හැටහය වැනි ජාතික නිදහස් උත්සවයේ දී   ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ව්‍යවස්ථාවට පටහැනි බවත්,එමඟින් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ නීතිපතිවරයාට එරෙහිව තිදෙනෙකු විසින්  ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තීන්දු කළේය.

මෙම පෙත්සම ප්‍රියසාත් ඩෙප්, කේ.ටී චිත්‍රසිරි සහ ප්‍රියන්ත යන විනිසුරු මඩුල්ල හමුවේ සළකා බැළිණි.

කැළණිය, ගල්බොරැල්ලේ විතානගේ සංජීව සුදත් පෙරේරා  , පෑලියගොඩ  ප්‍රදීප් ආසිරි සොයිසා  සහ කැළණියේ දොන් ප්‍රේමරත්න මහතා  පෙත්සම ගොනු කළහ.