තම දෙමළ ඊළාම් නිජබිම ශ්‍රී ලංකා හමුදාව අල්ලාගෙන ඇති බවත්, එය ප්‍රජාතන්ත්‍රවාදීව නැවත දිනාගත යුතු බවත් ඒ සඳහා ඉන්දියා දෙමළ ජනයා ඇතුළුව ලොව පුරා විසිර සිටින සියලුම දෙමළ ජනතාවගේ ඒකරාශී වීම අද දවසේ තම යුතුකම බව බ්‍රිතාන්‍යයේ දෙමළ ජාතික සංසදයේ ව්‍යාපාරික හා මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන අනුරාධා මිත්තාල් පැවසුවාය.
මීට සහභාගීව ඕස්ට්‍රේලියාවෙට පැමිණි ශ්‍රී ලංකා රජයේ හිටපු විදුහල්පතිවරයකු පැවසුවේ ඉන්දියාව ඇතුළු ලෝකයේ බලවත් රටවල යුද පුහුණුව සහ යුද තාක්ෂණය ද ශ්‍රී ලංකාවට ලබා දෙනවාට විරුද්ධවත් ජාත්‍යන්තරය පෙළ ගස්වන බවයි. වත්මන් ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර දේශපාලන හා ව්‍යාපාර ලෝකයේ හුදකලා කරවීමට තම සංසදය දැඩි පියවර ගන්නා බවත්ය.
ඕසට්‍රේලියාවේ සැඩෝ ලිබරල් මන්ත්‍රීවරයික නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ආණ්ඩු පක්ෂයේ විදේශ කටයුතු අමාත්‍යවරිය වන ජුලී ඉසබෙල් බිෂොප් ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සිදුවී තිබෙන යුද අපරාධවලට දේපර්ශ්වයම වග කිව යුතු බවයි. ශ්‍රී ලංකා යුද අපරාධ විමර්ශනය කිරීම තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඕ කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස මෙකී කෙටියෙන්.|!!! අපේ රටේ දෙමල ජනතාව මේ විදේශ කුමන්ත්‍රනයට එරෙහිව පෙළ ගෙසෙනේ නෙත්නම් සිංහල ජනතාව මොකටද එයාල එක්ක සමගියෙන් ඉන්නේ ?? අපේ රටේ දෙමල අය හරිම අර්ත්මර්තකාමී බව නේද ඉන් පෙනෙන්නේ ?? (දී)
කව්ද මේවාට විසදුම් හොයන්න (දී)
කවදාද මෙ කරදර ඉවර වෙන්නේ? (දී)
ලෙඩ දාන තරමක් දාන්නේ මේ අයනේ (දී)
'අපි කවදත් බෙදාහදාගත් ජාතියක් උනාට බෙදී වෙන්වන ජාතියක් නොවන බව ලෝකයට පෙන්වා දිය යුතුයි....' මේ ටික ආණ්ඩුව තේරුම් ගන්න ඕනේ. ජනාධිපති හැම එකටම අත්සන් කරනවා. දෙනවා කියනවා බටහිරින් පුම්බන කොට. හැබැයි කලින් ආණ්ඩු තරම්ම දන නමන්නේ නැහැ. එකත් කියන්න ඕනේ. දැන් කියන්න ඕනේ දරුණු කොටි නැති කරද්දී අහිංසක ජීවිත ටිකකුත් නැතිවෙන්න ඇති ඒක වලක්වන්න බැරි බව ඇමරිකාව ඉරාක්, ඇෆ්ඝනිස්තන්, වගේ රටවල කරන මිනි මැරීම් වලින් පේන හැටි ඇමරිකන් තානාපතිටවත් පෙන්නලා දෙන්න ඕනේ . ඉංග්‍රීසි පත්තර වල දාන්න ඕනේ. දැන් වෙන්නේ තානාපති ආණ්ඩුවට නියෝග දෙන එකයි. මේක හරිම පුදුම තත්වයක්.?(දී)
සත්‍ය දිනනවා කියලා කිව්වේ කවුද? ඒක හින්දු මතයක්. ඉන්දියාවේවත් ඒක දිනන්නේ නැහැ. රට බේරගන්න නම් අපි ඕව කියා කියා ඉඳලා මදි එකමුතුවෙලා අපේ මිනිස්සුන්ට නැගිටින්න උදවු කරන්න වෙනවා.(දී)
කොච්චර ලෙඩ දැම්මත් අපි ජනපති තුමන් සමගයි (දී)
දැන් ඕනෑම රටක වගේම ලෝකයේත් දේශපාලන කටයුතු කෙරෙන්නේ අමුතුම හැංගිච්ච ආකාරයකට.රහස් කටයුතු ගොඩයි..අපේ රටට එරෙහිව සම්බාදක පැනවීම දක්වා බරපතල තැනකට තල්ලු කරන්න ඔය අන්තවාදී කණ්ඩායම් වැඩ කරාවි.මේ ආණ්ඩුවේත් ඊටේ විරුද්දව කරන හොඳ කටයුතු තියෙනවා..මේ ප්‍රශ්නය හරියටම විසදෙන්න නම් ගොඩක් කල් යයි..අපි හැමෝම කරන්න ඕන උතුරේ සාමාන්‍ය ජනතාව දින ගන්න එකයි ,එල්ටීටී කට්ටියයි කෑදර දේශපලයකයෝයි පරාජය කරන සැලැස්මක් උතුර වෙනුවෙන් ආණ්ඩුව දියත් කරන්න ඕන..ඇමරිකානු හිතවාදීන්ගේ කුමන්ත්‍රණ කාරී සැලසුම් පරද්දන්න අපට උදව කරන රටවල් ගණන වැඩි කර ගන්න ඕන,,ඒවා හැකි තරම් දැනටත් ආණ්ඩුව කරනවා,,අර එක්කෙනෙක් කියල තිබ්බ යුද්දයේ අවසාන සතියේ බුරුතු පිටින් මිනිස්සු මරුවනම් අපේ හමුදාව.."මොකද මිනිස්සු ලක්ෂ ගානක් හමුදාව ඉන්න පැත්තට පන එපා කියල දුවගෙන අවේ කියල" කවුද මිනීමරුවෝ කවුද හොඳ මිනිස්සු කියල ඒ වෙදිඕ එකෙන්ම තේරෙනවා..අපි හැමෝම හොඳට තේරුම් ගන්න ඕන මේ ලෝකේ දැන් තියෙන රහස් දේශපාලන වැඩ..තෙරුවන් සරණයි (දී).
මුන් රටට ජාතියට ආදරයක් තියෙනවා නම් තමන්ගේ රට වන ඉන්දියාවෙන් කොන්කරයි (අ)
දෙමල ඩයස්පෝරාව ලංකාවෙන් පිට සැහෙන ශක්තිමත් බව පැහැදිලි කරුණක්. ඒගොල්ලන් ගෙන යන ශ්‍රී ලංකා විරෝධී සත්‍ය විකුර්ති කල ප්‍රචාරයන් මැඩලීමට ලංකාවේ තානාපති කාර්යාල ඇතුළු සිංහල ඩයස්පෝරාව පලකට ඇති වැඩපිළිවෙලක් කරන බවක් තවම පෙනෙන්නට නම් නැහැ. (අ)
ස්වාධීන ස්වෛරී රාජ්‍යයකට එරෙහිව හිටපු විදුහල්පතිවරයා කරන්න හිතාගෙන ඉන්න දේවල් ප්‍රභාකරන්ගේ නොදුටු සිහිනයට දෙවෙනි නැහැ. (අ)
අවියෙන් බැරිවුනා ජනාදිපති තුමාට පිං රට බේරා දුන්නට,දැන් පෑනෙන්. අපේ ජනාදිපතිතුමා දකුණෙන් ආවේ අවියත් පෑනත් හොදට හුරුයි.එතුමන්ට දීර්ගායු ලැබේවා ඉදිරියත් මවුබිම රැකගන්න,(අ)
අවුරුදු තිහක් ලෝකේ හිටපු මිලේචම ත්‍රස්තවාදීන් එක්ක සටන් කරලා ඔවුන්ව මේ මිහිතලයෙන් අතුගා දමපු ශ්‍රී ලංකා ආරක්සක හමුදාවන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම බිම් අඟලක රැඳී සිටින්න අයිතිය සහ බලය තියෙනවා කියල ඔය සංසදයට තියෙනවා කියන්න කැමතයි වගේම ශ්‍රී ලංකාව එක රට මිසක් දෙකක් නොවන බවත් මේ කට්ටිය දැනගත්තොත් හොඳයි (අ)
අපේ හමුදාවල් නොකරපු වැරදි වලට වන්දි ගෙවන්න සලස්වළ තියෙන්නේ අපේම පාලකයින්ගේ වරදින්. අපි නිවැරදියි කියල හමුදාවේ ඉහළ සිට පහළම අය දක්වා දැන හිටියත් අපේ ආණ්ඩුවේ "මොළ" කාරයෝ ඒක දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා බැන්කි මූන් ඉස්සරහ දෙකට නැවිලා අත්සන් කළා යුද අපරාධ ගැන හොයල වාර්තාව දෙන්නම් කියල. පොලිසියෙන් ඇහුවහම තාත්ත කෝ කියල පුතා කිව්වලු තාත්ත දොර මුල්ලේ නැහැ කියල. (අ)
අපේ රජතුමා ඇතුළු යෝදයන් තවමත් සිංහලේ ඉන්නවා අපි යුකේ වල හිටියට අපේ රටට පණවගේ අදරය කරනවා මොනයම් විදියකින් හෝ අපේ පිය රජුට විපතක් වෙන්න ගියොත් ඔව්න් වෙනුවෙන් මම මගේ ජීවිතෙන් වන්දි ගෙවනවා අති ගරු ජනපති තුමනි මව් බිමේ පියනණනි අපි ඔබ සමග අපේ ජීවිතය අවසන් වෙන තුරු හිදිමි . (අ)
අපිත් රටට පණවගේ අදරය කරනවා ඒත් ස්වර්ණ වගේ දේශපාලඥයෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න තරම් මෝඩ නැහැ (දී)
මේ මිනිස්සුන්ට මතකනැද්ද කොටි කල අපරාධ (දී)
ලංකාව කිසි දෙකට බය වෙන්න එපා . සත්‍ය දිනනවා (දී)
ඕන පරීක්ෂාවක් කරගන්න කියන්නයි තියෙන්නේ.එතකොට අපිට එල් ටි ටි ඊ එක ගැනත් ලෝකය දැනුවත් කරන්න පුළුවන් (දී)
කවුරු මොනවා කිවත් අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය බොහෝ රටවල පිළිගත් එකක්.මිය ගිය එල්ටිටියට පන දෙන්නට වලිකන දේශීය හා විදේශීය බලවේග මොන තරම් ක්‍රම උපයෝග යෙදුවත් අපේ රටට බිය විය යුතු කරුණක් නැහැ. දැනට අපි යන ක්‍රමය හරි. පටු දේශපාලන අපේක්ෂා තුළින් රට අස්ථාවර නො කිරීමට වගබලා ගැනීම අප කාගේත් ජාතික වගකීමක්. අද අපි වැටුනොත් නැවත නැගිටීමක් නැහැ. අපි අපේ දරුවන්ට මේ රට භාර දිය යුතුයි. එහෙම නම් දෙමළ ජනයාට උවමනා නැති ඊළම ඉල්ලා බලය තහවුරු කරගන්ට හදන දෙමළ දේශපාලන අන්තවාදීන් පිරිසකගේ උවමනාව අපි පරාජය කළ යුතුය. අපි කවදත් බෙදාහදාගත් ජාතියක් උනාට බෙදී වෙන්වන ජාතියක් නොවන බව ලෝකයට පෙන්වා දිය යුතුයි. (දී)
මම මේ ඉස්සෙල්ලාම කොමෙන්ට් එක්ක ලියන්නේ. නමුත් මම මේ තිරය ආසාවෙන් කියවනවා. සමහරු හොඳ සාර්ථක අදහස් දක්වනවා. නමුත් සමහරු පලක් නැති දේවල් ලියනවා. ඒ අයගේ වෛරී දේශපාලනය පමණි ඉස්සරහට මතුකරන්නේ. කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ කතාවක් ලියපු කෙනෙකුත් මේ තීරුවේ ඉන්නවා. (දී)