කොළඹ කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ රියදුරකු හා පණිවුඩකරුවකු ලෙස සේවය කර අසාධාරණ ලෙස සේවයෙන් ඉවත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම සේවකයාට රුපියල් 1649692.80 ගෙවීමට කම්කරු විනිශ්චය සභාවේ සභාපතිනිය හා අතිරේක මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ප්‍රියදර්ශනී හේරත් මහත්මිය නියම කළාය.
පැමිණිලිකරු උඩුගම්පළ ඩබ්ලිව්.එම්.කේ.එම්.පී.එල්.ප්‍රනාන්දු මහතාය. නඩු විභාගය මහ කොමසාරිස් කාර්යාලය නොමැතිව ඒක පාර්ශිකව විභාග කෙරිණි.
රුපියල් 40,000 ක වැටුපක් ලැබූ තමා ඉන්දිරානි ජයවර්ධන මහත්මිය සමග උතුරේ රාජකාරියකට ගිය බවත් තමා දෙමළ නොදන්නා බව කියමින් උතුරේ රාජකාරි කිරීමට තමාට ඉඩ නොදුන් බවත් එහෙත් ජයවර්ධන මහත්මියද දෙමළ නොදැන සිටි බවත් පැමිණිල්ලේ සඳහන්ය.
මාසයක් ඇතුළත කම්කරු කොමසාරිස් වෙත මුදල් ගෙවන ලෙසද නියෝග කැරිණි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමළ බැරියැයි අස්කරලා
දුමින්ද Wednesday, 01 April 2015 04:31 AM
ඒක පාර්ශවික විභාගයක්. (ස)
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 31 March 2015 04:26 PM
අපොස සා.පෙළට සිංහල සිසුන්ට දමිළ විෂයත් , දමිළ සිසුන්ට සිංහල විෂයත් අවම වශයෙන්වත් සමත්වීම අනිවාර්ය කළොත් ජාතික ප්‍රශ්නයටත් මනා විසඳුමක් වේවි. (නි)
නමිදු Tuesday, 31 March 2015 04:26 PM
කොහොම නමුත් හොඳ තීන්දුවක්! (නි)
සෙලිනා Tuesday, 31 March 2015 04:31 PM
එතකොට දෙමළ අයට සිංහල බැරිවුණත් එහෙම කරනවද...? (නි)
එරංග Tuesday, 31 March 2015 05:38 PM
අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)
වරුණ Tuesday, 31 March 2015 07:15 PM
එතුමියත් දෙමළ නොදන්නවා නම් ඉතින් සේවකයා දැනගන්නේ මොකටද? (නි)
සල්ගාදු ප්‍රන්සය Tuesday, 31 March 2015 12:04 PM
කැනඩා මහා කොමසාරිස් කාර්යාලය රියදුරු රැකියාවට ගන්නා අවස්ථවේ දෙමළ අවශ්‍ය තාවයක් කිව්වේ නැතිනම්, පසුව ඉවත් කිරීම වෙරදිය .කැනඩාවේ දමිල බස රාජ්‍ය බශාවක්ද නොදනිමි වැරදියි. (ත)
සමන්ති Tuesday, 31 March 2015 01:11 PM
මුදල් ලැබෙයිද?(බ)
හත්ලහගෙදර Tuesday, 31 March 2015 01:16 PM
කොහොමද යහ පාලනය ඔහොම යන් ඔහොම යන්(බ)
ප්‍රශා Wednesday, 01 April 2015 03:37 AM
මේක සිංහල රට තමිල් නාඩුව නෙමේ මෙහෙ මොකටද දෙමළ.(ම)
අසෝක Tuesday, 31 March 2015 02:22 PM
කොහොමත් දෙමළ අයට විතරයි වීසා පවා දෙන්නේ (බ)
කුමාරි Wednesday, 01 April 2015 04:02 AM
අයියෝ..... ලොක්කට බැරි භාෂාව ළඟ ඉන්න මිනිහ දැන ගත්තම ලොක්කත් ගොඩනේ. ඒක සින්ග්ලිස් වලින් හරි ලියල දේවි නොව. (ස)