වෙනම රාජ්‍යයක් අන්තර්ගත වඩුකෝඩෙයි යෝජනාවෙන් දෙමළ ජනතාව හා දෙමළ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ නායක විපක්ෂනායක ආර්.සම්බන්ධන් මහතා සිදු කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය අභ්‍යන්තරයේම ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වී අතැයි දෙමළ සන්ධානයේ ආරංචිමාර්ග කියයි.
ඉන්දියාවේ උජ්ජේනියේ පැවති සාම්ප්‍රදායික කුම්භාභිෂේක මංගල්‍ය සදහා සහභාගීවූ සම්බන්ධන් මහතා එරට ද හින්දු පුවත්පත සමගින් මේ අදහස පලකර තිබුණි.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන ඇතැම් නියෝජිතයින් මෙන්ම ජ්‍යාත්‍යන්තර වශයෙන් සිටින දෙමළ ඩයස්පෝරාවේ කොටිහිතවාදී බලවේගයන්ද විවිධ ප්‍රකාශයන් සිදුකර තිබුණේ සම්බන්ධන් පිලිබද අප්‍රසාදය පලකරමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහෙන් මොන යෝජනා සම්මත කළත් සිංහලයෝ සම්මත කළේ නැත්නම් ඔය මොන දෙයක්වත් සිද්ධ වෙන්නේ නැත. සිංහලයොත් ඕවා අනුමත කරන්නේ නැත. එමනිසා යෝජනා කුණුකූඩයට දමන්න. (නි)
අඩුමගානේ විරුද්ධ පක්ෂ වගකීම මොකද්ද කියලාවත් දන්නවද දන්නෙ නැහැ හිතෙනවා සිද්ධවෙන වැඩ දැක්කහම (නි)
සම්බන්ධන්ට තියන පරිණත බව වෙනම රාජ්‍ය ඉල්ලන කජුකිරි කොල්ලන්ට නැහැ.(බ)