන‍්ගේ බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවෙනවා. මේ රටේ රජයක් නැති ගානයි. බලාපුවාම බොදුබල සේනාවට දැන්කියන්න පුලුවන් අපි මේ රටේ නිලනොලත් රජය කියලත්.(නදී)
මතක තියා ගන්න අපිට නොපෙනෙන බලවේග තියෙනවා කියලා. දෙවිවරු වගේ (දී)
මතක තියා ගන්න මේක අපේ හාමුදුරුන්ට කරන අපහාසයක් (දී)
අපි හාමුදුරුරු වෙනුවෙන් කැප වෙනවා (දී)
ඉන්දියාවට ගිය කල (දී)
මොන පාපයක්ද ඒ (දී)
මෙහෙට වෙලා ඉන්නේ නැතිව ඇයි ගුටිකන්නම එහෙටම යන්නේ.(නදී)
ඉතින් ඉස්සර දඹදිව කිවුවේ මේ ලංකාවටමනේ. (නි)
අපි ඔවුන්ගේ උගුල්වලට අසුනොවිය යුතුයි. මේ අය එල්ටීටී ඩයස් පෝරාවේ අයයි.(නදී)
අනේ! බොදු බල සේනාවට පැමිණිලි කරන්නකෝ . (නි)
බෞද්ධයන්ට වෙන අසාදාරනේ කියන්න කිසිම තැනක් තිබුනේ නැහැ. දැන් බොදු සේනාව ඉන්න නිසා අපිට ඕන තැනක කොන්ද කෙලින් තියාගෙන යන්න පුලුවන්. බොදු බල සේනාවට ජයවේවා!(නදී)
පෙරේරා මහත්තයා, මේ අම්මලා තාත්තලා දැක්කම හිතෙන්නේ නැද්ද මෙයාලා ආගමික හැගීමෙන් යනවා කියලා.(නදී)
අපි යන්නේ බුදුන් දකින්න. ඒ ගමන මොන තරම් භයානක වෙලාද (දී)
තමිල්නාඩු අයත් සමග සසදද්දී අපේ හාමුදුරුවරු කොච්චර සිල්වත්ද? (නි)
සිසිර, මේ වෙලාවේ නායකයෝ මොනවා කරන්නද? (නි)
මේ පාප කර්මයනම් ගෙවන්න වේවි (දී)
බලන්න මෙච්චර දෙයක් වෙලත් කිසිම නායකයෙක් මෙතනට ඇවිත් නැහැ අපේ ස්වාමීන්වහන්සේ බලන්න. බොදු බල සේනාවෙන් විතරක් ඇවිල්ලා තියෙනවා. අහංගම රතනසිරි හිමියන්ගේ අදහස මම අනුමත කරමි.(නදී)
බොහෝ දෙනා දඹදිව යන්නේ ආගමික හැගීමෙන් නොව වෙනත් රටක් බලන්න යන විදේශ චාරිකාවක හැගීමෙනුයි. (නි)
මේවට වගකියන්න ඕන කට්ටි දෙකක් ඉන්නවා. මනෝ ගනේෂන් කණ්ඩායම, නොර්වේ කණ්ඩායම, මෙයාලා තමයි මේක උසිගන්නන්නේ.(නදී)
බටහිර බලවේග , ඩයස්පෝරාව, තවත් අන්තවාදි සංවිධාන, සමහර මාධ්‍ය ආයතන, ලංකාවේ ක්‍රියාත්මක සමහර දේශපාලන පක්ශ සමගින් එක්ව ක්‍රියාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයකි මෙය. අතුරු ඵලයක් ලෙස නැවත ලංකාවේ කලු ජූලියක් නිර්මාණය කිරීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. ඇමරිකා යෝජනා ක්‍රියාත්මක කිරීමට එවිට වඩාත් පහසු වෙනවා. බුද්ධිමත් ශ්‍රී ලාංකිකයනි, අපි අපේ රට ගැන අදටත් වඩා හෙට අවදියෙන් සිටිය යුතුයි. විශේෂයෙන් ලබන අගෝස්තු සංචාරක කාලයේදී. ලංකාවේ ආර්ථික මර්මස්ථාන අඩපණ කිරීමත් ඔවුන්ගේ එක් අරමුණකි. විශේෂයෙන් කල්පිටි ධීවරයනි, ඔබ මෙන්ම ආරක්ෂක අංශත් අවදියෙන් සිටිය යුතුය. (නි)
දබදිව නිදහසේ වදින්න යන්න වැඩ කටයුතු ඉක්මන් කරන්න (දී)
කේන්ති ගියත් ඔවුන්ට අනුකම්පා කරන්න. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! (නි)
අයි.පී.එල් වර්ජනය කරන්න එපා. ඒ සල්ලි අරන් එන්න. ඇවිත් මෙහෙ දුප්පත් අයට බෙදලා දෙන්න. ඉන්දියාවේ බඩු පුළුවන් තරම් අඩුවෙන් ගමු.(නදී)
බුද්ධගයාවට යන බැතිමතුන් ටික කලකටවත් තමිල්නාඩුව මගහැර යනවා නම් හොදයි. (නි)
ඉන්දියාවේ වන්දනාවේ යාම ටික කලකට නවත්වන්න (දී)
බොදු බල සේනාව වැනි සංවිධානයක් පිහිටුවා තිබීමේ වටිනාකම අපේ සගරුවනටත් බොදු වැසියන්ටත් වැටහෙන වැදගත් අවස්ථාවකි මේ. අසරණ තත්වයට පත්වූ භික්ෂුන් හා සැදැහැවත් පිරිස හමුවන්නට බොදු බල සේනාවේ ස්වාමින් වහන්සේලා ගුවන් තොටුපලට පැමිණ සිටීම මම බෙහෙවින් අගය කරමි. මෙවැනි සංවිධානයක් නොතිබුනා නම් ඔවුන්ගේ මානසික සහනයට කාගේ පිළිසරණක් ද ? (නි)
අපි මෙලෙස මුනිවත රැකීමෙන් ඵලක් වේද? (නි)
දැන් ඉතින් දඹදිව යනවා නම් මත්තලින් හරි, කටුනායකින් හරි පහසු මිළට ගුවන්සේවයක් දිල්ලියට දාමුකෝ. ඒත් හොදම වැඩේ නම් ටිකකලකටවත් ඉන්දියාවට නොයා ඉන්න එකයි. ඉන්දියාවට අපෙන් ගලන සල්ලි ටිකවත් ඉතුරු වෙයි.(නදී)
මෙය මහා අපරාධයක්. මෙම තත්වය ලෝකයට පෙන්වීමට අපේ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයන් අයි.පී.එල්. වර්ජනය කළ යුතුමය. (නි)
මම මේ ස්වාමින් වහන්සේ ගැන ඇත්තටම ආඩම්බර වෙනවා. (නි)
අපොයි ඔව්, ඉස්සරත් තිබ්බා. දැන් සමහර විට වැඩි වෙලා ඇති. (ස)
ඔය එන්නේ බොදු බල සේනාව.(නදී)
ඕකට තමයි චීන ස්වාමීන් වහන්සේලා කරාටේ ක්‍රීඩාව ප්‍රගුන කළේ. ඉදිරියේදී අපේ ස්වාමීන් වහන්සේලාටත් ගැලවීමට මේවා ප්‍රගුන කරන්න වේවි.(නදී)
ඉෂාන්, ලංකාවට දඹදිව කිව්වේ ඉස්සර. දැන් මිනි මැරුම්, ස්ත්‍රී දුෂණ, කොල්ලකෑම් පිරි ලංකාවක්. (නි)
මෙවැනි ක්‍රියාවන් දැකීම තුලින් අප පුදුමයට පත්විය යුතු ෙනාමැත. මන්දයත් බුදුන් වහන්සේ වැඩසිටිසමයේ දීද මෙවැනි අසාමාන්‍ය සිදුවීමි වලට බුදුන් වහන්ෙස්ට මුහුන දීමට සිදුවු බව අප කියවා ඇත්ටතමු. අදද එසේමය. ඒ තුලින් බුදුන් වහන්සේ ගෙනදුන් පනිවුඩය වූයේ මරියතුමිය කරුණාව පෙරදැරිකර ගෙන වැරද්දට යොමු වූ මනුෂ්‍යයාව නිවැරදි මගට යහ මගට සුමගට යොමු කරලීමයි. බෞද්ධයා යනු බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්නාවු පුද්ගලයාය. නමුත් කණගාටුවට කරුණක්නමි අද පැවිද්දන් ලෙස අපස කරනුයේ කුමක්ද? මෙවැනි අසාමාන්‍ය අවස්ථාවකට මුහුණදුන් විට තමන් ගැන මමත්වයෙන් කල්පණාකරමින් ඒය මෙයට පෙර සිදු නොවූ ලෙස සිතා විද්යුද් මාධ්‍ය ජනමාධ්‍ය මගින් අනවශ්‍යය පුචාරය දෙමින් සාමාන්‍යය දැහැමි ජනයාෙග් සිත්තුල මෙත්‍රිය කරැණාව වෙුනවට වෛරය ක්‍රොදය වැපිරීම යුතු දෙයක් නොවන්නේය. භික්ශුන් වහන්සේලා ලෙස අප මෙයට වඩා ඇතිවන පුශ්නයක් ඉදිරියේදී වුවද ඒ පුශ්නය නිරවුල්කර ගැනීමට බුස්ධිස්වාතන්තුවාදය මෙහෙයවා සිහිබුද්ධිෙයන් යුතුව කටයුතු කරන්ෙන් නමි ඉතා යහයපතී. එසේ නොමැතිව බල කන්ඩායමි මැරකන්ඩායමි තුලින් ෙබෟද්ධ දර්ශනය ස්ථාපිත කලේයැයි ය අප සිතා කටයුතු කරන්ෙන්නමි ඒය මිරිගුවක් පසුපස හබායන මුව පොව්වෙකු හා සමාන වන්නේය.(නදී)
සම්පත් ඔයා හරි. ඇත්තටම බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරන විට කන් දෙක විදලා තිබුණා. ඇයි අපේ හාමුදුරුවරු කන් විදින්නේ නැත්තේ. (නි)
where is Minister for Buddha Sasana?
කවදද නිදහසේ බුදුන් දකින්න යන්න පුළුවන් (දී)
වැඩේනම් අන්තිම නරකයි (දී)
කවදද නිදහසේ දබදිව යන්න ලැබෙන්නේ (දී)
කවදද ආපහු නිදහසේ දබදිව යන්න පුළුවන්? (දී)
මේකට ඉක්මන් විසදුමක් නොගත්තොත් දැඩි අර්බුද මතු වෙන්න පුළුවන් (දී)
මමනම් කියන්නේ ටික කාලයකට නොගිහින් ඉම්මු (දී)
අයි අයියෝ මොන ඇහෙතුවක්ද ඒ (දී)
ඉස්සරත් මෙහෙම වෙලා තියෙනවාද (දී)
අසාම්, බුද්ධගයාවට යන බැතිමතුන් තමිල්නාඩුව ටික කලකට නොව සදාකල්හිම අතහැර කෙලින්ම මත්තල සිට බුද්ධගයාවට යන්න දැන් පුළුවන්නේ (නි)
දෙරටේ සහයෝගීතාවට මේක ලොකු ප්‍රශ්නයක් (දී)