
(ඩයනා උදයංගනී)
දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කර ඇත්තේ විදෙස් ආයෝජන ලබා ගැනීමේ අරමුණින් නොව ජාත්‍යන්තර ප්‍රඥප්තීන් අනුව ගත යුතු පියවරක් ලෙසින් බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ විධි විධානවලට අනුව ආරක්ෂක අමාත්‍යාංශය මගින් ත්‍රස්තවාදී සහ ත්‍රස්තවාදී නොවන සංවිධාන ගැසට් නිවේදන මඟින් ප්‍රකාශයට පත් කිරීම හා ඉවත් කිරීම සිදුකරන බවත්, ඒ අනුව පසුගිය කාලය තුළ තහනම් කර තිබුණු ජාත්‍යන්තර දෙමළ සංවිධාන හයක තහනම ඉවත් කිරීමට දතීරණය කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය කාලයේ මෙම සංවිධානවල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අඛණ්ඩ අධ්‍යයන සිදුකර එහිදී ඉදිරිපත් වූ නිර්දේශ අනුව මෙම සංවිධානවල තහනම ඉවත් කර ඇති බවත්, අන්තර්ජාතික හා එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවලට ගරු කිරීමක් ලෙස සිදුකර ඇති බවත් ගුණවර්ධන මහතා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (16) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ඕස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, ගෝලීය දෙමළ සංසදය, ලෝක ද්‍රවිඩ සම්බන්ධිකරණ කමිටුව, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය හා බි්‍රතාන්‍ය දෙමළ සංසදය යන සංවිධානවල තහනම එලෙස ඉවත් කිරීම මෙන්ම සංවිධාන තුනත් අලුතින් අසාධුලේඛනගත කර තිබෙන බව ද ඇමතිවරයා කීවේය.
ධාරූල් අධර් කුරාන් මද්‍රසා, ශ්‍රී ලංකා ඉස්ලාමීය ශිෂ්‍ය සංගමට හා සේව් ද පර්ල් යන සංවිධාන මෙලෙස අලුතින් අසාධුලේඛනගත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
444
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දමිළ සංවිධාන හයක තහනම ඉවත් කළ හේතුව
ඇත්ත Tuesday, 16 August 2022 03:14 PM
මොකද බෙදිච්ච උදාසීන සිංහළයට වඩා එකමුතු දෙමළ අය දන්නවා ඔක්කොම දෙමළ සංවිධාන එකතුවෙලා රට ගොඩ දාලා ප්‍රභාකරන් විරුවගෙ සිහිනය සැබෑ කරගන්න පුලුවන් බව...!!
sweneTuesday, 16 August 2022 04:13 PM
ප්‍රභාකරන් ඉඳිද්දී උතුරේ කැලෑ ඉතුරුවුණා. නීතියක් තිබුණා කියලා ඉස්සරහට කියන්න ඔය කට්ටිය මැලිවෙන එකක් නැහැ බලය අල්ලන්න. මිනිස්සු උසි ගැන්වීම දැන්වත් නවත්වන්න.
BamunuarachchiWednesday, 17 August 2022 09:46 PM
එක මේ රනිල් ඇතුළු සිංහලයෝ දන්නේ නැහැ.
fairoos Tuesday, 16 August 2022 04:45 PM
කන්න ඕනේ උනාම කබරගොයත් තලගොයා වෙනවලු. Qatar Charity එකටත් ඕකමනේ උනේ.
මහසෙන් Wednesday, 17 August 2022 09:11 AM
මේ එන්නේ NGOවලින් මෙහෙයවන ලද 'අරගලයේ' සුළං රැලි. තව වසරක් දෙකක් ගතවන විට හොඳ හොඳ කුනාටු දකින්නට හැකි වේවි.