කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සේවකයාට රුපියල් 1649692.80 ගෙවීමට කම්කරු විනිශ්චය සභාවේ සභාපතිනිය හා අතිරේක මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ප්‍රියදර්ශනී හේරත් මහත්මිය නියම කළාය.
පැමිණිලිකරු උඩුගම්පළ ඩබ්ලිව්.එම්.කේ.එම්.පී.එල්.ප්‍රනාන්දු මහතාය. නඩු විභාගය මහ කොමසාරිස් කාර්යාලය නොමැතිව ඒක පාර්ශිකව විභාග කෙරිණි.
රුපියල් 40,000 ක වැටුපක් ලැබූ තමා ඉන්දිරානි ජයවර්ධන මහත්මිය සමග උතුරේ රාජකාරියකට ගිය බවත් තමා දෙමළ නොදන්නා බව කියමින් උතුරේ රාජකාරි කිරීමට තමාට ඉඩ නොදුන් බවත් එහෙත් ජයවර්ධන මහත්මියද දෙමළ නොදැන සිටි බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මාසයක් ඇතුළත කම්කරු කොමසාරිස් වෙත මුදල් ගෙවන ලෙසද නියෝග කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක පාර්ශවික විභාගයක්. (ස)
අපොස සා.පෙළට සිංහල සිසුන්ට දමිළ විෂයත් , දමිළ සිසුන්ට සිංහල විෂයත් අවම වශයෙන්වත් සමත්වීම අනිවාර්ය කළොත් ජාතික ප්‍රශ්නයටත් මනා විසඳුමක් වේවි. (නි)
කොහොම නමුත් හොඳ තීන්දුවක්! (නි)
එතකොට දෙමළ අයට සිංහල බැරිවුණත් එහෙම කරනවද...? (නි)
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
එතුමියත් දෙමළ නොදන්නවා නම් ඉතින් සේවකයා දැනගන්නේ මොකටද? (නි)
කැනඩා මහා කොමසාරිස් කාර්යාලය රියදුරු රැකියාවට ගන්නා අවස්ථවේ දෙමළ අවශ්‍ය තාවයක් කිව්වේ නැතිනම්, පසුව ඉවත් කිරීම වෙරදිය .කැනඩාවේ දමිල බස රාජ්‍ය බශාවක්ද නොදනිමි වැරදියි. (ත)
මුදල් ලැබෙයිද?(බ)
කොහොමද යහ පාලනය ඔහොම යන් ඔහොම යන්(බ)
මේක සිංහල රට තමිල් නාඩුව නෙමේ මෙහෙ මොකටද දෙමළ.(ම)
කොහොමත් දෙමළ අයට විතරයි වීසා පවා දෙන්නේ (බ)
අයියෝ..... ලොක්කට බැරි භාෂාව ළඟ ඉන්න මිනිහ දැන ගත්තම ලොක්කත් ගොඩනේ. ඒක සින්ග්ලිස් වලින් හරි ලියල දේවි නොව. (ස)