උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ පක්ෂ සමඟ එකඟතාවයකට එළැඹීමට රජය අපොහොසත් වී ඇතැයි ද ඒ නිසාම අපේ ජාතීන් අතර එක්සත් භාවය ඇති කැර ගැනීමට නොහැකි යැයි ද ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය,සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔබතුමා නේද විෂය බාර ඇමති. ඒ ගැන අපිට කියලා ඇති වැඩේ මොකක්ද. (අ)
මතක තියාගන්න. සිංහල බෞද්ධයා හැමවිටම සාමකාමියි (නි)
වාසුදේව මහත්තයෝ, ඔබතුමාත් ආණ්ඩුවේ නේද ඉන්නේ? ඉතින් කොහොමද මෙහෙම කතාකරන්නේ? (නි)
මහත්තයෝ ඔය තරම් බලසම්පන්න ප්‍රශ්නයක් ගැන ඔය තරම් බලගතු විදියට කතා කරන්න ඡන්ද කොච්චර ලැබුන කෙනෙක්ද ඔබ? මීට වඩා බලගතු චරිත ප්‍රවේසමෙන් කතා කරන්නේ. ඔය මහත්තයට තියෙන්නේ රැවුලෙන් ලැබුන විප්ලවවාදී භාහිර පෙනුම විතරනේ. ඇතුලේ කිසිම විප්ලවවාදී හරවත් බවක් ඇති බව පෙන්නේ නැහැ. (අ)
සිංහල ජනතාවගේ හිත දිනාගන්න දෙමල පක්‍ෂ වලට කිසි උවමනාවක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
මට හිතෙන දේ මෙතන කියන්න අමාරුයි. (නි)
අනේ! අපි මේවට මුකුත්ම කියන්නෙ නැහැ (නි)
අනේ මහත්තයෝ ඔයාගේ පව්ලේ කට්ටිය දිනාගෙන තියනවනේ ඒවගේඅනිත් මිනිස්සු ගෙන හිතන්න කියන්න. (අ)
ඔව් ඔව්, මේ ඔබතුමා නොකියා කියන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)
එතකොට ඔබතුමාලා කරන වැඩ වලින් දෙමල ජනයාගේ හිත දිනාගන්න පුලුවන්ද? (නි)
ඔය විදිහට දෙමල ජනයා, සිංහල ජනයා කියා කියා ඉන්නකොට කොහොමත් සංහිඳියාව නැතිවෙනවා. ඒ ඔක්කොම ශ්‍රී ලාංකික හැටියට කතා කළොත් තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් මිස ජාතික ප්‍රශ්නයක් නොවන බව වැටහේවි. (නි)
මොනවා වුණත් රටක වත්කම උගත් බුද්ධිමතුන්. නමුත් අපේ රටේ බහුතර ජනතාව ඒක තේරුම්ගෙනද කියලා හිතෙනවා. අනෙක් රටවලට වඩා අපි ඉන්නේ කොයිතරම් පිටුපසින්ද කියලා හිතෙනවා. හිතට බොරුකරලා,මානසික වින්දනයක් තාවකාලිකව විඳලා, බොරු සැනසීමක් අරගෙන සදාකාලිකව එකම තැන පල්වෙවී ඉන්න එක තමයි අපිට කවදාහරි උරුමවෙන්නේ (නි)
ඔබතුමාගේ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තිබෙන ඒකපාර්ශවික බව බහුතරයකට තේරෙනවා. ඔය වගේ ප්‍රකාශ වලින් තියෙන සංහිදියාවත් විනාශ වෙන එක විතරයි වෙන්නේ. සංහිදියාව කියන්නේ ඔබතුමා හිතන දේ නෙමෙයි. (නි)
අපි ඉදිරියට උත්සාහ කරලා බලමුකෝ (නි)