13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයන් දෙමළ ජාතික සන්ධානය හා ඕනෑම අවස්ථාවක සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ‘‘ද හින්දු‘‘ පුවත්පත හා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා ඇත.
සාකච්ඡාවේදී තවදුරටත් අදහස් පළ කර ඇති ජනාධිපතිවරයා බොහෝ මාධ්‍ය දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඉන්දියාවට පැමිණ ඉන්දියා අගමැති මෝදි හමුවීම සම්බන්ධයෙන් තමන් අසතුටින් සිටින බව සදහන් කර ඇතත් තමන්ගේ සිතේ එවැනි කිසිවක් නොමැති බව කියා තිබේ.
රටින් පිට ගොස් රාජ්‍ය නායකයෙකු හමුවීම ඔවුන් සතු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් බව ජනාධිපතිවරයා පවසා ඇත.
ඉදිරියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය රැස්වීමේදී අගමැති මෝදි හමුවී සාකච්ඡා කිරීමට තමන්ට ඉඩක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින බව ජනපතිවරයා කියා තිබේ.
ශ්‍රී ලංකාවට එරෙහිව සිදුවෙමින් පවතින අන්තර්ජාතික පරීක්ෂණයට ඉන්දියාව විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් තම ස්තූතියද පුද කර තිබෙන ජනාධිපතිවරයා යුද සමයේ උද්ගත වුනු ගැටලූ සම්බන්ධයෙන් විමසා බැලීමට ශ්‍රී ලංකාවම කමිටු පත්කර තිබෙන බවත් එනිසා රටේ අභ්‍යන්තර කටයුතු වලට අතපෙවීමේ අවශ්‍යතාවක් කිසිවෙකුට ඇති විය යුතු නැතැයි පෙන්වා දී ඇත.
ඉන්දියාවේ කාෂ්මීරයේ ගැටලූව සම්බන්ධයෙන් අන්තර්ජාතික තලයේ පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි කවුරුන් හෝ යෝජනා කළ හොත් කුමක් වනු ඇත්දැයි අසා ඇති ජනාධිපතිවරයා,ශ්‍රී ලංකාවේ හෝ වේවා ඉන්දියාවේ හෝ වේවා අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකිරීමට ඉඩනොදෙන බව පවසා ඇත.
යුධ සමයේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් නැගුණු පැනයකට පිළිතුරු දී ඇති ජනාධිපතිවරයා එම පුද්ගලයින් පිළිඹඳව මේ වන විට සොයා බැලෙමින් පවතින බව සඳහන් කර ඇත.
සාකච්ඡාවේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ගොඩනැගෙමින් පවතින සම්බන්ධතාවය පිළිඹදව ඉන්දියාව කරදර විය යුතු නැතැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහතික කර තිබේ.
‘‘මා මෙතැන සිටින තාක් කල් චීනය හා ශ්‍රී ලංකාවේ සම්බන්ධතා ගැන ඉන්දියාව වද විය යුතු නැහැ‘‘යැයි ජනපතිවරයා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාර්ට හොඳටම වැරදිලා. සාකච්ඡාවලින් හැම වෙලාවෙම අයින් උනේ රජය නොවෙයි එයාලම තමයි. ජාත්‍යන්තරව කෙරෙන බලපෑම් වලදී එයාලට සාකච්ඡා ඕන වෙනවා. පසුව මොකක් හෝ හේතුවක් පෙන්නලා එයින් අයින් වෙනවා. කටින් බතල හිටවන්නේ නැතුව එයාලට සාකච්ඡාවට එන්න කියන්න. (නදී)
අද ලෝක බලවතුන්ට ප්‍රශ්න ගොඩයි. යුක්රේන් වල තිබෙන ප්‍රශ්නය, අයිසිස් ලගේ ප්‍රශ්නය, ස්කොට්ලන්තය එක්සත් රාජධානියෙන් වෙන්වන්නට යන ප්‍රශ්නය. මෙවන් කැළඹීමක් ඇති වකවානුවක ත්‍රස්තවාදය මුලින්ම දුරුකළ රටකට ලෝක බලවතුන් තව දුරටත් පීඩනයන් නොදේවී. එහි අගය එයාලට හොඳින් දැනෙනවා කුමාර්. ඉතින් අධි මානසිකත්වයේ නොසිට එයාලට අවංක සිතින් සාකච්ඡා වලට එන්න කියන්න. (නදී)
දැන් මෙතනට, බන්දුලගේ නංගිත් ඇවිල්ලා වගෙයි. (නදී)
මොනවා කතා කොලත් කමක් නැත. පොලිස් සහ ඉඩම් බලතල දෙන්න හිතන්නවත් එපා. (නදී)
මේ වැඩේ නම් රටටම හොද වේවි කියල හිතෙනවා. ජාත්‍යන්තර බලවේග වලට මුහුණ දෙන්න පුළුවන් වේවි (අ)
ඕක නම් උෟවේ දෙමල ඡන්ද ටික බිලි බා ගන්න කරන උත්සහයක් පමණයි. මොකද දේශපාලකයන්ට සැබෑ උවමනාවක් නෑ ප්‍රශ්න නිවැරදිව විසඳන්න (නදී)
කටින් බතල කොළ ඉන්දන්නේ නැතිව කරලා පෙන්නන්න. බොරුවට ලෝකෙට එකක් කියනවා. තව එකක් කරනවා (නදී)
කුමාර්, කටින් බතල හිටවන්න ඕනේ කමක් රජයට නැහැ. ටී.එන්. ඒ.එක මස් රාත්තලම ඉල්ලන්නේ නැත්නම් මේ ප්‍රශ්නේ විසදිලා. එයාලා තාම කටයුතු කරන්නේ එල් ටී ටී ඊ දේශපාලන අංශය ලෙස හිතාගෙනයි. (නදී)