IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


දඹදිව ගිය නඩ දෙකක් අතරමං කරලා

කොළඹට තදාසන්න නගරයකින් දඹදිව වන්දනාවේ රැගෙන ගිය වන්දනා නඩ දෙකක් චෙන්නායි නුවරට රැගෙන ආ සංවිධායක සොයා ගැනීමට නැතැයි මහාබෝධි විහාරාධිකාරී කලවානේ මහානාම හිමියන්ට එම වන්දනාකරුවෝ පැමිණිලි කළහ.

පසුගිය පළමුවැනිදා ඉන්දියාවට පැමිණි මේ පිරිස මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත්තේ වන්දනා ගමන අවසන්වී චෙන්නායි නුවර බලා එමින් සිටියදී ය.

රුපියල් 68000 සිට 72000 දක්වා එක් අයකු මුදල් ගෙවා ඇතත් ආහාර, නවාතැන් හා ප්‍රවාහන ඉතා අයහපත් බව වන්දනාකරුවෝ වැඩි දෙනෙක් කීහ.

ඔවුන්ගෙන් අයකරගත් මුදලට අමතරව සංවිධායක  අග්‍රා නුවරදී අඩු ගණනේ වන්දනාකරුවන්ගේ වියදමට තුබූ ලංකා රුපියල් අට ලක්ෂයක් පමණ   තිබී ඉන්දියා මුදල්වලට මාරු කර දිම සඳහා ලබා ගෙන ඇති බවත්,   ඔහු හෝ මුදල් හෝ බදාදා (20) සවස්වන තුරු නොදුටු බවත් වන්දනාකරුවෝ මහාබෝධියේදී කීහ.

මාහාබෝධියට පැමිණෙන බව දන්වා ඇත්තේ කලින් දිනයේය. ඒ නිසා නවාතැන් දීමේදී සෑහෙන ප්‍රශ්නවලට මුහුණ පෑ බව කලවානේ මහානාම හිමි පැවසූහ.   

එක් නඩයක සිටි දික්වැල්ල මාලියද්දේ එස් බී මැගිලින් නෝනා (77) මහත්මිය   දුම්රියේදී අසනීප වී චෙන්නායි මහා රෝහලට ඇතුළු කළ බවත්, රෝහලට ගෙන යන විට ද ඇය මිය ගොස් සිටි බව වෛද්‍යවරු පැවසූ බවත්  මහානාම හිමියෝ කීහ.

එකම සංවිධායක නම් සංවිධාන දෙකක නම්වලින් නඩ දෙක රැගෙන ආ බව පෙනේයැයි කලවානේ මහානාම හිමියෝ කීහ.

මහාබෝධියට මෙතරම් පිරිසක් රැගෙන ආ  සංවිධායක  අද මෙම ස්ථානයේදී හමු නොවූ බවත්, සාමාන්‍යයෙන් නඩ රැගෙන එන සංවිධායකවරුන් තමන් හමුවන බවත් කියන මාහානාම හිමියෝ වන්දනාකරුවන් කියන විස්තර සැබෑනම් මේ සංවිධායකයා මීට කලින් ද වන්දනාකරුවන් අතරමං කළ බව පේනේයැයි  ද කීහ.

කෑගල්ලේ සිට දඹදිව වන්දනාවේ ගිය හේමලතා මහත්මිය දුරකතනයෙන් ලංකාදීප සමග මෙසේ කීවාය.

‘වන්දනා ගමනට මගෙන් රුපියල් 72000ක් විතර ගත්තා. වන්දනාව අතරතුරදි මගේ කකුලේ ආබාධයක් ඇතිවුණා. ඊට පස්සේ පුතා රුපියල් 70,000ක් එව්වා. ඒ සල්ලි ප්‍රධාන සංවිධායක ගත්තා. දැන් එයා ආගිය අතක් නෑ.‘

මේ එක් නඩයක සංවිධායකවරියක බව කියන කාන්තාවක මෙසේ පැසුවාය.

‘අපේ නඩේ කිසිම ගැටළුවක් නෑ. අම්ම කෙනෙක් නැතිවුණා තමයි. ඒක හදිසියේ වෙච්ච දෙයක්. අපි නඩ දෙකක් විදියට ආවේ.එක නඩයක් විදියට නෙමේ. ඒත් නඩ දෙකම එකට ගියේ. අනිකේ සංවිධායකයා මගේ ඥාති සහෝදරයෙක්. එයා අතරමගදි කොහේ ගියාද දන්නේ නෑ. එයාට කරදරයක් වෙලාද දන්නේ නෑ.‘

අනෙක් නඩයේ වන්දනා ආයතනයේ පුද්ගලයෙක් මෙසේ පැවසූහ.

‘අපේ නඩේ කිසිම ගැටළුවක් නෑ. සංවිධායක සංල්ලි අරගෙන ගියාද නැද්ද අපි දන්නේ නෑ. එයා දැන් කොහේ ඉන්නවාද දන්නෙත් නෑ. අපිට කිව්වෙත් නෑ. අපි වන්දනාකරුවො ගැන බලා ගන්නවා. ගැටලුවක් නෑ.‘

මහාබෝධි විහාරාධිකාරී කලවානේ මාහානාම හිමියන් පැවසුවේ මේ පිරිස විශේෂ පොලිස් ආරක්ෂාවක් යටතේ කිසිදු ගැටළුවකින් තොරව ශ්‍රී ලංකාවට යැවීමට කටයුතු කරන බවයි.

මියගිය මැගිලින් නෝනා මහත්මියගේ දේහය සම්බන්ධයෙන් සියලු වැඩ අවසන් කර බ්‍රහස්පතින්දා (21) දේහය දිවයිනට එවීම කටයුතු කර බව මාහානාම හිමියෝ පවැසූහ.

මියගිය මැගිලින්නෝනාගේ බෑණනුවන් කෙනකු වන මුණිදාස පරණගේ මහතා මෙසේ පැවසීය.

‘අම්මා දෙවැනි වතාවට තමයි මේ දඹදිව ගියේ. යද්දි කියන්න තරම් අසනිපයක් තිබුණේ නෑ. ගියාට පස්සෙක් කිහිප සැරයක් කතා කළා. එක් අවස්ථාවකදී උගුරේ ආබාධයක් ඇති වෙලා බෙහෙත් ගත්තා කිව්වා. කොළඹ පැත්තේ සංවිධායක වරියක් එක්ක තමයි අම්මා ගියේ. අන්තිම දවස් දෙකේ නම් කතා කලේ නෑ. අම්මා නැතිවුණා කියලා කිව්වේ වන්දනා නඩේ හිටපු වෙන කෙනෙක්. ‘

මේ අතර චෙන්නායි මහාබෝධියේ ආරක්ෂාව තර කැර තිබේ. දුම්රියපලේ සිට චෙන්නායි මහබෝධියටත් චෙන්නායි මහබෝධියේ සිට ගුවන් තොටුපළටත් යන එන සියලුම වන්දනා කණ්ඩායම් සමග පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ද යන බව මහානාම හිමියෝ කියති.  

‘ආවට ගියාට වන්දනාවෙ එන්න එපා. සංවිධායකවරු ගැන හොදට සොයා බලන්න.‘ යැයි ද ඒ හිමියෝ කීහ.



අදහස් (0)

දඹදිව ගිය නඩ දෙකක් අතරමං කරලා

ගාමිණි Wednesday, 20 March 2013 03:56 PM

ඒ මිනිස්සුන්ව බේරා ගත්තු අයට බොහොම පින් (දී)

:       0       0

අජන්ත Wednesday, 20 March 2013 03:51 PM

ටික කාලයක් යනකල් ඒහේ නොගිහින් ඉම්මු (දී)

:       0       0

සමන්ත Wednesday, 20 March 2013 10:36 PM

සංවිධානයේ නම කියන්න,තව අයට කරදර වෙන්න කලින්. (නි)

:       0       0

අනුර Wednesday, 20 March 2013 04:15 PM

මොකද්ද මේ දැන් ඉන්දියාවට වෙලා තියෙන්නේ (දී)

:       0       0

පාලිත Wednesday, 20 March 2013 04:29 PM

මොකද්ද මේ අලුත්ම රැල්ල (දී)

:       0       0

කාලිංග Wednesday, 20 March 2013 04:24 PM

මේ දවස් දෙක තුන දඹදිව නොගිහින් ඉන්න (දී)

:       0       0

සුමේධ Wednesday, 20 March 2013 11:53 PM

කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)

:       0       0

සුමිත් Thursday, 21 March 2013 12:05 AM

ඔහොම මිනිස්සු ඉන්නවා තමයි (දී)

:       0       0

සුජා Wednesday, 20 March 2013 04:51 PM

මහානාම හිමියන්ට පිං. අනේ දෑන්වත් ඔය හොර සංවිධායකයක්ට යමක් කරන්න බැරිද අනේ ? (නි)

:       0       0

තිස්ස Wednesday, 20 March 2013 05:43 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

මිලින්ද Wednesday, 20 March 2013 05:51 PM

දෙයියනේ (දී)

:       0       0

සෙන්තිල් Thursday, 21 March 2013 03:13 AM

දැක්කා නේද සිංහලයන්ගේ යහපත් ගති? (නි)

:       0       0

ලලිත් Wednesday, 20 March 2013 05:54 PM

අයියෝ සල්ලි (දී)

:       0       0

ග්‍රිෂාණි Wednesday, 20 March 2013 06:07 PM

ඇයි මේ සංවිධායකයාගේ නම කියන්නේ නැත්තේ. එයාගේ නම කියන්න. ඇත්තටම මෙයා හොරෙක් නම් දැනටම ලංකාවට ඇවිත් තව නඩයක් එකතු කරනවා ඇති. ඉන්දියාවේ වන්දනාවේ යන එක බිස්නස් එකක් . ඒ බිස්නස් එකට අහිංසක දුප්පත් උපාසක අම්මලා අහුවෙනවා. ‍ (නි)

:       0       0

ප්‍රියා Thursday, 21 March 2013 07:27 AM

කව්ද මේ වට වග කියන්නේ? (දී)

:       0       0

අජන්ත Wednesday, 20 March 2013 06:24 PM

ඒ පිරිස මොනතරම් අසරණ වෙනවාද (දී)

:       0       0

උදය Thursday, 21 March 2013 08:16 AM

ආවට ගියාට වන්දනාවෙ එන්න එපා. (නි)

:       0       0

වසන්ත Wednesday, 20 March 2013 06:59 PM

මොන කැත වැඩක්ද ඒ (දී)

:       0       0

මාලා Thursday, 21 March 2013 08:41 AM

සුළු දිය දාපු කෙනෙක්ගේ නම් ගම් දානවා වගේ මෙයාගේ නමත් කියන්නකෝ. (නි)

:       0       0

නාලක Thursday, 21 March 2013 08:42 AM

පවු කාර වැඩ (දී)

:       0       0

අසංක Wednesday, 20 March 2013 07:28 PM

සමහර ආයතන තියෙනවා ඔය වගේ කැත වැඩ කරන (දී)

:       0       0

ප්‍රභා Wednesday, 20 March 2013 08:30 PM

මේ මෝඩ වැඩ වලට අහුවෙන මිනිස්සුන්ටයි අල්ලගෙන තඩිබාන්න තියෙන්නේ. (නි)

:       0       0

බන්දුල Thursday, 21 March 2013 09:52 AM

අනේ මන්දා මේවට ඉක්මන් පියවරක් ගත්තොත් ගොදයි (දී)

:       0       0

ඉශාන් Thursday, 21 March 2013 09:52 AM

මෙහෙමත් අපරාද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site