වසරක පුහුණුව සාර්ථකව නිම කළ පොලිස් නිලධාරින් 369 දෙනකුගේ විසිර යෑමේ උළෙල කථානායක චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම පොලිස් නිලධාරීන් අතුරෙන් 44 ක් උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් සේවයට එක් වු දමිළ ජාතික තරුණයින් වීම විශේෂත්වයකි.
එහිදී චමල් රාජපක්ෂ මහතා පොලිස් ආචාර පෙළපාළිය පිළි ගත්තේය.
පොලිස්පති එන් කේ ඉලංගකෝන් හා පුහුණු කටයුතු බාර් නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් යන මහත්වරු ඊට සහය වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවිනාත් එල කිරි. කිරි හොදයි පැනි තිබුනා නම්.(නදී)
මේකේ ප්‍රතිචාර දාන සමහර අයට කෙල්ලෙක් පෙනෙන්න බැහැ, වෙන දේවල් හිතෙන්නේ. (නි)
ඉතාමත් හොඳ තීරණයක්.කවුරු කළත් රටට ආදරයක්, සුභවාදී ඉදිරි දැක්මක් ඇති කෙනෙක්ගේ වැඩක්. අපි දන්නවා සුළු ජාතී හුඟක් උගතුන් බුද්ධිමතුන් රට හැර ගියා. සුදුස්සාට සුදුසු තැන දුන්නේ නැහැ.ඒ අයගෙන් රටට, රටේ දියුණුවට ගන්න පුළුවන් සේවාව ගැන හිතන්නේ නැතුව ජාතිවාදී වෙලා ඔවුන් රට හැර යන තැනට පත්කළා. දැන්වත් සිංහල, දෙමල, මුස්ලිම් කියන්නේ නැතුව " අපි ලාංකිකයෝ " කියලා, ආකල්පමය වෙනසකට යමු. දියුණුවට එකම මාවතත් ඒකමයි. ජාතිවාදීන් ඕවට කොහොමත් ඉඩ තියන්නේ නැහැ. මොකද හිඟන්නාගේ තුවාලේ වගේ ඔවුන්ගේ බඩ පිරෙන්නෙත් ජාතිවාදයෙන් රට ඇවිස්සුවොත් විතරයි. (නි)
බුද්ධි අංශ වල දෙමළ නිළධාරියෝ ගොඩක් ලොකු සේවයක් රටට කළා. මෙයාලා සිංහල තරුණියන් සමග යාළු වුනොත් විරුද්ධ වෙන්න එපා. ජාතීන් අතර සහජීවනය ඇතිවීමට හොදම ක්‍රමය එවන් විවාහ සිදුවීමයි (නි)
ගාමිණී-සිරි, මොනවද මේ මායිම් ගම්මාන කියන්නේ?(නදී)
මේවා ලන්ඩන් වලටත් දැන ගන්න විදියක් හදන්න. දෙමල ඩයස්පෝරාවට මානව හිමිකම් කතා කරන සුදු මහත් වරුට දැනගන්න සලස්වන්න බැරිද?(නදී)
රටේ ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීමේදී දෙමල භාෂාව ඉගෙනගත් උදවිය හෝ උගන්වලා උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වලින් උගතුන් තෝරා ගත්තා නම් අගෙයි. දැක්කනේ කොටි පොලිසීයේ පොලිස් පතිත් රාජකාරි කරලා තියෙන්නෙත් අපේම පොලීසියේ බව.(නදී)
හොද වැඩක්. නමුත් මෙයාලා හරි මග නොගියොත්?(නදී)
සිංහල භාෂාව නොදන්නා දෙමළ අයට හොදයි. ඒත් ඉතින් සිංහල අයට අවාසියක් වේවිද? (නි)
දෙමළ නෙමෙයි කවුරු වුනත් ඔය කාකි සුට් එක දාගත්තම කරන්න වෙන්නේ දේශපාක්යන්ට යටත්වෙන එකනේ. කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න පුලුවන් නම්, මේ එක්කෙනෙකුට හෝ එය ඉතාම අගය කරනවා (නි)
අගෙයි. රවිනාත්ගේ අදහස් දෙකම හරි අපුරුයි. (නි)
මෙම නිලදාරිනියන්ට කලිසමක් වගේ නිල ඇදුමක් දුන්නොත් හොඳයි. (නි)
තරුණයෝ නෙමෙයි .....තරුණියෝ නේද ඉන්නේ..අනේ මන් දන්නේ නැහැ මගේ ඇස පේනවද කියල ..(අ)............
හොදට පුහුණුව දීලා බඳවා ගන්න.... (නි)
පොලිස් නිලධාරින්ගේ විසිර යෑමේ උළෙලට මොකද කථානායකතුමා එන්නේ?(නදී)
දැන් දෙමල පොලිසියකුත් හදාගන්නද මේ ලැහැස්තිය? (නි)
සිංහල පොලිසිය මරලා දැන් දෙමල පොලිසියක් හදාගන්න වගේ ලැහැස්තිය. ඉන්දියාවේ අගමැති මන්මෝසින් වගේ බයට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතත් දැන් මේ අය කියන කියන එක කරන්නද හදන්නේ.(නදී)
තමන්ට ලොකු පට්ටම් ගන්න දෙමල ජනතාව පොලිසියට බඳවාගෙන පස්සේ ගැරඩි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්න එපා චමිල් හරිද?(නදී)
හුසේන්,රවිනාත් හරි. ඉතා හොඳ වැඩක්. ඉතාමත් හොඳ තීරණයක්.(නදී)
ඕනවට වැඩිය ඕනෑම නැ.හොද වැඩක් නමුත් පරිස්සමින් කරන්න ඕන දෙයක් .(නදී)
අපි දැන් කරන්න ඕනෙත් ජාතිවාදය පැත්තකට දාලා සියලු දෙනාම එකමුතුව වැඩ කරන එක. ඒකට විරුද්දවෙන මෝඩයොත් ඉන්නවනේ ඉතින් අතරින් පතර.(නදී)
ඉල්ලගෙන කෑම.(නදී)
අල්කයිඩා,තලේබාන් කාරයෝ රජයේ හමුදාවට එකතුවෙලා ටික කලකින් හමුදාවටම පහරදෙනවා වගේ නුසුදුස්සන්ට හමුදා,පොලිසියට රිංගන්නට නොහැකි වන ලෙස පරිස්සමින් තෝරා බේරා ගන්න. (නි)
පොඩි බණ්ඩා ඔබ හරි.(නදී)
අපේ මායිම මහ සාගරයයි. (නි)
ඉතා හොඳ වැඩක්. ඕනෑම පුද්ගලයෙකුට තමුන්ගේ බස තේරෙන නිලදරියෙකුගේ සේවය ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. සෑම පොලිස් ස්ථානයකය්ටම අනුයුක්ත එක නිලදරුවෙක් අනුයුක්ත කරන්න. තේ කෝප්පයේ කිඹුල්ලු හොයන්න එපා නිල්මිණි. (නදී)
ඉස්සරහ පේලියේ දකුණේ සිට තුන්වෙනියට ඉන්න කෙනා කොහොමද? (නදී)