
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිතා කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උගුලක් අටවමින් සිටින බවත් රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පැවසීය.
‘යුද විරුවා‘ ‘පාවා දෙන්නකු‘ බවට පත්කර ගැනීමේ අභිලාෂයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පසුගියදා පැවැති සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්‘ සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් ඉදිරිපත් කර ඇති බවත් ‘දෙමළ ඊළම සහ සිංහල ශ්‍රී ලංකාව‘ යන දෙකෙන් එක්සත් වූ ශ්‍රී ලංකාවක් පිළිබඳව බවත් ජයන්ත සමරවීර මහතා කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘එක්සත් ශ්‍රී ලංකාවක්‘ යන්න ප්‍රතික්ෂේප කර නොමැති වුවත් ජනාධිපති මාධ්‍ය අංශය ද ඒ සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් ‘එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක්‘ යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බව සඳහන් කළ ජයන්ත සමරවීර මහතා එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් පිළිබඳව පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළා ද යන සැකය මතුවීම, වැළැක්විය නොහැකි බව ද කීය.
පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී අද (27) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්මින් එහි ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබ ජාතිවාදියෙක් කියලා සජබයෝ, ජෙප්පෝ, කෑගහවි... ඔය අස්සේ හම්බයින් ආගම් වාදය ගෙනයනවා. ඒකත් කියන්න...
රටේ අර්බුද අපි ඇතිකරපුවා නෙවෙයි... ඔබලා තමයි මේ ආණ්ඩුව බලයට ගෙනත් 19 අහෝසි කරලා රට මේ විපතට දැම්මේ.
කමක් නෑ . රට ෆෙඩරල් කරලා ඉදිරියට යමු. ඒක සෑම ජාතීන්ටම හොදයි. දැන් බහුතර ඔය එකඑක බක පණ්ඩිත විප්ලවවාදීන් මෙතෙක් කරා මදැයි. කටින් බතල විතරයි. මොකද සිංහල අපට මේ රට පාලනය කරන්න මොලයක් නෑ. දැන් අනාගත දරු පරපුර මෙතෙක් කල් හිටපු හිවලුන්ට වඩා සුන්දර පිරිසක්. ඔවුන්තුළ කුහකකම, වයිරය නැති අතර සියලුදෙනා සමානයි යන සංකල්පය තුළ ජීවත්වන අය... විශේෂයෙන් පිටරටවල අධ්‍යාපනයට ගිහින් සිටින අප දරුවෝ... මොකද සුබ ස්ථාන වල ජීවත්වන, සුබ අදහස් ඇත්තන් ඇසුරු කරන්නන්ගේ මනස සහ ගතිපැවතුම් පිරිසිදු වන බව මොනවට පැහැදිලි වේ. එවැනි සුබඵල ලබන සහ ගුණගරුක වන්නේ කෙසේද යන සංකල්ප ඇතුළත් අධ්‍යාපන ක්‍රමයක් අප රට තුළ තිබිය යුතුයි. විවිධ දුෂ්කරතා විඳින ජන කොට්ඨාශ වෛරයෙන් කල් ගතවන තත්ත්වයන් දැන් උදාවෙලා සමාජය කුරිරු වී ඇතිබව සැමට පෙනේ... අම්මා, අක්කා නොහඳුනන, ප්‍රවේසමෙන් ගෙදර එයිද කියා බියෙන් සිත සිත ඉඳීමේ තත්ත්වයක් දැන් උදාවී තිබේ...