උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනඥයින් මෙන්ම දෙමළ ජනතාවද ඒකීය රාජ්‍යයක බලය බෙදා හැරෙන දේශපාලන විසඳුමකට කැමැත්තෙන් සිටින නමුත් වර්තමාන රජයෙන්ද එම අවශ්‍යතාවය ඉටුවන බවක් පෙනෙන්නට නැතැයි ඊ.පී.ආර්.එල්.එෆ් නායක දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යාපනයේ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.
‘රජයත් වර්තමාන ජනාධිපතිවරයාත් උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදාහැරෙන නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉතා ඉක්මනින් සිදු කරන බවට පොරොන්දු වුණා වගේම දෙමළ ජාතික සන්ධානයත් උතුරු නැගෙනහිර දෙමළ ජනතාවත් වත්මන් රජයට පූර්ණ සහාය පළකරන ලද්දේ එම පොරොන්දු ඉටුවනු ඇතැයි යන අපේක්ෂාවෙන්. නමුත් රජයට වසර දෙකක් සම්පූර්ණ වෙද්දීත් එය ඉටු නොවීම නිසා උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් දැඩි විහිළුවකට ලක්වෙලා‘ යැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත, එ්ත් දැන් ඕක වෙලා ගොඩක් කල්.(හේ)
විග්නේෂ්වරන් මහත්තයව ප්‍රභාකරන්ගෙ අනුප්‍රාප්තිකය කරගෙන ආපහු වැඩේට බැස්සනං නරකද ? (අ)
විහිළුවට පත්වෙලා තියෙන්නේ දෙමළ සන්ධානය විතරක් නෙමෙයි, ආණ්ඩුවත් විහිළුවට පත්වෙලා. ආණ්ඩුවේ ඉන්න සමහරු අන්දරේට රඟපානවා. (නි)
විහිලුවට ලක්වෙන්නේ කරන ගොන් වැඩවලට.(ම)
අපේ රටේ තියෙන හැම සන්ධානයක්ම විහිළුවට ලක්වෙලා. මොකද ඒවායේ ඉන්නේ උගත් බුද්ධිමතුන් නොවෙයිනේ. (නි)
මංජුලා, මොකෝ ලංකාව ඉන්දියවේ කොටසක්ද ලංකාවෙන් දෙන්න බැරි දේ ඉන්දියාවෙන් ඉල්ලන්නේ? ඉන්දියාව අපේ කව්ද? (නි)
ඉන්දියාවෙන් ඉල්ලන් බැරිදේ, ලංකාවෙන් ඉල්ලලා හරියනේ නැහැනේ. (හේ)