එළැඹෙන මහ මැතිවරණයේදි උතුරු නැගෙනහිර දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් වෙනුවෙන් නාම යෝජනා ලබාදීම සමිබන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා වූ විශේෂ සාකචිජාව දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සමිබන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද(06) වවුනියාව වන්නි ඉන් හෝටලයේදි ඇරැඹිණි.
උතුරු නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිති, ස්වෙචිජා සිවිල් හා ගොවි සංවිධාන නායකයින්ගේ සහභාගීත්වයෙන් දහවල් වන තුරු පළමුව සාකච්ඡා කොට ඔවුන්ගේ අදහස් අනුව නාමයොජනා සකස් කිරීම පිළිබඳව අද සවස 3න් පසුව දෙමළ ජාතික සන්ධානයේ සියලූම පකෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් නාමයෝජනා ලැයිස්තුව පිළිබඳව අවසන් තීරණය ගැනීමට යයි.
පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින්ද නාමයෝජනා සඳහා ඉල්ලා ඇත.
දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා මහතා, සෙල්වමි අඩෙක්කලනාදන් මහතා, සුරේශ් ප්‍රේමචන්Þ මහතා, ශිවශක්ති ආනන්දන් මහතා, එමි.ඒ.සුමන්තිරන් මහතා ඇතුළු මන්ත්‍රීවරු ද, උතුරු පළාත් සභා නියෝජිතයෝ ද සහභාගි වි සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා! අපි නිහඬව බලාසිටිනවා හැර වෙන කුමක් කරමුද? (නි)