කාරණා තුනක් නිසා ළඟදීම පොලිස් ලොක්කන් තිදෙනකු දැලේ වැටීමට යතියි පොලිස් ආරංචි කියයි.
මේ තිදෙනාම සහකාර පොලිස් අධිකාරී ධුරයෙන් පටන් ගෙන ඉහළම තැනකට ගිය පොලිස් නිලධාරීන් වීම විශේෂය.
එක් අයකු අමාරුවේ වැටෙන්නට යන්නේ සැකකරුවකු මුදා හරින ලෙසට නීති විරෝධී නියෝගයක් දීම නිසාය. ඔහු ගැන පුවත්පත්වල පළ වූ විට කියා තිබුණේ ‘පත්තරකාරයන් සල්ලි අරගෙන මට විරුද්ධව දානවා‘යනුවෙනි. සිල් රෙද්ද පොරවාගෙන ඉන්නා මේ පොලිස් ලොක්කාගේ අතට ළඟදීම මාංචු වැටෙතියි පොලිස් පොඩ්ඩෝ සතුටෙන් සිටිති.
අනිත් පොලිස් ලොක්කාට ගැන හොයන්නට පටන් ගෙන ඇත්තේ මෑතකදී වූ අපාරධයකට සම්බන්ධ කුඩු සැකකරුවකු සමග අඩි ගැසීයැයි ලැබුණු තොරතුරක් නිසාය. වෙළේ සුදාගේ අඩි පාරේ යන බව කියන එම සැකකරු මේ ලොක්කා සමග සිද්ධිය වූ දින රාත්‍රී මධුවිත සප්පායම් වී ඇතැයි පැතිර යන කතාවේ යම් තරමක හෝ සත්‍යයක් ඇතැයි පරීක්ෂණ කරන උදවිය විශ්වාස කරති.
ඊළඟ පොලිස් ලොක්කා ගැන නම් ඇත්තේ එතරම් හොඳ ඉතිහාසයක් නොවේ. අහිංසක පොලිස් පොඩ්ඩන් අමාරුවේ දැමීමට වෙහෙසුණු අයකු ලෙසත්, පැවැති ආණ්ඩුවේ ලොක්කකු සමග ළඟ ගනුදෙනුවක් තිබුණු බවත් හැමෝම දන්නා හරසකි. මේ පොලිස් ලොක්කා අමාරුවේ වැටෙන්නට යන්නේ බිරිඳගේ ක්‍රියාවක් නිසා බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයිට වැඩිය බලවත්/බවලත් වැරදි කරපු අය ඇත්තෙම නැද්ද ඇත්තටම (ම).
අල්ලන අල්ලන කෙනාට කියන්නේ ඔයිට වැඩිය අය නැද්ද කියආ . දැන් අල්ලන එක නවත්තන්න වෙන්නේ (හේ)
කවුද මේ තුන්දෙනා?
ළඟදීම කියන්නේ කවදාද? (හේ)
අත්අඩංගුවට ගන්න (ර)