(විනීතා එම්. ගමගේ)
දුම්වැටි භාවිතය පාලනය සඳහා රජය ගෙන ඇති පියවර කිසිදු ප්‍රගතියක් ලබා නැතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.
දුම්වැටි භාවිතය නිසා වාර්ෂිකව මෙරට වැසියන් 20000 කට ආසන්න පිරිසක් මිය යන බවත් ඒ අනුව රජයේ දුම්වැටි පාලනය අසාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හරිත් අලූත්ගේ මහතා ප්‍රකාශ කළේය.
ලොවටම ප්‍රශ්නයක් වී ඇති දුම්වැටි පාලනය කිරීමට ලෝකයේ රටවල් 179 ක් ජජාත්යන්තර ප්‍රඥප්තියකට අස්සන් තබා ඇති බවත් මේ ප්රඥප්තියට අස්සන් කළ මේ කලාපයේ මුල්ම රට ශ්‍රී ලංකාව වන නමුත් ඒ සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම කනගාටුවට කරුණක් බවත් හෙතෙම කියා සිටියේය.
මේ සම්බන්ධව අවධානය යොමු කළ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දුන් නමුත් මේ වන තුරුත් රජය ඒ පිළිබඳව අවධානය යොමු කර නැතැයි පෙනී යන බව ද වෛද්‍ය අලූත්ගේ මහතා පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම්වරයා මේ අදහස් පළ කළේ එහි ප්‍රධාන කාර්යාලයේ අද (31) පැවැති මාධ්‍ය හමුවකදීය.
‘‘ අද ලෝක දුම්වැටි විරෝධි දිනයයි. දුම්වැටි වරෝධී දිනයක් සමරන්නේ එය ලොවටම බරපතල ගැටලූ රාශියක් ගෙන එන බැවිනුයි. ඩෙංගු රෝගයෙන් වසරකට මිය යන සංඛ්‍යාව 300කට ආසන්නයි. එහෙත් දුම්වැටි ආශි‍්‍රත රෝග නිසා දැන් වසරකට 20000 කට ආසන්න පිරිසක් මිය යනවා‘‘
‘‘රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයමේ ගැන අවධානය යොමුකර දස වැදෑරුම් ප්‍රතිපත්තියක් හැදුවා. එය රජයට භාරදී මාස 9කට ආසන්න කාලයක් ගතවෙලා. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති අකාර්්යක්ෂමතාවයේ මිනුම් දඬු සැලකිල්ලට ගත් පසුවද අඩුම වශයෙන් අදට යෙදෙන ලෝක දුම්වැටි දිනයේ හෝ යම් ප්‍රගතියක් ලබා තිබෙනු ඇතැයි අප අපේක්ෂා කළත් එය සිදුවී නැහැ‘‘ යැයි ද වෛද්‍ය අලුත්ගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්වැටි ආනයනය කිරීම නවත්වන්න... මෙම ප්රශ්නය එතකොට විසඳන්න පුළුවන්...
අපි අපේ සල්ලි වලින් සිගරට් බොනවා, ලෙඩ වුනොත් අපේ සල්ලි ගෙවලා බෙහෙත් ගන්නවා. ඉතින් දොස්තර මුදලාලිලාට මොකක්ද තියන අමාරුව?
මා රටතොටේ දකින්නේ පසුගිය වසර කිහිපය තුල ප්‍රසිද්ධියේ දුම්බොන්නන් ශීඝ්‍ර ලෙස අඩුවී ඇති බවකි. නමුදු ඇතැම් නායකයින්, නිලධාරීන් දුම්වැටි සමාගම් සමගද කිට්ටු සඹඳතා පැවැත්වූ බව හා පවත්වන බවද නොරහසකි.
පසුගිය රජයෙන් නීති සම්පාදනය කරලා තියෙනවා ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කරලා. ඒ දවස්වල නිතරම අහන්න ලැබුන ප්‍රසිද්ධියේ දුම්බීපු අය අත්අඩංගුවට අරගෙන දඩ ගැහුවා කියල. එතකොට දුම්බීම තරමක් දුරට පාලනය සිදුවුණා. දැන් එම නීතිය තිබුනත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දැන් පාරේ, කඩවල, බස් හෝල්ට් වල මිනිස්සු නීතිය නැතුව වගේ ප්‍රසිද්ධියේ දුම් බොනවා. මම යෝජනා කරනවා පොලිසියෙන් මෙම නීතිය නැවත බලගන්වල එම නීතිය කඩන අයට විරුද්ධව නඩු දමන්න කියල. එතකොට මිනිස්සු තරමක් දුරටවත් දැනගනීවි මෙහෙම නීතියක් තියෙනවා කියල. ඊට අමතරව මේ බව නිතරම රූපවාහිනියෙන් පෙන්වන්න ඕන මේ අය අද දුම්බීල පොලිසියෙන් අල්ලලා නීති මාර්ගයෙන් ක්‍රියා කරනවා කියල.
දැන් ඕකටත් වැඩ වර්ජනයක් කරයි ද දන්නේ නැහැ...
මෙයාලා කියන්නේ මේ මිල අඩු කරන්න කියලද දන්නේ නැ.
අපෝ නෑ මහත්තයා..., කලින් 5ක්ම බීපු මම අද බොන්නේ දෙකයි... දැන් මටත් දුම්වැටි පාලනය කරගෙන කවදා හරි නවත්වන්න පුළුවන්...
ඇයි දැන් එතකොට දුම්වැටි අලෙවිය අඩු වෙලා කියලා ඒ සමාගම් කිව්වේ නැත්තේ?
අද දුම්වැටි වෙළඳාම හොඳටම අඩුයි. පාර තොටේ වත් දුම්බොන අය දකින්නට නැත.
ගත වෙච්ච අවුරුදු දෙකට සාර්ථක වෙච්ච දෙයක් තියෙනවද?
දුම් වැටිවලට වඩා ඔය බටහිර ඖෂධ මාෆියාව, වෛද්‍ය මාෆියාව මිනිස්සු මරනවා. ඉස්සර අවුරුදු 120 ක් ජීවත් වුණ මිනිස්සු දැන් ඉන්නේ 50ක් 60ක් විතරයි. සැත්කම් කරනවයි කියලා කිසිඳු වගකීමක් නැතිව අනවශ්‍ය දේත් කපනවා. මම කියන්නෙ ඉස්කෝලේ හෝඩියේ ඉඳලම වෛද්‍ය අධ්‍යාපනය දෙන්න ඕන. ටියුෂන් දාලා හරි උගන්නන්න ඕනේ... ඒ මිනිස්සුන්ට බෙහෙත් දෙන්න නෙවේ. ඔය මාෆියාවෙන් ජීවිතය බේර ගන්න.
මේ අයගේ ප්‍රකාශයන් විරුද්ධ පක්ෂ දේශපාලකයන්ගේ කතාවලට සමාන වේ. හැමදාම රජයට විරුද්ධ ප්‍රකාශ !!!