උතුරු නැගෙනහිර දෙමළ ජනතාව නියෝජනය කරන දෙමළ පක්ෂ සමඟ එකඟතාවයකට එළැඹීමට රජය අපොහොසත් වී ඇතැයි ද ඒ නිසාම අපේ ජාතීන් අතර එක්සත් භාවය ඇති කැර ගැනීමට නොහැකි යැයි ද ජාතික ඒකාබද්ධතා ඇමැති වාසුදේව නානයක්කාර මහතා පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ වෙසෙන සියළු ජන කොටස් සමඟ සමගිය,සංහිදියාව හා එක්සත් භාවය ඇති කැර ගැනීම තමන්ගේත් ජනපතිතුමාගෙත් අරමුණ බව ද ඔහු කීවේය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දෙමළ ජනයා දිනා ගන්න බැරි වුණා’ වාසුදේව කියයි
සේන Monday, 14 July 2014 11:42 AM
ඉතින් ඔබතුමා නේද විෂය බාර ඇමති. ඒ ගැන අපිට කියලා ඇති වැඩේ මොකක්ද. (අ)
චන්දන ගමගේ - මාතර Monday, 14 July 2014 11:54 AM
මතක තියාගන්න. සිංහල බෞද්ධයා හැමවිටම සාමකාමියි (නි)
නඩරාජා Monday, 14 July 2014 11:58 AM
වාසුදේව මහත්තයෝ, ඔබතුමාත් ආණ්ඩුවේ නේද ඉන්නේ? ඉතින් කොහොමද මෙහෙම කතාකරන්නේ? (නි)
දේවා Monday, 14 July 2014 12:38 PM
මහත්තයෝ ඔය තරම් බලසම්පන්න ප්‍රශ්නයක් ගැන ඔය තරම් බලගතු විදියට කතා කරන්න ඡන්ද කොච්චර ලැබුන කෙනෙක්ද ඔබ? මීට වඩා බලගතු චරිත ප්‍රවේසමෙන් කතා කරන්නේ. ඔය මහත්තයට තියෙන්නේ රැවුලෙන් ලැබුන විප්ලවවාදී භාහිර පෙනුම විතරනේ. ඇතුලේ කිසිම විප්ලවවාදී හරවත් බවක් ඇති බව පෙන්නේ නැහැ. (අ)
නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 14 July 2014 12:47 PM
සිංහල ජනතාවගේ හිත දිනාගන්න දෙමල පක්‍ෂ වලට කිසි උවමනාවක් නැහැ කියලයි මට නම් හිතෙන්නේ (නි)
ඉන්ද්‍රජීව Monday, 14 July 2014 01:41 PM
මට හිතෙන දේ මෙතන කියන්න අමාරුයි. (නි)
සුභාෂ් Monday, 14 July 2014 02:42 PM
අනේ! අපි මේවට මුකුත්ම කියන්නෙ නැහැ (නි)
මහින්ද කේ ගොඩගේ Monday, 14 July 2014 04:44 PM
අනේ මහත්තයෝ ඔයාගේ පව්ලේ කට්ටිය දිනාගෙන තියනවනේ ඒවගේඅනිත් මිනිස්සු ගෙන හිතන්න කියන්න. (අ)
මහානාම Monday, 14 July 2014 05:24 PM
ඔව් ඔව්, මේ ඔබතුමා නොකියා කියන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)
ලුම්බිණි Tuesday, 15 July 2014 12:16 AM
එතකොට ඔබතුමාලා කරන වැඩ වලින් දෙමල ජනයාගේ හිත දිනාගන්න පුලුවන්ද? (නි)
රන්ජිත් Tuesday, 15 July 2014 03:25 AM
ඔය විදිහට දෙමල ජනයා, සිංහල ජනයා කියා කියා ඉන්නකොට කොහොමත් සංහිඳියාව නැතිවෙනවා. ඒ ඔක්කොම ශ්‍රී ලාංකික හැටියට කතා කළොත් තියෙන්නේ භාෂා ප්‍රශ්නයක් මිස ජාතික ප්‍රශ්නයක් නොවන බව වැටහේවි. (නි)
ගමගේ Tuesday, 15 July 2014 03:27 AM
මොනවා වුණත් රටක වත්කම උගත් බුද්ධිමතුන්. නමුත් අපේ රටේ බහුතර ජනතාව ඒක තේරුම්ගෙනද කියලා හිතෙනවා. අනෙක් රටවලට වඩා අපි ඉන්නේ කොයිතරම් පිටුපසින්ද කියලා හිතෙනවා. හිතට බොරුකරලා,මානසික වින්දනයක් තාවකාලිකව විඳලා, බොරු සැනසීමක් අරගෙන සදාකාලිකව එකම තැන පල්වෙවී ඉන්න එක තමයි අපිට කවදාහරි උරුමවෙන්නේ (නි)
රුවන් Tuesday, 15 July 2014 07:18 AM
ඔබතුමාගේ ප්‍රකාශය තුළ ගැබ්වෙලා තිබෙන ඒකපාර්ශවික බව බහුතරයකට තේරෙනවා. ඔය වගේ ප්‍රකාශ වලින් තියෙන සංහිදියාවත් විනාශ වෙන එක විතරයි වෙන්නේ. සංහිදියාව කියන්නේ ඔබතුමා හිතන දේ නෙමෙයි. (නි)
හැරිසන් Monday, 14 July 2014 11:36 AM
අපි ඉදිරියට උත්සාහ කරලා බලමුකෝ (නි)