එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෙනසුරා (24) සිට සිකුරාදා (30) වැනි දා දක්වා  පැවැත්වෙන බටහිර  ආසියා යොවුන්  චෙස් තරගාවලියට  සහභාගී වීමට අයියා මලෝ දෙදෙනෙක් අද (23) දිවයිනෙන් පිටත්ව ගියේය.

ශ්‍රී ලංකාවේ පළමු හා එකම පාසල් ෆිඩේ මාස්ටර් මෙන්ම ලංකාවේ ලාබාලම ෆිඩේ මාස්ටර් වන අම්බලන්ගොඩ   ධර්මාශෝක විද්‍යාලයේ  එම්.සසත් නිපුන් පියුමන්ත හා ඔහුගේ එකම සොහොයුරා ජාත්‍යන්තර  චෙස් ක්‍රිඩා  ශ්‍රේණිගත කිරිම අනුව වයස 11 න් පහළ ලංකාවේ අංක එක ස්ථානය හිමිකරගෙන ඇති අම්බලන්ගොඩ  ධර්මාශෝක විද්‍යාලයේ එම්.තිසල් මංජිත් පියුමන්ත මේ දෙදෙනාය.

ඔවුන් දෙදෙනා  රන්,රදී හා ලෝකඩ  පදක්කම්  රැසක් දිනා සිටිති.

IMG_6237